ඉන්දියාව විදේශයන්හි කරන තරග සංචාර තුළදී ඔවුන්ට තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ආසියාවෙන් පිට විකට්ටුවලදී කඩුලු ලබා ගැනීමයි. නමුත් ජඩේජා එය ඉන්දියාව වෙනුවෙන් කර පෙන්වයි. © Getty Images

ඉන්දියාව විදේශයන්හි කරන තරග සංචාර තුළදී ඔවුන්ට තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ආසියාවෙන් පිට විකට්ටුවලදී කඩුලු ලබා ගැනීමයි. නමුත් ජඩේජා එය ඉන්දියාව වෙනුවෙන් කර පෙන්වයි. © Getty Images

පැණිරස තිත්ත වීමට ජඩේජාට අගෝස්තු 06 දා එස්.එස්.සී. පිටියේදී ගත වූයේ පැයක පමණ කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පිත්තෙන් ලකුණු 70ක් හා පන්දු යැවීමෙන් සිය ටෙස්ට් දිවයේ නව වැනි කඩුලු පහ දවාගත් ජඩේජා දෙවැනි තරගයේදී තරගයේ වීරයා බවට පත්වූයේ තරගාවලියේ ජයග්‍රහණයද ඉන්දීය කණ්ඩායමට ලබාදෙමිනි. නමුත් ඉන් අතතුරුව ඔහු තෙවැනි ටෙස්ට් තරගය තහනම් වූයේ අයි.සී.සි. ආචාරධර්ම පද්ධතිය බිඳ දැමීම හේතුවෙනි.

බොහෝ කාලයක් අශ්වින්ගේ සෙවනැල්ල යටතේ හැඳුණු ජඩේජා පසුව ස්වෝත්සාහයෙන් නැගී සිටියේය. ඒ අනුව මේ වන විට ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ ජඩේජාය. ඔහුගේ වමත් දඟ පන්දුවට නිතැතින්ම ලැබෙන වේගය හේතුවෙන් ප්‍රතිවාදී කඩුලු බිඳ දැමීමේ සුවිශේෂී හැකියාවක් ජඩේජාට තිබේ. එවැනි තත්ත්වයකදී ඔහුට එස්.එස්.සී. පිටියේදී ප්‍රතිවාදීන්ව මාරාන්තිකව මෙල්ල කළ හැකිය.

විරාත් කෝලි ජඩේජාව හඳුන්වන්නේ මාහැඟි සම්පතක් වශයෙනි. පන්දුවෙන් පමණක් නොව පිත්තෙන්ද දක්ෂතා දක්වන ජඩේජා පළමු පෙළ තරගවලදී අවස්ථා තුනකදී ත්‍රිත්ව ශතක රැස්කර තිබේ. පළමු පෙළ තරගවලදී පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහුට දේශීය පිටියෙන් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවස්ථාව  ලැබුණි. අශ්වින්, හර්දික් පාණ්ඩ්‍යා හා රිද්දිමාන් සහා  සමගින් ඉන්දිය පිතිකරු ලැයිස්තුවේ අවසන් භාගයේ ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් සිටියි.  ඒ හරහා නායක කෝලිට සිය පන්දු යවන්නන් හරහා ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමේ අවස්ථාව ජඩේජා ලබාදෙයි.

සවුරස්ත්‍රා ප්‍රදේශයෙන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ජඩේඩා කණ්ඩායමට සිටින ශක්තිමත් එංජිම වන අතර වංගු සහිත ස්ථානයන්හි පවා කණ්ඩායම ඔහු නිසියාකාරව රැගෙන යයි පසුගිය දෙසැම්බර් මාසයේදී ජඩේජා

