“මට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලැබුණාම මම ක්‍රීඩකයන්ට කිව්වේ මුලින්ම එකමුතුභාවයක් අවශ්‍යයි කියා. ඉන් අනතුරුව හැඟීම, දැක්ම, විනය හා ආසාව. ඔබ තරග පරාජය වෙන විට විවිධ ප්‍රශ්න එනවා. නමුත් ඔබ දිනනවානම් ගැටලු නෑ” © Getty Images

“මට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලැබුණාම මම ක්‍රීඩකයන්ට කිව්වේ මුලින්ම එකමුතුභාවයක් අවශ්‍යයි කියා. ඉන් අනතුරුව හැඟීම, දැක්ම, විනය හා ආසාව. ඔබ තරග පරාජය වෙන විට විවිධ ප්‍රශ්න එනවා. නමුත් ඔබ දිනනවානම් ගැටලු නෑ” © Getty Images

ඒ අවාසනාවන්ත, භියකරු දිනය තෙක් සුනාමි යන්න පිළිබඳව තරුණ දිනේෂ් චන්දිමාල් අසා නොතිබුණි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැඩි ආසාවකින් කටයුතු කළ චන්දිමාල් දැන් තමන්ට අවශ්‍ය ගමන පැමිණ අවසන්ය. නමුත් 2004/12/26 දා ඇතිවූ සුනාමියෙන් ඔහුගේ ජීවිතය උඩියටිකුරු කළේය.

මීට වසර 12 හමාරකට ප්‍රථම සිදුවූ මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන චන්දිමාල් පවසන්නේ එය භියකරරු දිදුවීමක් බවයි. නමුත් ඉන්  පසුව ඔහු ආරම්භ කළ ගමන දැන් ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකයා බවට පත්ව ඇත.

මේ වන විට 27 වැනි වියේ පසුවන චන්දිමාල් නිරායාසයෙන්ම අව්‍යාජ සිහනවකට හිමිකම් කියයි. නමුත් ඔහුට මුහුණදීමට සිදුවු සියලු කුණාටු පිළිබඳව ඔහුගේ හිස තුළ අදහසක් පවතී.නත්තල් දිනයට පසු උදෑසන මෙම සිදුවීම සිදුවන විට අම්බලන්ගොඩ පිහිටි සිය නිවසේ චන්දිමාල් සිටියේය. ඔහු ඒ වන විට පසුදින කොළඹ පැවැත්වෙන අවුරුදු 15න් පහළ තේරීම් තරගයට එක්වීම සඳහා සූදානමින් සිටියේය. ඒ සඳහා අවශ්‍ය බඩු භාහිරාදිය ඔහු අසුරාගෙන තිබුණි. ඔහුගේ හදවත සතුටින් ඉපිලී ගොස් තිබුණි.

“ මම ඒ වන විට නිවසේ සිටිමින් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නරඹමින් සිටියේ. ඇත්තටම එය පෝය දවසක් වුණා. පෝය දිනයේදී අපි ගෙදර පිරිසුදු කරනවා. අපි එකතු කළ කුණු මගේ මව විසින් ඉවතට දමා යන්න පිටව ගියා. ඒ අවස්ථාවේදී ඇය කෑගසුවා‘එන්න එන්න ඇවිත් බලන්න’ කියලා. ඉතින් අපි ඔක්කොම ඒ දෙසට දුවගෙන ගියා. අපි හිතුවේ ඒ නයෙක් හෝ වෙන දෙයක් වෙන්න ඇති කියලයි. අපි හිතුවේ නෑ ඒ එන්නේ සුනාමි කියලා. අප දෙසට වතුර වේගයෙන් ආවා. අපි වෙතට ආපු මාමා කෙනෙක් කීවේ සුනාමි එනවා ඔබුගේ දරුවන් සමග දුවන්න කියලය.මම හිතන්නේ අපි මීටර් 200ක් 300ක් දිව්වා. වාසනාවකට කන්දක් තිබුණා. අපි ඒ කන්දට දිව්වා. ඉහළට නැගලා බලාගෙන සිටියා. එහිදී අපේ නිවස ඇතුළුව හැම දෙයක්ම ගසාගෙන යන අයුරු දුටුවා ”

සුනාමියට විනාශ වූ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය සුනාමියෙන් පසුව දිස්වූ අයුරු. © Getty Images

සුනාමියට විනාශ වූ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය සුනාමියෙන් පසුව දිස්වූ අයුරු. © Getty Images

හැමදෙයක්. ඇඳුම්, අඩුම කුඩුම, ගෘහ භාණ්ඩ, ඒ වගේම චන්දිමාල්ගේ ආදරණීය ක්‍රිකට් හිස්වැස්මද ඒ අතර විය.

