“අපිට හොඳ වේග පන්දු යවන්නන් නෑ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරමක් බලාසිටින්න වේවි. ඔවුන් තවමත් ගොඩක් ක්‍රීඩ කර නෑ.” චමින්ද වාස් පවසයි © AFP

“අපිට හොඳ වේග පන්දු යවන්නන් නෑ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරමක් බලාසිටින්න වේවි. ඔවුන් තවමත් ගොඩක් ක්‍රීඩ කර නෑ.” චමින්ද වාස් පවසයි © AFP

අගෝස්තු 12දා පල්ලෙකැලේහි පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ ගුණාත්මකභාවය පිළිබඳව වාස් කතාකළේය. ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන වාස් ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු තරගයේ පළමු අර්ධයේදී දැඩි ප්‍රහාරයට ලක්වීම පිළිබදවද වාස් සිය අදහස් දැක්වීය.

ඉන්දීය කණ්ඩායම දිවා ආහාරයට තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවී පන්දුවාර 27කදී ලකුනු 134ක් රැස්කරගෙන සිටියේ. එහිදී කුමාරගේ පන්දුවාර 6 තුළදී ප්‍රතිවාදීන් උඳුරාගත් ලකුණු සංඛ්‍යාව 41කි. “වේග පන්දු යවන්නන් උදයේ ක්‍රීඩා කළ ආකාරය ගැන මම සතුටු නෑ. ඔවුන් එහාට මෙහාට පන්දු යැව්වා. මම එයට සමාවක් දෙන්නේ නෑ. මේ අයට අත්දැකීමක් නෑ. විශ්ව සිය 2 වැනි තරගයට ක්‍රීඩා කරන්නේ කුමාර තමන්ගේ හය වැනි තරගයට ක්‍රීඩා කරන්නේ. ඔවුන් හොඳන් පන්දු යැව්වේ නෑ. නමුත් දිවා ආහාරයෙන් පසුව ඔවුන් ශකිත්මත්ව පැමිණ තරමක් හොඳින් පන්දු යැව්වා.”

“ හැම පන්දු යවන්නෙක්ම හොඳින් පන්දු යැව්වා. විශේෂයෙන්ද දඟ පන්දු යවන්නන්. අපි ඔවුනව පළමු දිනය තුළදී ලකුණු 320ට සීමා කළා. දිනය අවසානයේදී විශ්ව හොඳින් පන්දු යැව්වා. විශේෂයෙන්ම ඔහුගේ අවසන් පන්දුවාර දෙක.”
ආරම්භක පිතකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 188ක සබඳතාවක් පවත්වා තිබියදී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 329ක් ලෙස නැවැත්වීය. ඒ මලින්ද පුෂ්පකුමාර හා ලක්ෂාන් සඳකැන්ගේ සහායෙනි. ඔවුන් දෙදෙනා ඉන්දියාවේ බිඳ වැටුණු කඩුලු 6 න් 5ක්ම දවාගත්හ. “ විකට්ටුව පන්දුවට පහරදෙන්නනට ඉතාමත් හොඳයි. අපි දැක්කා පළමු පැය කිහිපයේදී පන්දුව කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ හරහා පිතිකරුවන් ලකුණු රැස්කළ ආකාරයත්. මේ තමයි සාමාන්‍ය නුවර විකට්ටුව. අපි හිතාගෙන හිටියේ වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග යන්නනයි. නමුත් කළමනාකරණය ගන්න ඕනෑම තීරණයකට අපි සහාය දැක්විය යුතුයි. ”

ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන දවා ගැනීමෙන් පසුව වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර පන්දු යැවීමෙන් ඉවත්කර නැවතත් වමතින් වේග පන්දු යවන ප්‍රනාන්දුව කණ්ඩායමට ගෙන ඒමට දිනේෂ් චන්දිමාල් කටයුතු කළේය. “ අපිට සැලැස්මක් තිබුණා කෝලි පන්දුවට පහරදීමට පැමිණි විට වේග පන්දු යවන්නන් ගෙන එන්න. එය පළමු ටෙස්ට් තරගයේදී පටන් සිදුවුණා. අපි විශ්වගෙන් ක්‍රීඩා කරන්න පටන්ගත්තේ සැලැස්මක් ඇතිව. ඔහු එම සැලැස්ම හොඳින් ක්‍රියාත්ම කළා.