එංගලන්තයේ ජොනී බෙයාස්ටෝ ලාබදුන් උඩපන්දුව රැකගත් ආකාරය ජඩේජාගේ පන්දු රැකීමේ දක්ෂතාව  පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ. ඒ වන විටත් තරගාවලිය ඉන්දියාව ජයගෙන තිබුණි. අවසන් තරගයේ ප්‍රතිඵලය ජය පරාජයෙන් තොරව අවසන් වෙනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළේය. බෙයාස්ටෝ එල්ල කළ පහර රැක ගැනීමට ඔහු සමත් නොවෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස  කළද එක්වරම අඩි කිහිපයක් ඉහළට පනිමින් ඔහු ලබාගත් උඩපන්දුව පසුගිය වසරේදී ක්‍රිකට් පිටියේදී ක්‍රීඩකයෙකු ලබාගත් සාර්ථකම උඩපන්දුවක් විය. අනෙක් අතින් ඒ හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 4-0ක් ලෙස ජය ගැනීමටත් ඉන්දියාව සමත්විය.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ප්‍රමුඛ දඟ පන්දු යවන්නෙකු වශයෙන් හඳුනාගත හැකි ජඩේජා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය තුළ සුවිශේෂී කඩයිමක්ද පසු කළේය. ඒ ටෙස්ට් කඩුලු 150 සීමාවට වේගයෙන්ම ළඟා වූ වමත් දග පන්දු යන්වන්නා බවට පත්වෙමිනි. වේගය මෙන්ම පන්දුවේ දඟ කැවීමෙන් ජඩේජා පිතිකරුවන් භීතියට පත්කර තිබේ.

 සවුරස්ත්‍රා ප්‍රදේශයෙන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ජඩේඩා කණ්ඩායමට සිටින ශක්තිමත් එංජිම වන අතර වංගු සහිත ස්ථානයන්හි පවා කණ්ඩායම ඔහු නිසියාකාරව රැගෙන යයි. © AFP

සවුරස්ත්‍රා ප්‍රදේශයෙන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ජඩේඩා කණ්ඩායමට සිටින ශක්තිමත් එංජිම වන අතර වංගු සහිත ස්ථානයන්හි පවා කණ්ඩායම ඔහු නිසියාකාරව රැගෙන යයි. © AFP

ඉන්දියාව විදේශයන්හි කරන තරග සංචාර තුළදී ඔවුන්ට තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ආසියාවෙන් පිට විකට්ටුවලදී කඩුලු ලබා ගැනීමයි. නමුත් ජඩේජා එය ඉන්දියාව වෙනුවෙන් කර පෙන්වයි. මේ වන විට එක් තරග තහනකට ලක්ව ඇති ජඩේජා තවත් තහනමකට ආසන්න දුරකින් සිටියි.

එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ජඩේජා දිමුත් කරුණාරත්නට අනතුරුදායක ලෙස පන්දුව වේගයෙන් කඩුලු රකින ක්‍රීඩක සහා වෙතට යොමු කිරීම හේතුවෙන් ජඩේජාට මෙම තරග තහනම පනවා තිබේ. එසේම ඔහු තරග තීරක හමුවේ සිය වරදද පිළිගත්තේය.

ඔහුගේ වැරදහැසිම හේතුවෙන් පල්ලේකැලේ පිටියේදී 12 දා පැවැත්වෙන තරගය අහිමීම හේතුවෙන් එම තරගයේදී ඉන්දීය කණ්ඩායම තරග කරනවා බලා සිටීමට ඔහුට සිදුවෙනු ඇත. මෙහිදී ඉන්දියාව තරගයට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3-0ක ජයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. කණ්ඩායමට අවශ්‍යම වටදී ජඩේජා ලකුණු රැස්කරන අතරම පන්දුවෙන් කඩුලු දවා ගැනියි. ඕනෑම අවස්ථාවකදී තරගයක් වෙනස් කිරීමට ජඩේජාට ඇති හැකියාව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හොඳින්ම දනී. එක් තරගයකට ඔහු ක්‍රීඩා නොකිරීම පිළිබඳව සිය කණ්ඩායමේ සඟයන්ගෙන් බැණුම් ඇසීමට ජඩේජාට සිදුනොවනු ඇත.

