The bulwarks of the Indian batting having bid adieu, India had to rebuild and consolidate around Virat Kohli, Cheteshwar Pujara and Ajinkya Rahane in the main.

කෝලිගේ කණ්ඩායම රට තුළදී විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමේ කලාවකට පිවිස තිබේ. ඒ හරහා ඔවුන්ට එය විදේශකයදී කළ හැකි බවටත් තමක් දුරට ඔප්පු වී තිබේ. © Getty Images

එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී එනම් අගෝස්තු 04 දා ඉන්දීය කණ්ඩායම ලකුණු 600 සීමාව ඉක්ම යන විට ඔවුන් අවසන්වරට එක්වූ ටෙස්ට් තරග 9 දී අවස්ථා 6කදී ලකුණු 600 සීමාව පසුකර යෑමට සමත්විය. පසුගිය වසර පහක කාලය තුළ මෙය සළකා බලන විට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දීය කණ්ඩායම එංගලන්තයට එරෙහිව ලකුණු 631ක් රැස්කිරීම වසර පහකට පසුව ලකුණු 600 සීමාව පසුකළ පළමු අවස්ථාව විය.

2011 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දීය කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව ඊඩ්න් ගාඩ්න් පිටියේදී ලකුණු 631/7ක් රැස්කර ඉනිම අත්හිටුවීය. එහිදී ඉන්දීය නායක විරාත් කෝලි සිය තෙවැනි ද්විත්ව ශතකය රැස්කිරීමට සමත්විය. එතැන් පටන් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 47කට ක්‍රීඩා කර තිබේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලදේශය හා ශ්‍රී ලංකාවට එරෙහිව එම තරග පැවැත්වුණි.

මේ හරියට රාහුල් ඩ්‍රාවිඩ්, සචින් තෙන්ඩුල්කාර් හා වී.වී.එස්. ලක්ෂ්මන් ක්‍රීඩා කළ කාලසීමාව මෙනි. ඩ්‍රාවිඩ් හා ලක්ෂ්මන් 2012 වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් තරගයට ක්‍රිඩා කර නොමැත.සචින් සිය අවසන් ටෙස්ට් තරගයට 2013 වසරේ නොවැම්බර් මාසයේදී එක්විය. එම තරගයට පෙරාතුව වසර වසර දෙක හමාරක පමණ කාලයක් සචින් ශතකයක් රැස්කර නොතිබුණි. ඉන්දීය කණ්ඩායම් පිතිකරණ අංශයේ ආරක්ෂකයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔවුන්ට විරාත් කෝලි සමග නැවත ගොඩනැගීමට සිදුවිය. චෙටෙස්වාර් පුජාරා හා අජින්කේ රහානේ ඒ අතරින් ප්‍රධානය.

වත්මන් තරුණ කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ලකුණු 400 හා 500 සීමාව පසු කළත් ඔවුන්ට ලකුණු 600 සීමාව පසුකර යෑමට තවත් ඉවසීමට සිදුවිය. නමුත් එංගලන්තට කණ්ඩායමට එරෙහිව ලකුණු 600ක් රැස්කිරීමෙන් පසුව එය විවෘත විය.

ඒ ඉන්දීය කණ්ඩායම වසර 5කට පසුව ටෙස්ට් තරගයක ලකුණු 600 සීමාව පසුකර ගිය අවස්ථාව විය. ඒ හරහා නැගී එන ක්‍රීඩකයන්ගේ පිතිකරණය ස්ථාවර විය. ඒ තරුණ කණ්ඩායම දැන් පරිණත වී අවසන්ය. ඔවුන් දැන් ටෙස්ට් තරග යන්නේ කුමක්දැයි දනී. ඔවුන් ඉනිම් සාර්ථකව ගෙඩනංවයි. ඉන්දියාව අවසන් වසර දෙකේදී පිතිකරුවන් පහක් සමග ක්‍රීඩා කිරිමේ වාසිය එය විය. ඔවුන් දැන් ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ඉන්දියාවේ සාර්ථකත්වය මැද පෙළ හා පසුපෙළට විහිදී ගොස් ඇත. පසුපෙළ ක්‍රීඩා කරන අශ්වින්,ජඩේජා හා රිද්දිමාන් සහා තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මෙන්ම කඩුලු රකින්නන් වශයෙන් සාර්ථක වී තිබේ. කඩුලුරකින් ක්‍රීඩක රිද්දිමාන් සහා පමණක් අවසන් ටෙස්ට් තරග හතේදී ශතක දෙකක් රැස්ක රති බේ. එසේම මෙම ක්‍රීඩකයන් ඉතාමත් ඉක්මනින් ලකුණු රැස්කරනෝ වෙති. ඉන්දියාව නැවතත් ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව ඇත්තේ ඔවුන් තුළ තරග ජයග්‍රහණය කිරීමට මෙන්ම ධනාත්මකව ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.පසුගිය වසරේදී කොදෙව්හිදී පැවැති ටෙස්ට් තරගාවලියේ 2-0ක ජයක් සමගින් පැමිණි ඉන්දීය කණ්ඩායම ඉන්සුව ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 15දී තරග 12ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පවත්ව ඇත.

