ඉන්දීය නායක විරාත් කෝලි බොහෝ විට ගලී හි පන්දු රකින අතර එය හොඳම විකල්පය ලෙස හැඳින්විය නොහැක. කෝලි පිටිය තුළදී හොඳ පන්දු රකින්නෙකු වුවත් ඔහු සමීපව උඩපන්දු ලබාගැනීමේදී තරමක දුර්වලතාවක් පෙන්වයි.© Getty Images

ඉන්දීය නායක විරාත් කෝලි බොහෝ විට ගලී හි පන්දු රකින අතර එය හොඳම විකල්පය ලෙස හැඳින්විය නොහැක. කෝලි පිටිය තුළදී හොඳ පන්දු රකින්නෙකු වුවත් ඔහු සමීපව උඩපන්දු ලබාගැනීමේදී තරමක දුර්වලතාවක් පෙන්වයි. © Getty Images

2012 වසරෙ මාස කිහිපයක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ රාහුල් ඩ්‍රාවඩ් හා වී.වි.එස් ලක්ෂමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ ඉන්දීය කණ්ඩායම තුළ විශාල හිදැසක් ඉතුරු කරමිනි. ටෙස්ට් තරග 298කදී ඉන්දියාවට ලකුණු 22,069ක් රැස්කළ මෙම පිතිකරුවන් දෙදෙනාගේ අත්දැකීම පමණක් නොව ඉන්දියාවට මෙතෙක් බිහිවූ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයන් දෙපළක් පිටිය තුළ ඔවුන්ට අහිමවිය. එසේම ඔවුනගේ විශ්‍රාම ගැනීම ඉන්දීය උඩපන්දු රැකීමටද විශාල බාධාවක් ඇතිවිය.

ඩ්‍රාවඩ් තරග 164කදී උඩපන්දු 210ක් හා ලක්ෂ්මන් තරග 134 කදී උඩපන්දු 135ක් ලබාගෙන තිබුණි. සමස්තයක් ලෙස ඔවුන් ලබාත් උඩපන්දු සංඛ්‍යාව 345කි.  පැය ගණන් පුරා කළ පුහුණුවීම්වල ප්‍රතිඵය එය වූ අතර ඔවුන් ලබාගත් උඩපන්දු රාශියක් සිල්පිහි පන්දු රකිමින් සිටියදී ලබාගත් ඒවා වීම විශේෂත්වයකි. ඩ්‍රාවිඩ් පළමු ස්ලිප් ක්‍රීඩාකයා ලෙස කටයුත කරන අත දෙවැනි ස්පිප් ක්‍රීඩකයා වූයේ ලක්ෂ්මන්ය.

මෙම අසහාය ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔවුනගේ හිස්වූ විශාල සපත්තු සඳහා ආදේශකයන් සෙයා ගැනීම ඉන්දීය කණ්ඩායමට මුහුණදීමට සිදුවූ ප්‍රධනම අභියෝගය විය. එසේම අශ්වින් හා ජඩේජා පන්දු යවන විට ස්ලිප්හි පන්දු රැකීමට සුවිශේෂීම ක්‍රිඩකයෙකු අවශ්‍යවිය. රහානේගේ ශාරිරක යෝග්‍යතාව මේ සඳහා ඇති හොඳම අවස්ථාව විය. පන්දු යවන්නා පන්දුව යොමුකර, පිතිකරු එයට පහරක් එල්ල කරන අවස්ථාව තෙක් රහානේ සිය නෙත් පන්දුව වෙතම යොමුකරයිත අනෙක් අතින් ඔවුට මවතටත් දකුණටත් පිවිස හොඳින් පන්දු රැකීමට හැකිය.