නමුත් ජඩේජාට යමක් ඉගෙන ගැනීමට මෙහිදී අවස්ථාවක් ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි. තරගාවලිය දැනටමත් ජයග්‍රහණය කර ඇති අවස්ථාවක ඔහුට එසේ ඉගෙන ගැනීමට ලැබීය ඇතැම්විට හොඳ දෙයකි.

ජඩේජා බොහෝ අවස්ථාවලදී පිටිය තුළ කළහකාරී ලෙස හැසිරෙන ක්‍රීඩකයෙකි. ඔහු හා ඇන්ඩර්සන් එකම වර්ගයේ ක්‍රීඩකයන්ය. පසුගිය ඔක්තෝබර් මාසයේදී විකට්ටුව හරහා ගමන් කිරීම හේතුවෙන් ඔහුට සෘණාත්මක ලකුණු තුනක් එක්විය.

ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස ඉන්දියාව සිය ගුණාත්මකභාවය පවත්වාගෙන යා යුතුය. එය හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළ පමණක් නොවේ.එය ඔවුන් තරගට අවතීර්ණ වෙන ආකාරයෙත් පැතැවිය යුතුය. ප්‍රතිවාදීන්ට ගෞරව කළ යුතුයි.  නීතියට ගරු කළ යුතුය. නිලධාරීන් ගරු කළ යුතුය. මේ තරගවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම මහත්මා ගතියෙන් ක්‍රීඩා කරන අයුරු මේ වසරේ පෙබරවාරි හා මාර්තු මාසයේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව හා පැවැති තරගාවලියේදී සංසන්දය කර විට දැක ගත හැකිවිය. තරග දිනාගැනීමෙන් පමණක් ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් ලෙස ඉන්දියාව පත්නොවෙනු ඇති බව වත්මන් නායක කෝලි හොඳින්ම දන්නා කරුණකි.

“ අපි ක්‍රීඩා කරන විට පිතිකරුවන් දවා ගැනීමට අමාරු අවස්ථා නිර්මාණය කරනවා. ඒ අවස්ථාවේදීම ප්‍රතිවාදීන් හොඳින් පන්දුවට පහරදෙයි නම් ඔබ එය අගය කළ යුතු වෙනවා. මොකද මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. ” ඒ එස්.එස්.සී. පිටියේ පැවැති ටෙස්ට් තරගයේ නිමාවත් සමගින් කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්නගේ සුපිරි ඉනිම අගයමින් කෝලි කළ ප්‍රකාශයයි.

“ප්‍රතිවාදීන් හොඳින් ක්‍රීඩා කරනවානම් ඔබත් කළ යුතත්තේ හොඳින් ක්‍රීඩා කිරීමයි. එයට ශක්තියක් මෙන්ම මහන්සියෙන් වැඩ කරන්න අවශ්‍ය වෙනවා. ඔබ එය අගය කිරීම වැදගත්ම කරුණයි. ඔබ හොඳින් කරන විට අනෙක් පුද්ගලයන් ඔබව අගය කරනවා. අපි හැමවෙලාවෙම ක්‍රීඩකයන්ට කියන්නේ ප්‍රතිවාදීන් හොඳට ක්‍රිඩා කරනවානම් එය අගය කළ යුතුයි. ඒ වගේම අපි එයින් ඉගෙන ගත යුතුයි කියලයි. ”

ශූරයන්ගේ කණ්ඩායමක් ඒ සඳහා ගමන් කළ මාර්ගයෙන් බොහෝ දේවල් අවබෝධ කරගනියි. ඒ ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පාලනය, විවිධ අවස්ථාවලදී තනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් හරහාය. තරගකාරිත්වය හා නොහික්මුණතාවය අතර පවතින ඉර ඉතාමත් සිහින්ය. නමුත් ඔබ එය අතික්‍රමණය කරනවානම් එහිදී නරක ප්‍රතිඵල අත්විදීමට සිදුවෙයි. හරියට දැන් ජඩේජා විදිනවා මෙන්ය.