“ ඇත්තටම සුනාමි දිනයට පසු දිනයේදී. ඒ කියන්නේ 27 වැනිදා. අවුරුදු 15 පහළ කණ්ඩායමත් සමග තේරීම් තරගයක් කොළඹ තිබෙන්න තිබුණා. මම ඒ වෙනුවෙන් මගේ බෑගය සූදානම් කරගෙන තිබුණේ. සුනාමියෙන් පසුව මම මගේ බෑගය සෙව්වා. අවසානයට එය සොයාගත්තේ මගේ නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ ඈතින්. නමුත් එහි තිබුණ දෑ මට භාවිත කළ නොහැකිව තිබුණේ. මොකද වතුර එයට ඇතුළුවී තිබුණා. හැම දෙයක්ම විනාශ වෙලා. නමුත් ඒ තරගාවලියත් අවලංගු වුණා.”

සුනාමියක් යන්න එදින වන තෙක්ම දැන නොසිටි බව චන්දිමාල් පවසයි.“ දැනගෙන සිටියේ නෑ සුනාමියක් කියන්නේ මොකක්ද කියලා.

මේ දේ වෙන්න කලින් මගේ පියා පැවැසුවේ ඔහු පොළව යටට යනවා වගේ හැඟීමක් දැනුණ බවයි. එයින් මාසයකට හෝ දෙකකට පමණ පසුව පවුලක් ලෙස අපි ගැටලුවලට මුහුණදීම ආරම්භ වුණා. අපිට ඉන්න තැනක් තිබුණේ නෑ. අපිට ආහාර, ඇඳුම් ගැටලු තුබුණා. නමුත් මම හිතනවා එය මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න අභිප්‍රේරණයක් ඇති වුණා කියලා”

ඉන් අනතුරුව සිය ක්‍රිකට් සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා කොළඹට පැමිණීමට චන්දිමාල් කටයුතු කරයි. ඒ අනුව සිය පවුල රැකගැනීම සඳහා වන සැලසුමකින් ඔහු මිය ගමන ආරම්භ කළේය. චන්දිමාල් උත්හාස කළේ ඒ කරුම දිනය පවුලට අමතක කිරීමටයි.

“එයින් මාසයකට හෝ දෙකකට පමණ පසුව පවුලක් ලෙස අපි ගැටලුවලට මුහුණදීම ආරම්භ වුණා. අපිට ඉන්න තැනක් තිබුණේ නෑ. අපිට ආහාර, ඇඳුම් ගැටලු තුබුණා. නමුත් මම හිතනවා එය මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න අභිප්‍රේරණයක් ඇති වුණා කියලා”

“ මම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ අවුරුදු 13දී. මගේ පළමු පුහුණුකරු වුණේ අශෝක කුමාර. ඉන් අනතුරුව මම වසර දෙකක් ක්‍රීඩා කළා. අම්බලගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් මම අවුරුදු 13න් පහළ, 15 න් පහළ, 17න් පහළ හා 19න් පහළ තරග ක්‍රීඩා කළා. මට අවුරුදු 17 දී මම කොළඹ ආනන්ද විදුහලට පැමිණියා.”