ඉන්දියාවේ ස්වර්ණමය කාලසීමාවේදී අනිල් කුම්බ්ලේ හාර්බජං සිං පන්දු යවන විට ඩ්‍රාවිඩ පළමු සිල්ප් ක්‍රීඩකයා ලෙසත් ලක්ෂ්මන් දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස හෝ සිලිපොයින්ට්ි පන්දු රැක්කේය. ෂෝට් ලෙග්හි මුලින්ම විරේන්ද්‍ර ෂෙවාග්, පසුව ආකාශ් චොප්රා, වසීම් ජැෆර්  හා ගෞතම් ගාම්බීර්ද ඔවුන්ට සිටියේය. ඔවුන්ගේ පන්දු රැකීම අනුව ඉන්දීය කණ්ඩායම ලෝකයේ භයානකම කණ්ඩායමක් බවට පත්ව තිබුණි. ඔවුන් එකම ස්ථානයක රැඳී සිටීමෙන් එම  සාර්ථකයත්වය ලබාගත්තේය. ඒ අනුව ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට විශ්වාසයක් ඇතිවිය. ලැබෙන ඕනෑම උඩපන්දුවක් පන්දු රකිනන්න් විසින් ලබාගනු ඇතැයි ඔවුන් විශ්වාස කළේය.

නමුත් මේ තත්ත්වය එක් අවස්ථාවකදී කෝලිගේ කණ්ඩායමට නොමැතිවිය. ඒ කාලයෙන් කාලයට එකම ස්ථානයක පන්දු රැකීමට පන්දු රකින්නන්ට විවිධ හේතු නිසා නොහැකිවීම හේතුවෙනි. මුරලි විජේ මෙන්ම ලෝකේෂ් රාහුල් බොහෝ විට ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් දුරස්ව සිටියි. ගාම්භීර් හා අභිනව් මුකුන්ද් තරග දෙක තුනකට ඔවුන්ගේ අඩුව පිරවීය. ඉන්දීය වත්මන් දඟ පන්දු යවන්නන් දෙදෙනා වෙනුවෙන් අජින්කේ රහානේ සිල්ප්හි සිටිමින් සුවිශේෂී කාර්යයක් ඉටුකරයි. ආරම්භක පතිකරුවෙකු වෙන රාහුල් සිලි පොයින්ට් හා ෂෝට් ලෙග් හි පන්දු රැකීමේදී තම පිතිකරණ ස්ථානයේ වැදගත්කම සඳහන් කරයි.

පළමු ඉනිමේදී රාහුල් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටියදී සුවිශේසෂී උඩපන්දුවක් ලබගත් අතර නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 95ක් රැස්කර සිටි දිමුත් කරුණාරත්න ලබාදුන් උඩපන්දුව අත්හැරියේය. © Getty Images

පළමු ඉනිමේදී රාහුල් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටියදී සුවිශේසෂී උඩපන්දුවක් ලබගත් අතර නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 95ක් රැස්කර සිටි දිමුත් කරුණාරත්න ලබාදුන් උඩපන්දුව අත්හැරියේය. © Getty Images

ගාල්ලේ පැවැති තරගයේදී අභිනව් මුකුන්ද් සිලිපොයින්ට්හි පන්දු රකිමින් සිටියදී සුවිශේෂී උඩපන්දුවක් රැකගත් අතරම දුවද්දී දැවී යාමකටද සිය දායකත්වය ලබාදුන්නේය. නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී රාහුල්ට අවස්ථාව ලබාදී ඔහුට කණ්ඩායමෙන් පිටතට වී සිටීමට සිදුවිය. පළමු ඉනිමේදී රාහුල් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටියදී සුවිශේසෂී උඩපන්දුවක් ලබගත් අතර නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 95ක් රැස්කර සිටි දිමුත් කරුණාරත්න ලබාදුන් උඩපන්දුව අත්හැරියේය. මෙවැනි දේවල් සිදුවිය හැකිය. එය ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, මාක් වෝ, මාර් ටේලර් මෙන්ම එක්නත් සෝල්කරු වැනි ක්‍රීඩකයන්ටද සිදුවිය. නමුත් සත්‍ය ප්‍රශ්නය වන්නේ වමත් දඟ පන්දු යවන ජඩේජා වෙනුවෙන් වමත් සිලිප් ක්‍රීඩකයන් රැඳවිම පිළිබඳව ගැටලුවයි.

ඉන්දීය නායක විරාත් කෝලි බොහෝ විට ගලී හි පන්දු රකින අතර එය හොඳම විකල්පය ලෙස හැඳින්විය නොහැක. කෝලි පිටිය තුළදී හොඳ පන්දු රකින්නෙකු වුවත් ඔහු සමීපව උඩපන්දු ලබාගැනීමේදී තරමක දුර්වලතාවක් පෙන්වයි. කෝලි ස්ල්පිහි පන්දු රකිමින් සිටින විට බොහෝ අවස්ථාවලදී ඔහු පිටියේ කාර්ය බහුල නොවන ස්ථානයකට පිවිසීමට කටයුතු කරයි. එ හරහා ඔබ තරමක් බියවෙන බවක් පෙනෙන්නට තිබේ.