තරගය නිමාවීමට පන්දුවාර දෙකක් පමණ ඉතිරිව තිබියදී ක්‍රියාත්මක් වූ විශ්ව ප්‍රනාන්දු අශ්වින් දවාගනිම්න ඉන්දියාව තවත් පසුපසට දැමීය. “ ඔහුගේ පන්දු යැවීම ගැන බලපුවාම හොඳ අනාගතයක් තිබෙන බව පෙනෙනවා. අපි ඔහු ගැන බලාගෙන ඔහුව ඉදිරියට ගෙන යා යුතුයි. ”

“අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ වෙනුවෙන් තරමක කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඔවුන් මෙවැනි පන්දුයවන්නන්ට කාලයක් දෙන්න ඕන. ඔබ ඉන්දියානු වේග පන්දු යවන්නන් ගැන බැලුවොත් ඔවුන් තරග 60ක් පමණ ක්‍රිඩා කර තිබෙනවා. අපි ඉවසා සිටිය යුතුයි. ඒ හරහා අපිට ප්‍රතිඵලයක් බලාගන්න පුළුවන් වේවි”
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ආබාධයකට ලක්ව ඇති අතර ණුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් එසේ ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෝ වෙති. “ අපි බලන්න ඕන ඔවුන් මොනවද කරනලා තිබෙන්නේ කියලා. ණුවන් ප්‍රදීප් ගාල්ලේ ක්‍රිඩා කරමින් කඩුලු හයක් ලබාගත්තා. අපි බලන්න ඕන මොන ආකාරයේ විකට්ටුවකද ඔහු ක්‍රීඩා කළේ, ඒ වගේම මොන ආකාරයෙන්ද ඔහු දක්ෂතා දැක්වූයේ කියලා. පසුගිය මාස හයක පමණ කාලය පිළිබඳව කතා කර ඔබට කියන්න පුළුවන් ණුවන් ප්‍රදීප්ට සුරංග ලක්මාල්ට වඩා හොඳින් පන්දුව යොමුකළා කියලා. ඔහු කඩුලු ගත්තේ නෑ තමයි. නමුත් ඔහු තමන්ගේ පැත්තෙන් හොඳින් පන්දු යැව්වා.”

“දැන් අපිට ගොඩක්ම ක්‍රීඩා කර තිබෙන්නේ ඒ පන්දු යවන්න්න දෙදෙනා. ජොහැන්නසර්බර් විකට්ටුවේ වේගයක් තිබෙනවා. නමුත් එයින් කියන්නේ නෑ වේග පන්දු යවන්න්න අනිවාර්යයෙන්ම එහි කඩුලු දවා ගන්නවා කියා. ඒ වගේම ඔබ බලන්න ඕන අනෙක් අන්තයෙන් කවුද පන්දු යවන්නේ කියලා. වේග පන්දු යැවීම කියෙන්නේ එක් අයෙකුට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. ඔබ වේග පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් තරග කරනවානම් ඔවුන් තිදෙනා එකිනෙකාට සහාය දක්වා ගත යුතුයි. ණුවන් කඩුලු ගත්තේ නැතත් ඔහු ක්‍රීඩා කළ ආකාරය ගැන ඔබ බලන්න ඕන.”

දෙවැනි ටෙස්ට් තරගයේදී දිමුත් පැවැසූ ආකාරයටම වාස් අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග රටාවේ වෙනසක් සිදුවිය යුතුය බවයි.“ ඔවුන්ට ගොඩක් ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙන්න ඕන. ඔබ අපේ පළමු පෙළ තරග දෙස බැලුවොත් ඔවුන්ට විශාල ලෙස තරග නෑ. ඇතැම් රටවල් බලන්න ඔවුන් හොඳන් පන්දු යවන්න ආරම්භ කරන්නේ ටෙස්ට් තරග 20 – 25ට පසුයි. අපිට ඉක්මනින්ම විශ්වගෙන් හා ළහිරු කුමාරගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔවුන්ගේ මනස තුළ තිබෙනවා ඔවුන්ට වර්ධනය විය හැකි බව. ඔවුන් ගොඩක් පුහුණුවී ගොඩක් තරග සඳහා එක්විය යුතුයි. තරග හරහා ලබන අත්දැකීමෙන් ඔවුන් දියුණු වේවි”

“ අපිට අපේ පළමු පෙළ තරග ගැන තෘප්තිමත් වෙන්න බෑ. අපි අපේ පළමු පෙළ තරග රටාව වේග පන්දු යවන්නන්ට ගැලපෙළ ලෙසත් සකස් කළ යුතුයි. අපි පළමු පෙළ තරග කොහොමද වෙන්න ඕන කියලා ගොඩක් කතා කරනවා. නමුත් ගැටලුව තවත් අවසන්ව නෑ. අපේ ක්‍රිකට් වර්ධනය කිරීමට මෙන්ම වේග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය කිරීමට අවශ්‍ය නම් අපි වේග පන්දු යවන්නට ගැලපෙන විකට්ටු නිර්මාණය කළ යුතුයි. අපි එය කළොත් ලෝකයේ වෙනත් රටකට නොදෙවෙනි ලෙස අපේ වේග පන්දු යවන්නෝ දක්ෂතා දක්වාවි.”