“ සුනාමි නිසා මට හැම දෙයක්ම නැතිවුණා. යක්ෂයෙක් වගේ ආපු සුනාමිය හැම දෙයක්ම විනාශ කළා. ඒක මට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත්වෙන්න අභිප්‍රේරණය වූ සාධකයක් බවට පත්වුණා. ඒක තමයි මට ශක්තිය වුණේ. මට අරමුණු හා ඉලක්ක තිබුණා. මට මේ තත්ත්වයට එන්න අවශ්‍ය වුණා. මම ආනන්ද විදුහලට එරෙහිව ධර්මාශෝක කණ්ඩායමට ක්‍රීඩා කරන විට අපි ලකුණු 120ට දැවී ගියා. මම නොදැවී ලකුණු 77ක් රැස්කළා. ඒ කාලයේදී මගේ කඩුලු රැකීම හොඳ මට්ටමක තිබුණා. මම උඩපන්දු ලබාගැනීමට පියාඹා ගියා. දැන් වගේ අතපසුවීම් වුණේ නෑ. ඒ අවුරුද්දේ ආනන්ද කණ්ඩායමට කඩුලු රකින්නෙකුගේ අඩුවක් තිබුණා. ආනන්ද කණ්ඩායමේ පුහුණුකරු වූ උදයංග පෙරේරා මගේ මව්පියන්ට කතා කරලා කිව්වා මාව ආනන්ද විදුහලට අවශ්‍යයි කියලා. ඒ අනුව මගේ මව්පියන් මාව ආනන්ද විදුහලට යැවීමට කටයුතු කළා.”

කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී සිය ගම්බිම් අතැර කොළඹට පැමිණීමට චන්දිමාල් කැමති නොවීය. “  මගේ පළමු පාසල ධර්මාශෝක විදුහල. මම ඒ වෙනුවෙන් ක්‍රිඩා කරන්න ගොඩක් කැමතියි. නමුත් මගේ දෙමාපියන් මට කිව්වේ ආනන්ද විදුහලට ගියොත් අවම වශයෙන් හොඳ රැකියාවක් හෝ හොයාගන්න පුළුවන් කියලයි. ඒ අනුව තමයි මට හිතුණේ එය හොඳ අවස්ථාවක් කියලා. පසුව මා එයට කැමති වුණා. මට යන්න වුණා. මොකද පවුලක් වශයෙන් අපිට විසඳා ගත යුතු ගොඩක් ප්‍රශ්න තිබුණා. මා ස හයක් අපි හිටියේ රජයේ ගොඩනැගිලිවල. ඒ අනුව මම කොළම ඇවිත ක්‍රිඩා කරන්න හිත හදා ගත්තා.”

කෙසේ වෙතත් කොළඹ ජිවිතය ගෙවීම පහුසු නොවෙයි. නමුත් ඔහුට ළගා වෙන්නට අරමුණක් තිබුණි. “ මම කොළඹ කිසිවෙකු ගැන දන්නේ නෑ. මම ආනන්ද විදුහලේ නේවාසිකාගාරයේ අවුරුදු තුන හතරක් හිටියා. මම ඒ නේවාසිකාගාරයේ ආහාර කෑවේ. ඒක හරිම අපහසුයි. නමුත් මම එයින් විනෝද වුණා. ඇතැම් අවස්ථාවල මගේ මව්පියන් දුරකතනයෙන් කතා කර මගේ විස්තර ඇහුවා. ආහාර ගැන අහද්දී මම කිව්වේ ඒවා ඔක්කොම හොඳයි කියලා. මම මගේ උදෑසන ආහාරය ගන්නේ නෑ. මොකද එය ආහාරයට ගන්න බෑ. නමුත් මම ඔවුන්ට කිසිවක් කීවේ නෑ. මම හැමවෙලාවෙම කීවේ මම හොඳින් කියලයි.”

2010 වසරේ ඔස්ට්‍රේලියා තරග සංචාරයේදී චන්දිමාල්, සුරාජ්, සංගක්කාර හා ජීවන් මෙන්ඩිස් © Getty Images

2010 වසරේ ඔස්ට්‍රේලියා තරග සංචාරයේදී චන්දිමාල්, සුරාජ්, සංගක්කාර හා ජීවන් මෙන්ඩිස් © Getty Images

“ කොහොම වුණත් මම  නේවාසිකාරයේ සිටිය කාලයේදී ගොඩක් විනෝද වුණා. නේවාසිකාගාරයේ වැඩ කළ අය මට ගොඩක් උදව් කළා. මම පුහුණුවීම් සඳහා එළියට ගොස් සිටින විට මගේ ආහාර වේල ඔවුන් මගේ කාමරයට ගෙනවිති තියෙනවා. ඔවුන් මාව හොඳින් බලාගත්තා. ඒ කාලයේදී මම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස එතරම් දක්ෂතා දක්වා නෑ. මම සුපිරි තරුවක් නෙමෙයි. මොකද ඒ මගේ හැසිරීම නිසා වෙන්න ඇත. නමුත් ඔවුන් මට හොඳන් සැලකුවා. මම හොඳ මිනිසුන් සමග හොඳ දේවල් කතා කළා. ඒ නිසා තමයි ඔවුන් මට ආදරය කළේ. ”

සුනාමිය සිදු වූ දිනයේ මතක තමන් වෙත තවමත් ඡායාරූප මෙන් පැමිණෙන බව චන්දිමාල් සඳහන් කරයි. “  ඔව් ඇත්ටම ඒක මගේ මතකයේ තිබෙනවා. සුනාමියෙන් පස්සේ අපි මුහුදු වෙරළට ගියේ අවස්ථා දෙකකදී පමණයි. අපි පවුලක් වශයෙන් එතරම් භියට පත්ව සිටින්නේ. නමුත් ජීවිතය යන්නේ ඒ වගේ තමයි.”

සුනාමි කතාවෙන් පසුව චන්දිමාල් ඉදිරියට යෑම ආරම්භ කළේය. දැන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයාය.  “ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා  බවට පත්වීමට ලැබීම ගෞරවයක්. මම අවේ ගොඩක් අමාරු ගමනක්. මට අපහසු වෙලාවන් තිබුණා. ඒ වගේම පහසු වෙලාවන් තිබුණා. මට දැන් මගේ ක්‍රීඩකයන්ට හොඳ දේ දෙන්නයි අවශ්‍ය. මට ඔවුන්ව මගේ සහෝදරයන් ලෙස බලාගැනීමට අවශ්‍යයි. පිටතින් සිදුවෙන දේවල් පාලනය කරමින් තරුණ ක්‍රීඩකයන්ට නිදහස දෙන්නයි මට අවශ්‍ය. මට දැන් තිබෙන දේ ගැන මම සතුටුවෙනවා. 2004 දී අපිට ඉන්න නිවසක්වත් තිබුණේ නෑ. මගේ දෙමාපියන්, මම හා මගේ පවුල ක්‍රීඩකයෙකු ලෙසත් නායකයෙකු ලෙසත් පැමිණි ගමන වෙනුවෙන් ලොකු මහන්සියක් වුණා. ලෝකය කියන්නේ මහන්සි කාර්යයක්.”

තම දේමාපියන්ව ආඩම්බරයට පත්කිරීමට තමන්ට හැකිවූ බව චන්දිමාල් සඳහන් කරයි. “ ඔවුන සතුටුයි, ආඩම්බරයි. මම ඔවුන්ව හමුවෙන හැමවෙලාවෙම ඔවුන් කියන්නේ අපි දැන් හොඳ තත්ත්වයක ඉන්නේ ඔබ නිසා කියලා. ඒ අපි පවුලක් ලෙස කරපු කැපවීම්වල ප්‍රතිඵලයි. ඒ නිසා අද අපි මෙතන ඉන්නවා. මම නිසා නෙමෙයි”

“ නායකයෙක් ලෙස මට වගකීම් බාර ගන්න ඕන. පිටතින් එන බැනුම් පවා. මම නායකයෙක් ලෙස ඔබ වෙනුවෙන් එය ගන්නවා. මගේ ක්‍රීඩකයන්ට පීඩනයක් නොදී ඔවුන්ව නිදහසේ තබන්නයි මට අවශ්‍ය. මම දන්නවා අමාරු අවස්ථා. ඒ වගේ දෙයක් ඔබට වුණොත් මොනවගේ බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියා මම දන්නවා. මම හැම අවස්ථාවකම විවෘතයි. මම ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ තමයි. ඔබට වෙනත් ක්‍රීඩකයෙකු හො පවුල සමග ගැටලුවක් තිබුණොත් ඔබගෙන් හොඳම දේ කණ්ඩායමට එන්නේ නෑ. මම ඔවුන්ට කියලා තියෙන්නේ මොකක් හරි ගැටලුවක් තිබේ නම් මට කියන්න කියලා. මොකද ඒ වෙනුවෙන් උපරිම දේ මට කරන්න පුළුවන්”

