“ක්‍රීඩකයෙකුගේ වැඩ කොටස කළමණකරණය කිරීම වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ වගේ දවස්වල. මෙකද එක් තරගාවලියක් අවසන් වූ වහාම තවත් තරගාවලියක් ආරම්භ වෙනව” යැයි ශ්‍රී ලංකා නායක චන්දිමාල් පවසයි. © AFP

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට සිටින වටිනාම සම්පත රංගන හේරත්ය. වමතින් දග පන්දු යවන්නෙකු වන රංගන මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග වල කඩුලු 400 සීමාවට පැමිණ තිබේ. නමුත් 39 හැවැරිද වියෙ පසුවන රංගන හේරත් මේ වන විට සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපයට ක්‍රීඩා කරමින් සිටියි. ඔහු ශ්‍රී ලංකාවේ පිටි තුළදී දක්ෂතා දක්වන අතරම තමන්ට අවම සහායක් දක්වන පිටියක පවා රංගන සිය කාර්යය උපරිමයෙන් ඉටුකරයි.

39 වැන වියෙ පසුවන රංගනගේ කාර්යය කළමණාකරණය කිරිමට පව ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටින්නේ එළැඹෙන පාකිස්තන හා ඉන්දීය තරගාවලි වෙනුවෙනි. මෙම තරගාවලි දෙකම දග පන්දු යවන්නන්ට සහායක් දක්වන විකට්ටු තුළ පැවැත්වෙන හෙයින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණියට හේරත් නායකත්වය ලබාදෙනු ඇත. හේරත් අවසන් වරට සහභාගිවී ඇති ටෙස්ට් තරග තුනේදී යොමුකර ඇති පන්දුවාර සංඛ්‍යාව 160කි.ඒ අනුව අවසන් ටෙස්ට් තරගයේදි හේරත්ව විශ්‍රාම ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

මීට පෙර විස්ඩන් ඉන්දිය වෙබ් මීට පෙර අදහස් දක්වමින් සඳහන් කළේ තමන් තවමත් තරුණ මෙන්ම හොඳ ශරීරික යෝග්‍යතාවයකින් සිටින බවට සිතන බවයි. එසේම තවමත් විශ්‍රාම ගැනිම පිළිබඳව අවසන් තිරණයක් ගෙන නෙමැති බවත් ඔහු පැවැසීය. තරගාවලියේ අවසන් තීරණය ලැබි ඇති අවස්ථවක රංගන හේරත් විශ්‍රාම ගැනිමට කටයුතු කර ඇත්තේ අනගත තරගාවලි පිළිබව අවධානය යොමුකරමිනි.

“ක්‍රීඩකයෙකුගේ වැඩ කොටස කළමණකරණය කිරීම වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ වගේ දවස්වල. මෙකද එක් තරගාවලියක් අවසන් වූ වහාම තවත් තරගාවලියක් ආරම්භ වෙනව. ඔබ රංගන අයියා දිහා බලන්න ඔහු දැන් අවුරුදු 40ට ආසන්නයි. ”

“කණ්ඩායම් කළමනාකරණය දැන් කරමින් ඉන්නේ සම්පත් කළමණාකරණය කිරිමයි. ඒකයි අපි රංගන මේ තරගයේදී විවේක ගැන්වූයේ.අනාගතයේදීත් අපි මේක කරන්න ඕන.” යැයි චන්දිමාල් සඳහන කරයි. ක්‍රීඩකයන් දරා ගත නෙහැකි ආකාරයක ක්‍රීඩා කරයි නම් එය ඔවුන් ආබාධයන්ට ලක්විමටත් හේතුවක් වන ඇත.

© Getty Images

එංලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ජඩේජා හා අශ්වින් විශ්‍රාම ගැන්විමට ඉන්දියාව කටයුතු කළේ ඔස්ට්‍රේලියවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමටය. © Getty Images

නමුත් ඉන්දියාව සිටින්නේ මේ දැක්මට වඩා හාත් පසින්ම වෙනස් වූ දැක්මකය. ඉන්දියාවට දක්ෂ ක්‍රීඩකයන්ගේ අඩුවක් නොමැත. එසේම ඕනෑම අවස්ථාවකදී ඉදිරියට පැමිණීමට අපේක්ෂා කරන ක්‍රීඩකයන්ද වෙයි. ඕනෑම ස්ථනයකට විකල්ප දෙක තුනක් තිබේ. ඉන්දියාව බෙහෝ විට අපෙක්ෂා කරන්නේ එකම කණ්ඩායමක් අඛණ්ඩව ක්‍රීඩා කරවීමටය.

