© Getty Images

වර්තමාන ඉන්දීය කණ්ඩායම හොඳ සමබර කණ්ඩායමක්. ඔවුන් ඉදිරියට යන්නේ නායකයාත් සමග පවතිව විශ්වාසයෙන් – අරවින්ද. © Getty Images

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු මෙන් සුපිරි පිතිකරුවෙක් වෙන අරවින්ද ද සිල්වාට විවිධාකාරයේ  දැකීමක් පවතියි. ඔහු සඳහන් කරන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිණිමටත් ඉගෙනීමටත් අවස්ථාවක් ලබාදී ඇති බවයි.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මුදල් කණ්ඩායම් අතර බෙදා හැරීමේදී සමානව බොදා හැරිය යුතු බවත් සෑම රටකටම සමාන යටිතල පහසුකම් ලබාදිය යුතු බවත් ඔහු පවසයි. ඒ හරහා තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් ඇති බව අරවින්ද සඳහන් කරයි.

1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වීරයෙකු වන අරවින්ද විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් හා සම්බන්ධ වී විවිධ ආකාරයට සිය දායකත්වය ලබාදුන්නේය. එසේම ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි. විස්ඩන් වෙබ් අඩවිය හා පැවැති සාකච්ඡාවේදී ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම තීරණ ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කළේය.

ඔබ වර්තමාන ඉන්දීය කණ්ඩායම දෙස බලන්නේ කොහොමද?

ඔවුන් හොඳ සමබර කණ්ඩායමක්. ඔවුන් ඉදිරියට යන්නේ නායකයා සමග ඇතිකරගත් විශ්වාසයකින්. ඒ වගේ තත්ත්වයක් තමයි සුනිල් ගවස්කාර්, කපිල් දේව් ගේ කාලයේ තිබුණෙ. ඒ නිසා ඔවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව සචින්, දෝනි කණ්ඩායම තවත් අදියරටකට ගෙන ගියා. මේ කණ්ඩායමට මා මුලින් සඳහන් කළ ක්‍රීඩකයන්ගෙන් ලැබුණ ශක්තියක් තිබෙනවා.එක කනගාටු දෙයක් තිබෙනවා. යම්කිසි රටකට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට පත්වීමට අවශ්‍යනම් ඒ සඳහා ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත් විය යුතුයි. මේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් සළකා බැලිය යුතුයි. සම්පත් බෙදා හැරීමේදී සෑම රටකටම සමාන අවස්ථා ලැබිය යුතුයි. පුහුණුකාරිත්වය වර්ධනය කිරීමට ප්‍රමිත අවශ්‍යයි. දැන් ක්‍රීඩාව ව්‍යාපාරයක් හා වාණිජ මට්ටමට දියුණු වී තිබෙනවා. තමන්ට යමක් ලබාගැනීමට දරැවන් මෙන්ම දෙමාපියන් කැපකිරිම් කරනවා. ඒ සඳහා අපි පහසුකම් සැලසිය යුතුයි. අයි.සී.සී. මේ ගැන බලාගත යුතුයි. හරියට ලෝක බැංකුව වගේ ඔවුන් කටයුතු කළ යුතුයි. අයි.සී.සීය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇවිත් ඉදිරිපත් කිරීමක් කළා එහි දැක්ම ප්‍රමාණවත් නෑ. වැදගත් ක්‍රිකට් ආයතනයක් දුටුවොත් අයි.සී.සී.ය ඔවුන්ට උදව් කළ යුතුයි

ඉන්දීය පිතිකරණ අංශය  හා ඔවුන් අඛණ්ඩව දක්ෂතා දැක්වීම ගැන ඔබ මොකද හිතන්නේ?