එස්.එස්.සී. පිටියේදී අවස්ථා කුනකදී කෝලි බොහෝවිට සිය දකුණු අන්තයට වෙන්න පිටියේ පන්දු රැකීමට කටයුතු කරනු ලබයි. ඔබ සමබර නැත්නම් එක් අන්තයකට පමණක් යෑමට කටයුතු කරයි. පිතිකරුවෙක් ලෙස කෝලි කොතරම් සාර්ථක වුවත් පන්දු රකින්නෙකු ලෙස කෝලිට ඇති ගැටලුව එයයි. කෝලිගේ මෙම ගැටලුව ඔහුටත් කණ්ඩායමටත් සෘණාත්මක ලකුණු එක්කිරීමක් බවට පත්ව ඇත.

පසුගිය වසර කිහිපය තුණ ඉන්දීය පන්දු රැකීමත්, උඩපන්දු රැකීමත් සැලකිය යුතු මට්ටමකින් ව්ධනය වී තිබේ. තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තිය ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක තිබීම මේ සඳහා ප්‍රධානම හේතුවෙක් වෙයි. ලබාදෙන අවස්ථාවක් මග හැරීමට ඔවුන් කටයුතු නොකළ යුතුය. ඉන්දීය පන්දු යවන්නන් හැකි තරම් කණ්ඩායමට අවස්ථා ලබාදීම පිළිබඳව වාසනාවන්ත විය යුතුය. නමුත් උඩපන්දු රැකගෙන ප්‍රතිවාදීන්ව ගැටලුවට පත්කිරිමට ඒ හරහා ඉන්දියාව කටයුතු කළ යුතුය.

“ඒක තමයි අපි තවත් වර්ධනය කර ගත යුතු අංශය. එස්.එස්.සී. පිටිය මන්දගාමීයි. එවැනි පිටිය උඩපන්දුවක්  ලබාගැනීම අපහසු කරුණක්. පන්දුවට වැරෙන් පහරක් එල්ල කළ විට  හිතෙන්නේ ඔබට එය රැකගැනීමට අපහසු බවයි. ඒ පිළිබඳව නියමිතව  කාලය මැනීම තරමක් අපහසුයි. අපි රැඳි සිටිය යුතු දුර පිළිබඳව තීරණය කරළ යුතුයි.”

“විශේෂඥයින් හැම විටම හොදයි. පුජාරා හා ලෝකේෂ් කියන්නේ අපේ ළඟ පන්දු රකින්නන් අතර සුවිශේෂී පුද්ගලයන්. පුජාරා දඟ පන්දු යවන්නන් වෙනුවෙන් ගලී සිට පන්දු රකින අතරම ඔහු ෂෝට් ලෙග් කලාපයටත් යනවා. නමුත් පුජාරාට මෙන් ලෝකේෂට එවැනි පුහුණුවක් නෑ. මම අවස්ථා ලබාගන්න කටයුතු කරනවා. නමුත් උඩපන්දු අත්හරින විට කනගාටුවක් ඇතිවෙනවා. අපිට කුමන ස්ථානයට කුමන ක්‍රීඩකයා යොදවනවාදැයි යන්න තීරණය කළ ඔවුන්ට එම ස්ථානයේ වැඩි කලක් කටයුතු කිරිමට අවස්ථාව ලබාදිය යුතුයි. ඒක තමයි අපට තිබෙන විසඳුම”

ඉන්දීය පන්දු රකින පුහුණුකරු ආර්. ශ්‍රීධර් බොහෝ අවස්ථාවලදී පවසන්නේ  පුහුණු දැල් තුළ කරන නිවැරදි දේවල් පිටිය තුළදී ක්‍රියාත්මක කළ යුතු බවයි. කෝලි පවසන්නේ විශේෂඥයින් හඳුනාගෙන ඔවුන්ට අවස්ථාව දිය යුතු බවයි. නමුත් පළමුවෙන්ම සිදුවිය යුත්තේ විශේඥයින් ආබාධවලින් තොරව කණ්ඩායම වෙනුවෙන් සිටීමය.