Jeffrey Vandersay © Getty Images

විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව කණඩායමේ අවස්ථාවක් නොලැබුණ වැන්ඩසේ විස්සයි20 තරගයේදී සඳකැන් වෙනුවට කණ්ඩායමට පැමිණ තිබේ. © Getty Images

බදාදා (සැප්තැම්බර් 06) ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

එක්දින තරගාවලියට සමානව වුවත් මෙම සංචිතය සඳහා 6ක් අලුතෙන් නම් කර තිබේ. පාදග පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කණ්ඩායමට පැමිණ ඇති අතර උපුල් තරංග කණ්ඩායම මෙහෙයවනු ඇත. විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව කණඩායමේ අවස්ථාවක් නොලැබුණ වැන්ඩසේ විස්සයි20 තරගයේදී වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් වෙනුවට කණ්ඩායමට පැමිණ තිබේ.

ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් හා විකුම් සංජය එක්දින තරවලියේ නොමැතිව විස්සයි20 තරගයට නම් කළ අනෙකුත් ක්‍රීඩකයෝ වෙති.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව සීමිත පන්දුවාර නායකයා ලෙස පත්වූ උපුල් තරංග නායකත්වය දෙන පළමු විස්සයි20 තරගය මෙය වෙයි.

මෙය ඉන්දියාවට එරෙහි පැවැති තරාවලියේ ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණයක් සඳහා ඇති එකම අවස්ථාවයි. ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසත් එක්දින තරගාවලිය 5-0ක් සෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පරාජයට පත්ව ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය