ඔවුන් ක්‍රීඩා කරන ආකාරය ආශ්වාදජනකයි, ඔවුන් හොඳ ක්‍රිකට් පහරවල් එල්ල කරනවා © BCCI

ඔවුන් ක්‍රීඩා කරන ආකාරය ආශ්වාදජනකයි, ඔවුන් හොඳ ක්‍රිකට් පහරවල් එල්ල කරනවා © BCCI

ඔහු හඳුන්වන්නේ පිස්සු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු ක්‍රිකට් පන්දුව කොතරම් වේගයකින් පිටිය කරා යොමුකරයිද ඒ තරම්ව වේගවත් මෝටර් රථ සඳහා ඔහු කැමැත්තක් දක්වයි. නමුත් අරවින්ද ද සිල්වා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාර්ථක පිතිකරුවෙකි. 1996 වසරේ ලෝක කුසලාන තරගාවලයේ අර්ධ අවසන්  මහ තරගයේදි ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ලකුණු 66ක් මෙන්ම අවසන් මහ තරගයේදී ඔහු නොදැවී ශතකයක් වාර්තා කිරිමට සමත්විය.

2003 වසරේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු විවිධ වූ අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළේය. ක්‍රිකට් කමිටු ප්‍රධානි, තේරීම් කමටු සභාපති වශයෙන්ද කටයුතු කළ අරවින්ද පසුව එම තනතුරුවලන් ඉල්ලා අස්වූයේ තිරයෙන් පසුපස වෙන අසම්මත කරුණු හේතුවෙනි.

ඔහුගේ පිතිකරණය ගැන ඔබට කතා කිරීමට බොහෝ කරුණු තිබේ. එසේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැනුමේ භාණ්ඩාගාරයක් ලෙසින්ද හැඳින්විය හැකිය. එම  දැනුම ඔහු තවත් පාර්ශ්වයක් හා බෙදා ගැනීමටද සූදානම්ය. ඔහු ක්‍රිකට් අනුගමයන කරන්නේ උපන් ආසාවෙන්ය.

අරවින්ද කෝලි පිළිබඳව:
ඔහු කිසිම දෙයකට දුර්වලයි කියා මම හිතන්නේ නෑ. ඔහු කෙටි පන්දුවට අවස්ථා දෙක තුනකදී දැවී යනවා. ඔහු සැම අතකින්ම දක්ෂ ක්‍රීඩකයෙක් ඔහු පිටඉන්නෙන් ක්‍රීඩා කරන විට තරමක දුර්වලතාවක් පෙන්වනවා. නමුත් මම හිතනවා ඔහු එම අඩුවත් සකසා ගනීවි කියලා.

විරාත් කෝලි අරවින්දගේ කැමති ප්‍රධාන ක්‍රීඩකයෙකි. කෝලි පමණක් නෙව ඩිවිලියර්ස්ටද අරවින්ද කැමතිය. “ විරාත් කෝලි හා ඩිවිලියරස් තරග කරනවා බලන්න මම මුදල් වියදම් කරගෙන යනවා. වර්තමානයේ සිටන හොඳම ක්‍රීඩකයන් දෙදෙනා තමයි ඔවුන්” යැයි 51 හැවැරිදි වියේ පසුවන අරවින්ද සඳහන් කරයි.

“ ඔවුන් ක්‍රීකට් ක්‍රීඩා කරන ආකාරය ආශ්වාදනීයයි. ඔවුන් හොඳ ක්‍රිකට් පහරවල් එල්ල කරනවා. ඔවුන් විශාල විශ්වාසයකින් පිතිකරණයේ යෙදෙනවා. දඟ පන්දුව හෝ වේග පන්දුව වේවා ඕනෑම දෙයකට ඔවුන් ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් අඛණ්ඩව දක්ෂතා දක්වනවා. ස්ටීවන් ස්මිත්, කේන් විලයම්සන්, ජෝ රූට් හොඳින් ක්‍රීඩා කරනවා. මට නම් මේ හැම කෙනෙක්ටම වඩා කෝලිට හා ඩිවිලියර්ස්ට විශේෂත්වයක් තිබෙනවා.”

කෝලි ක්‍රිකට් පිටියේදී කෙටි පන්දුවට තරමක දුර්වලතාවක් පෙන්වන බවට කරුණක් පවතී. “ඔහු කිසිම දෙයකට දුර්වලයි කියා මම හිතන්නේ නෑ. ඔහු කෙටි පන්දුවට අවස්ථා දෙක තුනකදී දැවී යන්න් පුළුවන්.  ඔහු සැම අතකින්ම දක්ෂ ක්‍රීඩකයෙක් ඔහු පිට ඉන්නෙන් ක්‍රීඩා කරන විට තරමක දුර්වලතාවක් පෙන්වනවා. නමුත් මම හිතනවා ඔහු එම අඩුවත් සකසා ගනීවි කියලා. 2014 වසරේ එංගලන්ත තරගාවලියෙන් පසුව ඔහුගේ පිතකරණය මම නැරඹුවා. ඔහුගේ කවර් ඩ්‍රයිව් පහර දැන් වර්ධනය වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් පන්දු යවන්නන් ඔබගේ දුර්වල තැන් වලට පන්දු යවනවා. ඒ අනුව ඔබ එවැනි අංශ දියුණු කරීමට කටයුතු කරනවා. ගංගුල ඒ සඳහා හොඳම උදාහරණයයි. ඔහු පිට ඉන්නේ දක්ෂ ලෙස ක්‍රීඩා කළා. පසුව පන්දු යවන්නන් කළේ ඔහුට සෘජුව පන්දුව යොමු කිරීමයි. ඉන් තවත් ඔහු ශක්තිමත් වුණා. මේ තමයි මහන්සි වී වැඩ කරන දක්ෂතා ඉහළ නංවාගත් ක්‍රීඩකයන්. ”

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන හේතු ලෙස එවකට පැහැති සුවිශේෂ සහායක කණ්ඩායම හා ක්‍රීඩකයන් සාර්ථකත්වය උපකාරි වූ බව අරවින්ද සඳහන් කරයි © Getty Images

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන හේතු ලෙස එවකට පැහැති සුවිශේෂ සහායක කණ්ඩායම හා ක්‍රීඩකයන් සාර්ථකත්වය උපකාරි වූ බව අරවින්ද සඳහන් කරයි © Getty Images

ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් සම්පත් නොමැති වූ අවස්ථාවක ක්‍රීඩකයන් මහන්සිවෙන් වැඩ කර ඉදිරියට පැමිණි බව අරවින්ද පවසයි. “මගේ ප්‍රවිශ්ඨය සරළයි. මම මගේ පිතිකරණය ආක්‍රමණශීලීයි කියා හිනවානම් මම අසාර්ථකවීම් ගැන කනගාටුවෙන්නේ නෑ. ඒ වගේම විවේචන ගැනත් කනගාටු නොවෙන්න තීරණය කළා. අතපසුවීම් තුළින් ඉගෙන ගන්නවා. ඒ තමයි ඔබ තනිපුද්ගලයෙකු ලෙස සාර්ථක වෙන අයුරු”

“ අපිට ලෝකයේ හැම රටකින්ම වගේ හොඳ පුහුණුකරුවන් සිටියා. පිටර් පිල්පොට්, ඩැරල් ෆොස්ටර්. නමුත් අපට වේග පන්දු යවන්න් හිටයේ නෑ. නමුත් අපි කළ ව්‍යායම් ඒ සඳහා වැදගත් වුණා. අපි ගෘහස්ත ක්‍රීඩාංගණවලට ගොස් පැයට කිලෝමීට් 100ක වේගයෙන් පන්දු යවන මැෂින් වලින් පන්දුවට පහරදෙන්න කටයුතු කළා. මම හැම ආකාරයකම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබෙනවා.ඔබගේ ඇස් හා ප්‍රතික්‍රියා වේගයට පුහුණුවිය යුතුයි. පුහුණුකරුවන් සිමෙන්ති සහිත විකට්ටු තුළ තෙත ටෙනිස් පන්දුවෙන් පන්දු යැව්වා. ඒ වගේ දෙවල් තමයි අපි කළේ. ඒ හරහා අපි විනෝද වුණා. අපි තරගාවලියකට විදේශය ගියාම මෙවැනි දේ හෝටලයේ කොරිඩෝවේ පවා සිදුකළා. නමුත් දැන් ඒ වගේ දේවල් කරන් අවශ්‍ය නෑ. මොකද ඔබට ඕනෑම් පන්දු යවන්නෙකුට මුහුණදීමට වැඩි අවස්ථා තිබනෙවා.”

මගේ ප්‍රවිශ්ඨය සරළයි. මම මගේ පිතිකරණය ආක්‍රමණශීලීයි කියා හිනවානම් මම අසාර්ථකවීම් ගැන කනගාටුවෙන්නේ නෑ. ඒ වගේම විවේචන ගැනත් කනගාටු නොවෙන්න තීරණය කළා. අතපසුවීම් තුළින් ඉගෙන ගන්නවා. ඒ තමයි ඔබ තනිපුද්ගලයෙකු ලෙස සාර්ථක වෙන අයුරු

අර්ජුන රණතුංග බොහෝ විට පවසන කරුණක් වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා අරවින්ද සතුටින් තිබීම ඉවහල් වූ බවයි.

“ මම තවමත් සතුටින් ඉන්නේ” ඔහු සිනහ වෙයි. “අර්ජුන මාව සතුටෙන් තැබුවා කියා හිතන්නේ නෑ. ඒක සාමූහික ප්‍රයත්නයක්. මිනිස්සු කියනවා සනත් ජයසූරිය හා අරවින්ද ලෝක කුසලානයක් දිනුවා කියලා. නමුත් එය විකාරයක්. ඒක සාමූහික ප්‍රයත්නයක්. එක් අවස්ථාවක් තමයි අර්ධ අවසන් පූර්ව තරගයේදී පන්දුවාර දෙකකට පමණක් පන්දු රකින්න අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි උපුල් චන්දන ග්‍රැහැම් හික් හා ඇලෙක් ස්ටුවර්ට් දුව්ද්දී දැවී යාමකට හසුකර ගැනීම. ඒ හරහා තරගය වෙනස් වුණා. ”

“ කුමාර් ධර්මසෙන, රොෂාන් මහානාම කණ්ඩායමට දායකත්වය දුන්නා. මට පසුව අර්ජුන, රොෂාන් හා හෂාන් ඉන්නවා කියන්නේ මට විශ්වාසයක් ඇති වෙනවා මගේ සාමාන්‍ය තරග රටාව පවත්වාගෙන යන්න. අවසන් පූර්ව තරගයේදී සචින්ව දවා ගැනිමට කලුවිතාරණ කළ ස්ටම්ප් කිරීම තරගයම වෙනස් වුණා. වාස් මා මුරලි ඇවිත් හොඳට පන්දු යැව්වා. ඒ තමයි ලෝක කුසලානය දිනා ගැනීමේදී වැදගත් වූ පර්ශ්ව. ඩුලිප් මෙන්ඩිස් අපේ කළමනාකරු ඔහු කණ්ඩායමට අවශය වටපිටාව  සකසා දුන්නා.ඩේව් වට්මෝර්, ඇලෙක්ස් කෝවුන්ටරීස් විශිෂ්ඨයි. ඔවුන්ගේ දායකත්වය අමතක කරන්නේ නෑ.”