චන්දිමාල්ගේ මෙම අඳුරු අතීතය ඔහුට ක්‍රීඩකයන්ගේ ගැටලු හඳුනා ගැනීමට අවස්ථාවක් බවට පත්ව තිබේ. “ නායකයෙක් ලෙස මට වගකීම් බාර ගන්න ඕන. පිටතින් එන බැනුම් පවා. මම නායකයෙක් ලෙස ඔබ වෙනුවෙන් එය ගන්නවා. මගේ ක්‍රීඩකයන්ට පීඩනයක් නොදී ඔවුන්ව නිදහසේ තබන්නයි මට අවශ්‍ය.  මම දන්නවා අමාරු අවස්ථා. ඒ වගේ දෙයක් ඔබට වුණොත් මොනවගේ බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියා මම දන්නවා. මම හැම අවස්ථාවකම විවෘතයි. මම ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ තමයි. ඔබට වෙනත් ක්‍රීඩකයෙකු හො පවුල සමග ගැටලුවක් තිබුණොත් ඔබගෙන් හොඳම දේ කණ්ඩායමට එන්නේ නෑ. මම ඔවුන්ට කියලා තියෙන්නේ මොකක් හරි ගැටලුවක් තිබේ නම් මට කියන්න කියලා. මොකද ඒ වෙනුවෙන් උපරිම දේ මට කරන්න පුළුවන්”

“ නායකයෙක් ලෙස මට පීඩනයක් තිබෙනවා. ඔබට නරක කාල තිබුණත් හොඳ කාල තිබුණත්. ඇත්තම කීවොත් පීඩනය නිසා මම 2014 වසරේදී ගැටලුවකට ලක්වුණා. එයින් මම ඉගෙන ගත්තා. ඒ හරහා පීඩනය මෙන්ම පුද්ගලයන් හසුරවන අයුරු මම ඉගෙන ගත්තා. ඔවුන් සිතන දේ මම දැනගත්තා. මට දැන් පීඩනය විශාල ලෙස ගෙන ක්‍රීඩකයන්ව නිදහසේ තබන්න පුළුවන්.”

2013 වසරේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස පත්වන විට චන්දිමාල්ගේ වයස අවුරුදු 23කි. ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවූ  ලාබාලම ක්‍රීඩකයා ලෙසයි. 2014 වසරේ බංග්ලාදේශයේ  පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු තරග තහනමට ලක්වූයේ පන්දුවාර යැවීමේ වේගය අවම වූ හෙයිනි. අර්ධ අවසන් පූර්ව තරයේදී ඔහු කණ්ඩායමේ ඉවතට විසි වූ අතර ලසිත් මාලිංග කණ්ඩායම මෙහෙයවීය.

“ 2013  කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්න අමාරුම කාලයක්. මොකද පළපුරුදු ක්‍රීඩකයන් ගොඩක් එහි සිටියා. නමුත් මම  එය හොඳින් හැසිරෙව්වා කියා සිතනවා. මට පිතිකරුවෙක් ලෙස දක්ෂතා දක්වන්න බැරිවුණේ අංක හය පිතිකරුවා ලෙස පිටියට ආව නිසයි. විස්සයි20 තරගයක අංක හය පිතිකරුවා ලෙස පැමිණි විට ඔබට ඉතිරිව තිබෙන්නේ පන්දුවා තුන හතරයි. ඉතින් ඔබට විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න  බෑ. මට නායකයෙකු ලෙස ඉනිම ආරම්භ කරන්න හෝ අංක තුන ක්‍රීඩා කරන්න තිබුණා. නමුත් මම එය කළේ නෑ. ”

“දැන් අපිට වීරයන් හෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නෑ. නමුත් 2013-14 කාලයේදී ගොඩක් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටියා. දැන් මම නායකයෙකු ලෙසත් පිතිකරුවෙක් ලෙසත් නැගී සිටීමට කටයුතු කරනවා. මට පිටියට ගිහින් දක්ෂතා දක්වන්න වෙනවා” © Getty Images

“දැන් අපිට වීරයන් හෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නෑ. නමුත් 2013-14 කාලයේදී ගොඩක් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටියා. දැන් මම නායකයෙකු ලෙසත් පිතිකරුවෙක් ලෙසත් නැගී සිටීමට කටයුතු කරනවා. මට පිටියට ගිහින් දක්ෂතා දක්වන්න වෙනවා” © Getty Images