එය ඔවුන්ගේ විශ්වාසය ඇතිව සිදුවූ දෙයක්. ඒ වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියෙන් ඔවුන්ට ලෝකයේ හොඳම ක්‍රීඩකයන් සමග තරග කිරීමට අවස්ථාව  ලැබුණා. ඉන්දියාවට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඔවුන්ට විශාල ලෙස මුදල් වියදම් කර ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන ඒමේ හැකියාව තිබෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ දෙයක් වගේම ක්‍රීඩකයන්ටත් හොඳ දෙයක්. ඒ වගේම ඔවුන් ලෝකයේ සිටින හොඳම පුහුණකරුවන්ගේ දැනුම අයි.පී.එල්. තරගාවලිය හරහා ඉන්දියාවට ගෙන ආවා. එකම පැකේජයකින් ඔබට හොඳම ක්‍රීඩකයන් මෙන්ම හොඳම දැනුම ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා තරුණ කාලයේදීම ඔබගේ දක්ෂතාව ඉහළ නංවා ගැනිමට අවස්ථාව තිබෙනවා. මේ හැම දෙයක්ම ඉන්දියාවට ලැබී තිබෙන්නේ ඔවුන්ගේ මූල්‍යමය ස්ථාවරත්වය අනුවයි. එවැනි අදහසකින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් අංශයට යොමුකළා. එහි ගෞරවය ඉන්දීය කණ්ඩායමටයි. එංගලන්තය හා ඔස්ට්‍රේලියාවත් මේ දේ කළා මොකද ඔවුන්ටත් මුදල් සොයා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියට පැමිණ මේ හිඩැස පිරවිය යුතුයි කියලා. එය ඉතාමත් විනිවිද භාවයකින් කළ යුතුයි.

“නවක කණ්ඩායමක් ලෙස ඉදිරියට ආවා. අයි.පී.එල්. තරගාවලිය නිසා ඔවුන්ට විශ්වාසයක් ඇතිවුණා. අයි.පී.එල්. හරහා තරුණ ක්‍රීඩකයන්ට දක්ෂ ක්‍රීඩයන්ගෙන් මෙන්ම හොඳම පුහුණුකරුවන්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා” – අරවින්ද. © BCCI

කාලයක් තිබුණා ශ්‍රී ලංකාව දේශීයව පරාජය කළ නොහැකි. නමුත් දැන් එය වෙනස් වෙලා තිබෙවා.මේ සඳහා තරුණ ක්‍රීඩකයන්ගේ දායකත්වය අඩුවීම හෝ හොඳ යාන්ත්‍රණයක් නොමැතිවීම මෙන්ම හොඳ ව්‍යුහයක් නොමැතිවීම හේතුවක් වී තිබෙනවාද?

ඔවුන්ගේ උනන්දුව තිබෙනවා. ඒ ගැන සැකයක් නෑ. අපි තවමත් නැගී සිටීමේ කාලසීමාවක ඉන්නේ. ඒක ඔබට හැමදාම කියන්න බෑ. ඔබ ඉක්මනින්න හෝ පසුව එයට හැඩගැසිය යුතුයි. ඒ කාලයේ වගේ නෙමෙයි මේ කාලයේදී ඔබ දන්නවා කොහෙද වරදින්නේ කියලා. ඔබ එය ඉතාමත් ඉක්මනින්ම නිවැරදි කළ යුතුයි. කෙටිකාලීන හෝ තරගාවලියක් දෙකක් බලාගෙන නෙමෙයි අනාගතය දෙස බලායි මේ තීරණය ගත යුත්තේ. අපි ඔවුන්ව දිගු කාලයක් බලාගත යුතු වෙනවා. නිරන්තරයේ වෙනස් කිරීම හොඳ නෑ.

