අසාඩ් ශාෆික් සමග සර්ෆාස් අහමඩ් කඩුල්ලේ රැඳී සිටින තෙක් පාකිස්තානයට තරගය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබුණි. © AFP

අසාඩ් ශාෆික් සමග සර්ෆාස් අහමඩ් කඩුල්ලේ රැඳී සිටින තෙක් පාකිස්තානයට තරගය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබුණි. © AFP

ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ ඩුබායි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ නිමාවත් සමගින් අඟහරුවාදා (ඔක්තෝබර් 10දා) පාකිස්තාන නායක සර්ෆාස් අහමඩ් පැවැසුවේ කණ්ඩායම හා කළමනාකරණය කිසිවිටකත් ප්‍රතිවාදීන් සැහැල්ලුවට නොගන්නා බවයි.

අබුඩාබි හි පැවැති ටෙස්ට් තරගය ලකුණු 21කින් පරාජයට පත්වීමෙන් පසුව පාකිස්තානය දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන විට ලකුණු 248කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 68ක ජයක් හිමිකර දෙමිනි.

ඉන්දියාව හා පැවැති තරගාවලිය ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලුවට ගත්තද?
“කිසිම අවස්ථාවක නෑ. අපි තරමක කාලයකින් පසුවයි ටෙස්ට් තරගාවලියක ක්‍රීඩා කළේ. අපි එයට හොඳින් සූදානම් වුණා. අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. ඒකයි පරාජයට පත්වුණේ” යැයි සර්ෆාස් පවසයි. මිස්බා උල් හක් හා යුනිෂ් ඛාන් විශ්‍රාම ගැනීමෙන් පසුව පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම ප්‍රථම වතාවට සර්ෆාස් විසින් මෙහෙයවයි.

ටෙස්ට් තරග දෙකේදීම හොඳම කණ්ඩායම වුණේ ශ්‍රී ලංකාව බව සර්ෆාස් පවසයි. “ මම හිතනවා අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළේ නෑ. අපිට වඩා ශ්‍රී ලංකාව හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළා. අපිට පිතිකරණයේ අඩුවක් තිබුණා. අපි ලොකු ඉනිම් ක්‍රීඩා කළේ නෑ. ඒක අපිට පාඩුවක් වුණා.”

ලකුණු 52/5ක් ලෙස දිස්වූ පාකිස්තාන ඉනිම 198/5ක් දක්වා රැගෙන ඒමෙන් පසුව ලකුණු 317ක ඉලක්කය හඹා යෑම සඳහා සර්ෆාස් හා අසාඩ් පස්වැනි දිනයේත් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

“ අපි හිතාගෙන සිටියේ ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි. අපි වේගය වෙනස් කරමින් ක්‍රීඩා කිරීමට සිටියත් එය සිදුවුණේ නෑ. ඒ නිසා අපි පැරදුණා.” එක් දඟ පන්දු යවන්නෙක් සමග තරගයට පිවිසීම පිළිබඳව ගැටලුවක් නොමැති බව පාකිස්තාන නායකයාගෙන් අදහසයි.

පාකිස්තානය යසීර් ෂා සමග පමණක් තරගයට පිවිසීමෙන් වරදක් කළාද? අපි හිතුවා වේග පන්දු යවන්නන් කඩුලු ගනීවි කියා නමුත් එය සිදුවුණේ නෑ. සර්ෆාස් පවසයි. © Getty Images

පාකිස්තානය යසීර් ෂා සමග පමණක් තරගයට පිවිසීමෙන් වරදක් කළාද? අපි හිතුවා වේග පන්දු යවන්නන් කඩුලු ගනීවි කියා නමුත් එය සිදුවුණේ නෑ. සර්ෆාස් පවසයි. © Getty Images

“ ඔබට කියන්න පුළුවන් අපි මෙහිදී දඟ පන්දු යවන්නන්
දෙදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට තිබුණා කියා. නමුත් අපිට තිබුණේ පිතිකරණයේ ගැටලුවක්. ඔවුන් ලකුණු 400 සීමාවට ආවත් අපිට ඒ සීමාවට යන්න බැරිවුණා”

“ අපි මෙහිදි දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමග ක්‍රීඩා කළානම් තරගය දිනන්න තිබුණා කියා ඔබට පවසන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ අපේ වේග පන්දු යැවීමේ අංශයට මේ වන විට හොඳ පළපුරුද්දක් තිබෙනවා. අපිට හසන් අලී, මොහොමඩ් අමීර් සිටියා . අපි බලාපොරොත්තු වුණේ ඔවුන් හොඳින් කරාවි කියා. නමුත් අපි කඩුලු ගත්තේ නෑ. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා. අපි ඒ සඳහා ඔවුන්ට ගෞරවය දිය යුතුයි. ඔවුන් නියමිත ස්ථානයට පන්දු යොමුකළා. ඒ වගේම නියම අවස්ථාවේදී ඔවුන් කඩුලු දවා ගත්තා. පන්දු යැවීමට වඩා මම වෙනස දකින්නේ පිතකරණයේයි.”

පාකිස්තානයට වමත් දඟ පන්දු යවන්නෙකු වෙන මොහොමඩ් අස්ගාර් සිටියි. එමෙන්ම පා දග පන්දු යවන බිලාල් අසීෆ්ද සංචිතයේ සිටියේය. නමුත් පුදුයමට කරුණ නම් පාකිස්තාන කළමනාකරණය ඔවුන්ට කුසලතා වලින් අඩුවක් පවතින බව ප්‍රකාශ කිරීමයි.

නායකයෙකු ලෙස සෆ්රාස් ක්‍රීඩා කළ පළමු තරගාවලිය මෙය බැවින් එහිදී ඉගෙන ගැනීමට කරුණු තිබූ බව සර්ෆාස්ගේ අදහසයි. “ මට ගොඩක් දේවල් ඉගෙන ගැනීමට ලැබුණා. අපි මේ තරගාවලියේදී ගොඩක් වැරදි කළා. මේ නායකයෙකු ලෙස මගේ පළමු තරගාවලිය. ඒක තරමක් අමාරුයි. ටෙස්ට් තරගවල නායකත්වය වෙනස්. එය සැසියෙන් සැසිය වෙනස් වෙනවා”

“ටෙස්ට් තරගයක කාසියේ වාසිය වැදගත්. විශේෂයෙන්ම ආසියාවේදී. අපිට එය ජයග්‍රහණය කරන්න බැරිවුණා. අපිට පිතිකරණයේ අඩුවක් තිබෙනවා. අපි කිසිඳු ආකාරයක දිගු ඉනිමක් ක්‍රීඩා කළේ නෑ. අපි හොඳ ආරම්භයක් ලබාගත්තේ නෑ. අසාර් අලී ක්‍රීඩා කළා වගේ තවත් ඉනිමක් පළමු ඉනිමේදී අපි ක්‍රීඩා කළා නම් වෙනසක් වෙන්න ඉඩ තිබුණා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊළඟට කුමන තරගාවලියක් ආවත් මම ඉගෙන ගත් දේවල් භාවිත කරනවා.”