“ මොකද ඒ කාලයේ කුසල් ජනිත් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා මම හිතුවා ඩිල්ෂාන් සමග කුසල් ක්‍රීඩා කිරිම හොඳයි කියා. ඊට පස්සේ අපිට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් සිටියා. ඒක පන්දුවාර 20ක්. පළමු පන්දුවාර 10-15 තුළ මට අවශ්‍ය වුණේ පළපුරුදුම ක්‍රීඩකයන් යොදවන්න. මම මා ගැන සිතුවේ නෑ. කණ්ඩායම ගැනයි සිතුවේ. කොහොමද තරග දිනන්නේ කියලා. මගේ රට වෙනුවෙන් ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. මම මගේ දක්ෂතා ගැනවත් මගේ ස්ථානය ගැනවත් සිතුවේ නෑ.”

ඒ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවා සිටි සංගක්කාර, මහේල මෙන්ම ඩිල්ෂාන්ද කණ්ඩායමේ සිටියේය. “ ඒක හොඳයි. මහේල, සංගක්කාර හා ඩිල්ෂාන් හා ඇන්ජලෝ ඉන්න්වා කියන්නේ විශාල පළපුරුද්දක් කණ්ඩායමට තිබනෙවා. ඒ වගේම ඔවුන් විශාල වශයෙන් උපදෙස් දෙනවා. මට තිබුණෙ හරිම උපදේශය පිළිගන්නයි. මම හිතනවා මම හරි තීරණ ගත්ත නිසයි අපි 2014 ලෝක කුසලානය දිනුවේ. මට මගේ තීරණ ගන්න අවශ්‍ය වුවත් මම ක්‍රීඩකයන් සමග කතා කරනවා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්. මොකද ඔවුන්ට හොඳ අදහස් තිබෙනවා. හැම දෙනාටම කතා කර හොඳ තීරණය ගන්නයි මට අවශ්‍ය වුණේ. ”

“දැන් අපිට වීරයන් හෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නෑ. නමුත් 2013-14 කාලයේදී ගොඩක් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටියා. දැන් මම නායකයෙකු ලෙසත් පිතිකරුවෙක් ලෙසත් නැගී සිටීමට කටයුතු කරනවා. මට පිටියට ගිහින් දක්ෂතා දක්වන්න වෙනවා. ඒ වගේම හැම දෙයක්ම මට ඉගෙන ගන්න වෙනවා. මට දැන් අමාරු කාලයක් ඇවිත් තිබෙන්නේ. මම ක්‍රීඩකයන්ටත්, උපදේශකයන්ටත් කතා කරනවා. ඒ අනුව මම උපදෙස් ගන්නවා. ඒ වචන මට ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න උදව් කරනවා. ”

“දැන් අපිට වීරයන් හෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නෑ. නමුත් 2013-14 කාලයේදී ගොඩක් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටියා. දැන් මම නායකයෙකු ලෙසත් පිතිකරුවෙක් ලෙසත් නැගී සිටීමට කටයුතු කරනවා. මට පිටියට ගිහින් දක්ෂතා දක්වන්න වෙනවා. ඒ වගේම හැම දෙයක්ම මට ඉගෙන ගන්න වෙනවා. මට දැන් අමාරු කාලයක් ඇවිත් තිබෙන්නේ. මම ක්‍රීඩකයන්ටත්, උපදේශකයන්ටත් කතා කරනවා. ඒ අනුව මම උපදෙස් ගන්නවා. ඒ වචන  මට ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න උදව් කරනවා.  ”

ක්‍රීඩකයෙක් ලෙස ඕනෑම පුද්ගලයෙකට කැමති නායකයන් ක්‍රීඩකයන් සිටියි.