කණ්ඩායමේ බොහෝ තුවාල සිදුවෙනවා. හැම කණ්ඩායමකම ආබාධ ඇතිවෙනවා. එය ඔවුන් ක්‍රිඩා කරන තරග ප්‍රමාණය බැලුවාම සාමාන්‍ය දෙයක්.ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවොත් අපිට ආබාධ 14-15ක් ඇතිවුණා. ඒ හරහා ප්‍රධාන ක්‍රීඩකයන් තරගවලින් ඈත්වුණා. ඔබ පැහැදිලිව මේ ගැන පැහැදිලිව අවබෝධ කරගෙන අධ්‍යනය කළ යුතුයි. ඒ වගේම ඔබට තවත් සැලැස්මක් තිබිය යුතුයි.දෙවැනි මට්ටමක ක්‍රීඩකයන් සිටිය යුතුයි. ඒ හරහා ඔවුන්ට කණ්ඩායමට එන්න අවශ්‍යතාව තිබිය යුතුයි. ඒ සඳහා ඔබට හොඳ 19න් පහළ කණ්ඩායමක් මෙන්ම හොඳ ඒ කණ්ඩායමක් සිටිය යුතුයි. නමුත් එය දැන් වෙන්නේ නෑ. ඒක සිදුවූ දවසට මේ ගැටලු නිමාවෙයි.

ඔබ ක්‍රිකට් ආයතනය හා වැඩ කර පසුව ඉවත්වුණා..

ඔව් මම ක්‍රිකට් ආයතය හා වැඩ කළා. මම තේරීම් කමිටුවේ සිටියා. ලෝක කුසලානයෙන් පසුව ඉවත්වුණා. තවත් පොඩි කාලයක් පුහුණුකාරිත්ව ගැන  කටයුතු කළා එයිනුත් මීට මාස කිහිපයට පෙර මා ඉවත්වුණා. නමුත් තරුණ ක්‍රීඩකයන්ට උපකාර කරන්න මම ඕනෑම අවස්ථාවකදී ඉන්නවා.

ඔබ ඉවත්වුණේ ඔබට කාලය වෙන්කිරීමට නොහැකිවීම නිසාද?

කාලය එක් සාධයක් පමණයි. නමුත් මම හිතනවා වැඩ කිරීමට හොඳ පරිසරයක් අවශ්‍ය බව. ඒ වගේම ඔවුනුත් ඒ වගෙම අදහසකින් ඉන්නවද කියා සිතන්න ඕන. එය ඔබ වෙනස් පුද්ගලයන් හා කටයුතු කිරීමේදී සිතිය යුතු කරුණක්. ඒ වගේම අපි මොනවද ළගා කර ගැනීමට කටයුතු කරන්නේ කියලා ඔවුන්ට අවබෝධයක් තිබිය යුතුයි. ඔවුන් ඒ තුළ නොවෙනම් කටයුතු කිරීමට අපහසුයි. ඔබට එක අරමුණක් තිබෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබ යන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් හිතනවා ඉහළම සංවර්ධනය කිරීම හොඳයි කියා. තවත් අයෙක් සිතනවා පහළම මට්ටමේ සිට එය සිදුවිය යුතුයි කියා.මම හිතන්නේ පහළම සිට සංවර්ධනය විය යුතුයි කියලා. ඉහළ ගැන සිතීමෙන් අප කරන්නේ කෙටි කාලීන දෙයක් පමණයි. ඉතින් ඔබේ අදහස් වෙනස් නම් එහිදී ගැටලුවක් ඇති වෙනවා. මම විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ඕන තරම් දැනුමක් ඇති පුද්ගලයන් ඉන්නවා.  නමුත් අප සිතිය යුත්තේ මේ හැම අදහසක්ම ගෙන එයින් හොඳම දේ ක්‍රියාවට නැංවීම ගැනයි.

© Getty Images

ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවොත් අපිට ආබාධ 14-15ක් ඇතිවුණා. ඒ හරහා ප්‍රධාන ක්‍රීඩකයන් තරගවලින් ඈත්වුණා.” © Getty Images

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය දැකීම ඔබට කොතරම් වේදනාවක්ද?

එස්.එස්.සී. පිටියේ දෙවැනි ඉනිමේදී ඔවුන් වෙනස් විදියකට තරගයට අවතීර්ණ වුණේ. ඒ හරහා  ආක්‍රමණය කොතරම් දුරට සාර්ථකවේදැයි එයින් පෙනුණා. තරගය පරාජය වීම එක දෙයක්. නමුත් සටනක් දී තරග පරාජය වීම තවත් දෙයක්. ඒ තරගයෙන් අපිට හොඳ ධනාත්මක දේවල් ලබාගන්න පුළුවන් වුණා. මම හිතනවා එය ඉදරියටත් ගෙන යාවි කියලා.

