© Getty Images

ඒක අපහසු කාර්යයක්. නමුත් නියම නායකයෙක් කණ්ඩායම සමග අමාරු අවස්ථාවල සිටගත යුතුයි. © Getty Images

ටෙස්ට් නායකත්වය යමෙකුට වෙනස් දෙයක් වුවත් චන්දිමාල්ට එය රෝසමල් යහනාවකි. නායකයෙකු ලෙස චන්දිමාල් මේ දක්වා තරග දෙකක එක්ව එයින් එක් තරගයක් ජයගෙන තවත් තරගයක් පරාජයට පත්ව තිබේ. සිම්බාබ්වේ ජයග්‍රහණය වාර්තා ගත මෙන්ම සුවිශේෂී ජයග්‍රහණයක් වුවත් පසුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තා ගත පරාජයක් ලැබීය.

“ඒක අමාරු කාර්යයක්.” සිකුරාදා (11දා) චන්දිමාල් සඳහන් කළේය. ඒ ඉන්දියාව හා පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට පෙරාතුවය. “ නමුත් නියම නායකයෙක් කණ්ඩායම සමග සෑම අපහසු අවස්තාවකම සිටිය යුතුයි. ඒක සමස්ත කණ්ඩායමටම අභියෝගයක්. නමුත් තරුණ ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් ඉදිරියට ඇවිත් දක්ෂතාවත් දැක්වුවහෝත් අපිට ඉදිරියට ඇවිත් මේ තරගය දිනන්න පුළුවන්. ඒක සමස්ත කණ්ඩායමටත් අභිප්‍රේණයක් වෙනවා. අපි ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නේ කියලා අමතක කර නෑ. අපි මේ තරගය ජය ගන්න බලාගෙන ඉන්නේ”

“අපි තවමත් හිතන්නේ මේ තරගාවලිය තවමත් ඉවර නෑ. නායකයෙකු ලෙස මම පරදින්න කැමති නෑ. අංක එකේ කණ්ඩායම හෝ අංක අටේ කණ්ඩායම වේවා මට ජයග්‍රණයයි අවශ්‍ය. අපි අවසන් වෙනකම් තරග කරනවා. නමුත් අවසන් ප්‍රතිඵලය අපට පමණක්ම පාලනය කරන්න බෑ. හැම අවස්ථාවකම පීඩනයක් තිබෙනවා. අපි දැන් තරග දෙකක් පරාජය වෙලා ඉන්නේ. නමුත් අපි හොඳ කණ්ඩායමක්. කණ්ඩායමක් ලෙස අපි මෙම තරගය ජයගන්න ඉන්නේ. අපි එක කළෝත අපිට ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ”

තෙවැනි ටෙස්ට් තරගයට රංගන හේරත් හා ණුවන් ප්‍රදීප් ආබාධයක් හේතුවෙන් තරග නොකරයි.රංගන මුත්තයියා මුරලිදරන්‍ගෙන් පසුව ශ්‍රී ලංකාවේ තරග දිනවන පන්දු යවන්නා විය. “ඇත්තටම ඔහු නැතිවීම ලොකු පාඩුවක්. ඔහු කොන්දේ වේදනාවකට ලක්ව තිබෙනවා. ඉතින් අපි ඔහු එම තරගයෙන් විවේක ගැන්වූවා”

“ඉන්දියාව හොඳ කණ්ඩායමක්. විශේෂයෙන්ම පසුගිය වසර දෙක හෝ තුන තුළදී. නමුත් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වෙනවා. අසේල ගුණරත්න පළමු තරගයේදී ආබාධ වුණා. ඊළඟට ණුවන් හා රංගන දෙවැනි තරගයේදී. ඉතින් නායකයාට, කළමනාකරණයට මෙන් තේරීම් කමිටුවට නියම සංකලනය ලබා ගන්න අමාරුයි. රංගන, නුවණ් හා අසේල කියන්නේ හොඳ ක්‍රීඩකයන්. අපි මේ නිසා යම් ගැටලුවකට පත්වෙනවා. නමුත් එය සමාවට කරුණක් නෙමෙයි.”

එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ස්වීප් පහරවල් එල්ල කරමින් ඉන්දියාවට ගැටලුවක් ඇති කළේය. එහිදී දිමුත් හා කුසල් ඉන්දීය ජයග්‍රහණය පන්දුවාර 120ක් පමණ ප්‍රමාද කළේය. පළමු ඉනිම තුළ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට අවශ්‍යව තිබූ පන්දුවාර සංඛ්‍යාවත් එය බව චන්දිමාල් පවසයි.

“ ඒක වැදගත් ඒ දේ ගැන තමයි අපි කතා කළේ. ටෙස්ට් තරගයකදී අවම වශයෙන් ඔබ පන්දුවාර 120ක් පමණ ක්‍රීඩා කළ යුතුයි. ඒ හරහා තරගය ජයගැනීමට හෝ ජයපරාජයකින් තොරව අවසන් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. පිතිකරණ අංශයට අවශ්‍ය වී තිබෙන්නේ එය අඛණ්ඩය කිරීමටයි. ”
“පන්දුවට පහරදෙන අනුපිළිවෙල ගැන තවමත් අපි අවසන් තීරණයක් ගෙන නෑ. වැස්ස නිසා අපි තවත් තීරණ කිහිපයක් ගත යුතුව තිබෙනවා.”

වර්ෂාව පස්වරුවේ පුහුණු සැසියටද බාධා ඇති කළේය. “අපි ඊයේ පුහුණුවීම් කළේ ගෘහස්ථවයි. නමුත් ඇතුළත පුහුණුවීම් කිරීම ගැන පිතිකරුවන් කිහිප දෙනෙක් කැමති නෑ. අපි උදෑසන පුහුණුවීම් කරන්න හිටියත් වැස්ස නිසා එයත් නොහැකිවුණා. නමුත් මම හිතනවා හෙට තරගයට ඒ හරහා තරමක විවේකයකින් මෙන්ම තරමක මානසික සුවයකින් පැමිණෙන්න ඒ හරහා අවස්ථාවක් ලැබුණා.”

ධනංජය ද සිල්වා නැවතත් ටෙස්ට් පිටියට පැමිණි අවස්ථාවේ පටන් ඔහුට තවමත් දක්ෂතා දැක්වීමට නොහැකිවී තිබේ. එහිදී ජඩේජා ඔහුව ලකුණු නොලබා පළමු ඉනිමේදී පිටියෙන් ඉවත්කිරීමට සමත්විය. දෙවැනි ඉනිමේදී අංක 9 පිතිකරුවා ලෙසින් පිවිස ලකුණු 17ක් රැස්කළේය.“ධනංජය හොඳ ක්‍රීඩකයෙක්. ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කළා. ඉනිම දෙකක අසාර්ථක වූ පමණින් ඔහුව එළියෙන් තියන්න ඔබට බෑ. ”

එසේම රංගන හා නුවණ් නොමැතිවීම හේතුවෙන් ළහිරු කුමාරට මෙන්ම විශ්ව ප්‍රනාන්දුට තෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් ඇති බවද චන්දිමාල් සඳහන් කළේය. “ ළහිරු හා විශ්ව මේ දිනවල හොඳින් ක්‍රීඩා කරනවා. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති අවස්ථාවක තම හැකියාව පෙන්වන්න ඔවුන්ට අවස්ථාවක් ලැබී තිබෙනවා. මම හිතනවා ඔවුන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනීවි කියා. ”