“ මම 96 ලෝක කුසලානය බැලුවා. රෝමේෂ් කලුවිතාරණ හැම වෙලාවකම මාව අභිප්‍රේරණය කා. මම ඔහුට කැමති ඔහු කඩුල්ල පසුපස සිටිමින් ක්‍රීඩකයන් උනන්දු කරන ආකාරය ගැනයි. ”කලුවිතාරණ දැන් සනත් ජයසූරියගේ තේරීම් කමිටුවේ සාමාජිකයෙකි. “ඒක තමයි අපිට කඩලු රකින්නෙකුගෙන් අවශ්‍ය කරන දේ. සැම කෙනෙක්ම ධෙර්යය කිරීමේන් අපිට හොඳම දේ කරන්න පුළුවන්. ”

“ මම කැමතිම නායකයා අර්ජුන රණතුංග. ඔහු කණ්ඩායම මෙහෙයවන ආකාරය ගැන බලන්න මම ආසයි. ඒ වගේම මම මහේලටත් කැමතියි. ඔහු ඉතාමත් හොඳ නායකයෙක්. ඒ තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනුගමනය කරන ක්‍රීඩකයන් දෙදෙනා”

“ ඔබ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන විට මානසික ඒකාග්‍රතාවය වැදගත්. මොකද මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මේ කාලයේ බොහෝ ලෙස ක්‍රියාත්මකයි.” © AFP

“ ඔබ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන විට මානසික ඒකාග්‍රතාවය වැදගත්. මොකද මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මේ කාලයේ බොහෝ ලෙස ක්‍රියාත්මකයි.” © AFP

කෙසේ වෙතත් ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරගාවලියට චන්දිමාල් නම් කර නොමැති අතරම ඔහුට සිම්බාබ්වේ තරගාවලියද අහිමි විය. “ මගේ රට වෙනුවෙන් හැම තරගයක්ම ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. පසුගිය වසර දෙක තුන තුළදී අපි කණ්ඩායමක් ලෙස ගැටලුවකට ලක්වෙලා ඉන්නේ. එක්දින තරගවලදී මට නැංගුරමක් වගේ ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ. ආරම්භ පිතිකරුවන් දැවී ගොස්, තවත් පන්දුවා පහ හයක් තුළ කඩුලු දෙක තුනක් දැවී ගියොත් අපි ලකුණු 150-160ට දැවී යනවා. ඉතින් මට මගේ සුපුරුදු තරග රටාව ක්‍රීඩා කරන්න බෑ. මගේ තරයට පහරදීමේ වේගය හොඳ තත්ත්වය නෑ. මට තත්ත්වයන්ට අනුව ක්‍රීඩා කරන්න වෙලා තිබෙන්නේ. ඒක තමයි මගේ එක්දින ක්‍රීඩාවට වුණේ. ”

ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලිය පරජජය වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඉදිරියේදී නැවත වරක් පාකිස්තානය හා ඉන්දියාව හමුවීමට නියමිතය. “ ඒක ඇත්තටම අපහසු දෙයක්. මට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලැබුණාම මම ක්‍රීඩකයන්ට කිව්වේ මුලින්ම එකමුතුභාවයක් අවශ්‍යයි කියා. ඉන් අනතුරුව හැඟීම, දැක්ම, විනය හා ආසාව. ඔබ තරග පරාජය වෙන විට විවිධ ප්‍රශ්න එනවා. නමුත් ඔබ දිනනවානම් ගැටලු නෑ”

“ ඔබ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන විට මානසික ඒකාග්‍රතාවය වැදගත්. මොකද මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මේ කාලයේ බොහෝ ලෙස ක්‍රියාත්මකයි. ඔබට කැමති නැති කෙනෙක් ඉන්නවනම් ඔබ ප්‍රහාරයට ලක්වෙනවා. ඒ සඳහා ඔබ මනසින් ශක්තිමත් වෙන්න ඕන. ඔබට පිතිකරුවෙකු ලෙස  හෝ පන්දු යවන්නෙකු ලෙස නිවසේදී වැඩ කරන්න වෙනවා. ඔබට ඔබගේ ශාරීරික යෝග්‍යතාව බලන්න වෙනනවා. වැදගත්ම දේ ජත්‍යන්තර ක්‍රීඩාවේදී ඔබට ක්‍රීඩා කළ හැකි ලෙස ඔබගේ මනස සකසා ගැනීමයි. පළමු ටෙස්ට් තරගය රෝගයක් නිසා මට ක්‍රීඩා කරන්න බැරීවීම ගැන මම කනගාටුවෙනවා. ඔබට හොඳ ආරම්භයක්  ලබාගෙන එය ඉදිරියට පවත්වාගෙන යා යුතු වෙනවා. මම රෝහලේ සිට ඒ තරගය බැලුවා. ඒක හරිම අමාරු දෙයක් ”