ඉන්දියාව පවසන්නේ වැඩ කළමණකරණය කිරිම අවශ්‍ය වුවත් ක්‍රීඩකයන් විවේක ගන්වා ඔවුන්ව බංකුවට නෙයැවිය යුතුය යන්න ඉන්දියාවේ දැක්මයි. උදාහරණයක් ලෙස ඉන්දීය කණ්ඩායම පසුගිය ටෙස්ට් තරග 13ට ක්‍රීඩා කරන විට වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් එක් තරගයකට හැර සෙසු තරග සියල්ලටම ක්‍රීඩා කළේය. එසේම ඔහු ශ්‍රී ලංකාව හා පැවැති පළමු තරග දෙකටද ක්‍රීඩා කළේය. එසේ වුවා කිය ඔහු තෙවැනි ටෙස්ට් තරගයේදී විශ්‍රාම ගැන්වීමට ඉන්දියව කටයුතු නොකරනු ඇත. එම තරගයේදී ඔහුට කණඩායමේ ස්ථනය අහිමිවූවනම් එසේ වන්නේ ඔහුගේ දක්ෂතා නිසියාකාරව නෙමැති වීම හේතුවෙනි.

නමුත් එක්දින තරගවලදි ක්‍රීඩකයන්ගේ කාර්යය කළමණාකරණය කිරීමට ඉන්දියාව කටයුතු කරයි. ඔවුන් කාලයෙන් කාලයට ප්‍රධාන ක්‍රීඩකයන් විවේක ගන්නවයි. එංලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ජඩේජා හා අශ්වින් විශ්‍රාම ගැන්විමට ඉන්දියාව කටයුතු කළේ ඔස්ට්‍රේලියවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමටය.

“ස්ථාවරව ක්‍රිකට් ක්‍රීඩා කිරීම පිළිබඳව අප තේරුම් ගන්න ඕන. ක්‍රීඩකයන් අඛණ්ඩව ක්‍රීඩා කිරිම වැදගත්. හෙඳින් දක්ෂත දක්වන ක්‍රීඩකයන්ට වැඩි වශයෙන් තරග් ලබාදිය යුතුයි.අපිට අඛණ්ඩතාව ඉතාමත් වැදගත්. අපි පුළුවන තරම් උත්සාහ කරන්නේ අවසන් තරගයට ක්‍රීඩ කළ කණ්ඩායමම අනෙක් තරගයටත් ගෙන ඒමටයි. විශේෂයෙන්ම ටෙස්ට් තරගවලදී. මොකද අපි අනවශ්‍ය දේවල් කර තරගය පරාජය වෙන්න ඕන න”

“ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලංකාව බිහිකල හොඳම පිතිකරුවෙක්” යැයි අරවින්ද පිළිබඳව අදහස් දක්වමින් චන්දිමා් පැවැසීය. © Getty Images

“ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලංකාව බිහිකල හොඳම පිතිකරුවෙක්” යැයි අරවින්ද පිළිබඳව අදහස් දක්වමින් චන්දිමා් පැවැසීය. © Getty Images

ඉන්දියාව මේ වන විට සාර්ථක වුවද ශ්‍රී ලංකාව සිටින්නේ ගැටලුවකය එයින් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංක කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම එහි අවසන් තරගයේ වීරයාද වූ අරවින්ද ද සිල්වාද එක්ව සිටියි.

එස්.එස්.සි. පිටියේ පැවැති තරගයේ පරාජයෙන් පසුව අරවින්ද ද සිල්වා කණ්ඩායමට ගෙනවිත් ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණු කරුවන්ගේ මනස ස්ථාවර කිරීමට කටයුතු කළේ වත්මන් ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම 96 ලෝක කුසලාන කණ්ඩායමේ ශ්‍රී ලංක කණ්ඩායම නියෝජනය කළ අසංක ගුරුසිංය. පළමු ටෙස්ට් තරග දෙකේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩයමට විවිධ වූ විවේචන එල්ල වූ අතර සමාජ මාධ්‍ය ඒ අතරින් ප්‍රභ විය.

කණ්ඩායමේ වත්මන් තත්ත්වය හොඳින් වටහා ගත් අරවින්ද ක්‍රීඩකයන්ව මැනිවින් හඳුනාගෙන ඔවුන් මාර්ගෝපදේශ ලබදෙන්නට විය. මේ පිළිබඳව අදහස් දැක්වූ චන්දිමාල් පැවැසුවේ කණ්ඩායම ඔහුගේ වචන හදවතටම ගත් බවයි.

“ ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලංකාව බිහිකල හොඳම පිතිකරුවෙක්. අපි ඔහුත් සමග කතා කළා. ඒ හරහා ක්‍රීඩකයන්ගේ විශ්වාසය වර්ධනය වුණා. මම හිතනවා ඒ උපදෙස් ක්‍රීඩකයන් පිළිපැද දක්ෂතා දක්වාවි කියලා. අපේ ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා එහිදී සකච්ඡ කළා.ධනාත්මක දේවල් ගොඩක් සිදුවුණා. සාකච්ඡාවෙන් පසුව හැම ක්‍රීඩකයෙකුගේම මානසික මට්ටම උසස් වී තිබුණේ.”

ශ්‍රී ලංකව පසුගිය මාස කිහිපයේදී තරමක ගැටලුවකට මුහුණ පා ඇත. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායියම සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්විය. ටෙස්ට් තරගය ජයගත්තේ අපහසුවෙනි. හේරත් පල්ලෙකැලේ තරගයට නොමැත. නමුත් අරවින්ද පැමිණ කණ්ඩායමේ මනස සකස කර ඇත.