ගැටලුවක් නෑ ඔවුන්ට දක්ෂතාව තිබෙනවා. ඔවුන් කණ්ඩායම ගැනත්, ඔවුන් ගැනවත් විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන්ට ඉදිරියට යන්න බෑ. විශ්වාසය මෙන්ම දැක්ම කණ්ඩායම තුළ ගොඩනැගිය යුතුයි. වටපිටාව හොඳ වෙන්න ඕන. කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදෙන්න ඕන නම් සෑම කෙනක් තුළම විශ්වාසයක් තිබෙන්න ඕන. ඒ වගේම උපරිමය කණ්ඩායමට දෙන්න ඕන. ඔබ එය දුන්නෝත් ක්‍රීඩකයන් තරගයට ගොස් උපරිමය පෙන්වාවි. සහායක කණ්ඩායම, පුහුණුකරුවන්, තේරීම් කමිටුව හා පරිපාලනය කණ්ඩායමට උදව් කළ යුතුයි. ඔවුට සැකයක් තිබෙනවානම්, තේරීම් කම්ටුවට තෝරන ක්‍රීඩකයා ගැන ගැටලුවක් තිබෙනවානම් ඔවුන් කෙනෙක් තෝරාගත් විට එය තරමක අස්ථිර දෙයක් වෙනවා. ඔබට ශක්තිමත්ව වැඩ කරන කුඩා කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ.

කාලයෙන් කාලයට ක්‍රිකට් ක්‍රීඩාව තුළ දූෂණය හිස ඔසවනවා?

එය නොතිබිය යුතුයි වගේම එය ඉවසිය නොහැකි දෙයක්. පරිපාලනය ඒ ගැන හොඳ පියවර ගන්න ඕන. අලුතෙන් එන ක්‍රීඩකයන් හොඳ අධ්‍යාපනන් දී මේ ගැන දැනුවත් කළ යුතුයි. ඒක තමයි ඔබ ගොඩනගන සංස්කෘතිය. ක්‍රීඩකයන් පිටියේදී අතපසුවීම් කරනවා. නමුත් ඔබ එය සෘණාත්මක කරන විට විවිධ කතා පැතිර යනවා. ඊළඟ අවස්තාවේදී පිතිකරණයට යන විට එය ඔබට මානසික පීඩනයක්. ‘ මම පහරක් එල්ල කළොත්, දැවී ගියොත්, මිනිස්සු ගොඩක් දේවල් කියාවි’ යනුවෙන් ඔවුන්ගේ මනසේ විවිධ දෑ මතුවෙන්න පුළුවන්. ඉතින් එවිට ඔවුන් හොඳ පහරවල් එල්ල නොකරාවි මෙයි සිදු නොවිය යුතු දෙයක්.

පකිස්තානයට මේ තත්ත්වය තිබුණා. ඔවුන් සෑම අවස්ථාවකම තරගයක් පරදින විට මිනිස්සු එක එක දේවල් කියන්න පටන් ගත්තා. මම ඔවුන් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීම ගැන සතුටුවෙනවා. එය රටට ලොකු දෙයක්. හැම රටක්ම සමාන මට්ටමකින් ක්‍රීඩා කිරීමට හැකි වටපිටාව නිර්මාණය කළ යුතුයි. තරගයක් බොහෝ තරගකාරීනම් එක කණ්ඩායමක් පමණක් දක්ෂතා දක්වන තරගයක් නැරඹීමට වඩා තරගකාරී තරගයක් නැරඹීම සතුටක්. හරියට නඩාල් හා ෆෙඩරර්ගේ ටෙනිස් තරගයක් නරඹනවා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග කරන තරගයක් වගෙයි.