එංගලන්තයට එරෙහිව 631 හා 759/7ක් ලෙස ඉනිම අත්හිටුවීමත්, බංග්ලාදේශයට එරෙහිවව 687/6ක් ලෙස ඉනිම අත්හිටුවීමත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව 603/9ක් ලෙස අත්හිටුමීවත්, ශ්‍රී ලංකාවට එරෙහිව 600ක් 622/9ක් ලෙස ඉනිම අත්හිටුවීමත් ඔවුන් වාර්තා කර ඇතතේ ඉන්දියාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ගාල්ලේ හා කොළඹදීය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට සත්‍ය වශයෙන්ම මුහුණදීමට සිදුවන පරීක්ෂණය ඉදිරි වසර දෙක තුළදී පැවැත්වෙයි. ඉන්දියාවට ඉදිරියේදී දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාවේ තරග සංචාර පවතී. මෙම අංක නැවත නැවතත් පිතිකරණයේදී එළියට ඒ දැයි යන්න එහිදී දැක ගැනීමට හැකි වෙනු ඇත. ඉන්දියාව දැන් විශාල ලකුණු රැස්කිරීමේ කළාවට පිවිසි තිබේ. ඉන්දියාව මෙය ඉන්දියාව තුළ සිදුකරයි නම් ඔවුන් එය ඉන්දියාවටත් පිටදී සිදුකිරීමට අවස්ථාව තිබේ.

ඉන්දියාව ලබන වසර මුලදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරය ආරම්භ කරන විට පුජාරා හා මුරලි විජේ සිය 60 වැනි ටෙස්ට් තරග කරා පිවිසෙයි. පුජාරා හා මුරලි මේ වන විට සිය ටෙස්ට් දිවියේ 50 වැනි ටෙස්ට් තරග ක්‍රිඩා කරමින් සිටින අතර රහානේ සිය 40 වැනි ටෙස්ට් තරගයට ආසන්න වෙමින් සිටියි. ඊට අමතරව ශිකර් දවාන්, රෝහිත් ශර්මා මෙන්ම ලෝකේෂ් රාහුල්ද සිය ටෙස්ට් තරග ප්‍රමාණය වැඩි කර ගැනිමේ අපෙක්ෂාවෙන් සිටියි. ඒ අනුව දකුණු අප්‍රිකාවේ වර්නන් පිලැන්ඩර්, කාගිසෝ රබාඩා හා මෝනි මෝකල් යන ක්‍රීඩකයන්ට මුහුණදීමට තරම් අවශ්‍ය පලපුරුද්දක් ඉන්දීය කණ්ඩායමට ලැබෙනු ඇත.

ඉන්දියාවට රටින් පිටතදී ටෙස්ට් තරග ජයග්‍රහණය කිරිමට නෙහැකිවී ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්දීය පිතිකරුවන් සිය පන්දුයවන්නට ප්‍රතිවාදීන්ට තරගයක් ලබාදීමට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් රැස්කිරීම නොහැකිවීම හේතුවෙනි. ඉන්දියාව විදේශයකදී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කරන්නේ කවදාද එහිදී ඉන්දීය කණ්ඩායමට තරග ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදාවෙනු ඇත.

ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේදී තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබේ. එම තරගය පල්ලෙකැලේ පිටියේදී 12 දා ආරම්භවීට නියමිතය. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් ඉන්දියාවේදී ඉන්දීය කණ්ඩායම හා තරග වැදීමට නියමිතය. ඒ නොවැම්බර් හා දෙසැම්බර් කාලසීමාවේදීය. ඒ අනුව පසුගිය තරග කිහිපයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු රැස්ක ආකාරය ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඉන්දියාවට සිදුවෙනු ඇත. ඉන්දියාව දකුණු අප්‍රිකාවට යෑමේදී ඔවුන්ට පවතින පළපුරුද්ද හා ඔවුන්ගේ දැනීම මත ඉහළ ලකුණු සංඛ්‍යාවකට යෑමට අවස්ථාව ලැබෙනු ඇත.

ඉන්දීය කණ්ඩායම පසුගිය වර ලකුණු 600 සීමාව ඉක්මවූ අවස්ථා හයේදී අවස්ථා තුනකදීම එම සීමාව පසුකර ඇත්තේ දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන විටය. ඒ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 400ක් රැස්කර තිබූ අවස්ථාවන්හිදීය. ඉන්දීය කණ්ඩායමට මෙය සිදුකිරීමට පසුගිය වසර කිහිපය පුරාම ඔවුන්ගේ පිතිකරණ අංශය සාර්ථකවීම ප්‍රධාන කරුණකි. ඉදිරියේදී නරක දවස්වලට වඩා ගොඩක් හොඳ දවස් පැමිණෙනු ඇත. පසුගිය වසරේදී ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ තරග සංචාරයේදී ටෙස්ට් තරග හතර තුළදීම ඉන්දීය කණ්ඩායම ඒකාබද්ධව ලකුණු 400 සීමාව පසුකර ගියේය. ඉන්දියා ඉදිරියේදී පළපුරුදු කණ්ඩායමක් මෙන්ම පිතිකරණයක් ඉදිරියේදීත් අත්පත්කර ගැනීමට නියමිතය. ඒ ඊළඟ අවස්ථාවේසී තවත් ශ්‍රේෂ්ඨත්වයක් වෙනුවෙනි.