කුල්දීප්ට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටීමට සිදුවන හේතු පිළිබදව හොද දැනීමක් ඇත. “ලෝකයේ අංක එකේ හා අංක දෙකේ දඟ පන්දු යවන්නන් දෙදෙනා කණ්ඩායමේ සිටින විට.” © BCCI

කුල්දීප්ට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටීමට සිදුවන හේතු පිළිබදව හොද දැනීමක් ඇත. “ලෝකයේ අංක එකේ හා අංක දෙකේ දඟ පන්දු යවන්නන් දෙදෙනා කණ්ඩායමේ සිටින විට.” © BCCI

චයිනමන් පන්දු යවන කුල්දීප් යාදෙව් සිය මංගල ටෙස්ට් තරගයට පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ධර්ම්ශාලා පිටියේ ක්‍රීඩා කරනු ලැබීය. තරගාවලියේ තීරණාතමක තරගය වූ එහිදී ඔහු ලකුණු 68ට කඩුලු 4ක් දවාගත් අතර ඒ හේතුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 144ක් රැස්කරගෙන සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 300කට දැවී ගියේය. කුල්දීප්ගේ සාර්ථකත්වය මත ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලි 2-1ක් ලෙස ජයගත්තේය.

පසුගිය ටෙස්ට් තරග දෙකේදී විරාත් කෝලි රවීන්ද්‍ර ජඩේජා හා ආර්. අහ්වින් සමග ක්‍රීඩා කලේය. ඒ අනුව 22 හැවැරිදි කුල්දීප්ට  කණ්ඩායමේ ස්ථානය හිමි නොවිණි. කැරිබියන්හි පැවැති එක්දින තරග පහේදී කුල්දීප් කඩුලු 8ක් දවාගැනීමට සමත්විය.

පල්ලෙකැලේ පිටියේදී 12 දා ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය ජඩේජාට තහනම්වී ඇති නිසා එම තරගයේ ක්‍රීඩා කරන අවසන් 11 දෙනා අතරට පැමිණීමට කුල්දීප්ට අවස්ථාව තිබේ. ජඩේජා වෙනුවට ආක්ෂාර පටේල් කණ්ඩායමට නම් කළත් තෙවැනි ටෙස්ට් තරගයේ අශ්වින්ගේ සහායකයා ලෙස එක්වීමට ආක්ෂාර්ට නොහැකිවනු ඇත.

“ඇත්තටම යම් කලබලයක් තිබෙවා” යැයි කුල්දීප් පැවැසුවේ පල්ලෙකැලේ පිටියේදී පළමු පුහුණු සැසියට එක්වීමෙන් අනතුරුවය. “  මගේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විටත් තරමක කලබලයක් තිබුණා. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබුණොත් මම සතුටුවෙනවා. මොකද මම මහන්සියෙන් වැඩ කළා. ඒ සඳහා ලැබුණ ප්‍රතිඵලයක් ලෙසයි මම එම අවස්ථාව දකින්නේ. මම තරමක් කළබලයි. ඒ වගේම එහි චකිතයකුත් තිබෙනවා. මොකද මට හොඳින් දක්ෂතා දක්වන්න පුළුවන් වේවිද කියා. ”

“ මම භාරත් අරූන් සමග පසුගිය අවුරුදු 10ක කාලයක සිට කටයුතු කරනවා. මම 16න් පහළ, 19න් පහළ ක්‍රීඩා කරද්දී ඔහුත් සමග බොහො දේවල් බෙදා ගත්තා. මට ඔහු පන්දු යැවීම ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඔහු මාව කුඩා කල සිට දන්න නිසා මොනවද කරන්න ඕන. මොනවද කරන්න ඕන නැත්තේ කියලා ඔහු දන්නවා. ඔහුත් සමග වැඩ කිරීම පහසුයි. ඔහුත් සමග වැඩ කිරිමට ලැබීම ගැන සතුටුයි.”

තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබේදැයි යන්න පිළිබඳව කුල්දීප්ට තවමත් කණ්ඩායමෙන් නිසි දැනුම් දීමක් කර නොමැත. “ඒක තවමත් පැහැදිලි නෑ. මොකද තව දවස් තුනක් පුහුණුවීම් කරන්න තිබෙනවා. නමුත් මම මෙහාට ආවසට පස්සේ රවී ශ්‍රාස්ත්‍රි මාව අභිප්‍රේරණය කරනවා. ඔහු මට පළම ටෙස්ට් තරගයේදීත් එහෙම කළා. ඒක හොඳ අත්දැකීමක්”

ආබාධයක් හේතුවෙන් කෝලි ක්‍රිකට් පිටියෙන් පිට සිටින විට කුල්දීප් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ අජින්කේ රහානේ යටතේය. “ මට එහිදී ලොකුම දේ වුණේ තරගයට ක්‍රීඩා කිරීමයි. ඊට වඩා වැඩි දෙයක් තිබෙන්න බෑ. මම තරමක් කළබල වුණා. මොකද ලොකු පීඩනයක් තිබුණේ. මට තරගයට පෙර දිනයේ නින්ද ගියේ නෑ. ඔබ ඔබගේ සිහිනයට ළගයි නම් ඔබට නින්ද යන්නේ නෑ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ සිහිනයක් වුණා. මට දැන් දක්ෂතා දක්වන්න වෙනවා. මොකද හැම කෙනෙක්ම මා දිහා දැන් බලනවා. මම කාටද එරෙහිව ක්‍රීඩා කරන්නේ කියලා හිතන්නේ නෑ. නවසීලන්තය වුණත් ඔස්ට්‍රේලියාව වුණත් මම උත්සාහ කරන්නේ වැඩි වශයෙන් කඩුලු ලබාගන්නයි. මට තියෙන හැකියාව පෙන්වන්න ඕන. ඒක තමයි මම කළේ.”

“අනිල් කුම්බ්ලේ මෙන්ම අංජු සහෝදරයා කීවේ ‘ ඔබ පන්දු යැවීමෙන් විනෝද වන්න. ඔබ පුහුණුවේදී කළ දේ කරන්න හෝ ඔබ පොඩි කාලයේදී පටන් කළ දේ කරන්න ’ කියලයි. මගේ මනසේ තිබුණේ පළමු පන්දුව වැදගත් කියලයි. මට එය හොඳින් යොමු කිරීමටයි අවශ්‍ය වුණේ. පළමු පන්දුව හොඳ වුණොත් පළමු පන්දුවාර කිහිපය හොඳ වෙනවා. මම මා ගැන විශ්වාසයෙන් ගොඩ නැගුණා ඒ වගේම කලබලය නැතිවුණා.”

කුල්දීප්ගේ ප්‍රධානම අභිප්‍රේරකයා වන්නේ හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේය. කුල්දීප් කුඩා කාලයේ පටන් භාරත් අරූන් සමග වැඩ කර ඇත. “ මම භාරත් අරූන් සමග පසුගිය අවුරුදු 10ක කාලයක සිට කටයුතු කරනවා. මම 16න් පහළ, 19න් පහළ ක්‍රීඩා කරද්දී ඔහුත් සමග බොහො දේවල් බෙදා ගත්තා. මට ඔහු පන්දු යැවීම ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඔහු මාව කුඩා කල සිට දන්න නිසා මොනවද කරන්න ඕන. මොනවද කරන්න ඕන නැත්තේ කියලා ඔහු දන්නවා. ඔහුත් සමග වැඩ කිරීම පහසුයි. ඔහුත් සමග වැඩ කිරිමට ලැබීම ගැන සතුටුයි”

පල්ලෙකැලේ තරගයට තරග තහනමක් හේතුවෙන් ජඩේජා ක්‍රීඩා නොකරන හෙයින් එම තරගයට ක්‍රීඩා කිරිමට කුල්දීප්ට අවස්ථාව තිබේ. © BCCI

පල්ලෙකැලේ තරගයට තරග තහනමක් හේතුවෙන් ජඩේජා ක්‍රීඩා නොකරන හෙයින් එම තරගයට ක්‍රීඩා කිරිමට කුල්දීප්ට අවස්ථාව තිබේ. © BCCI

පළමු ටෙස්ට් තරගයෙන් පසුව පවා ඔහුට බංකුවේ සිට බලාගෙන සිටීමට සිදුවූයේ ඇයිදැයි යන්න පිළිබඳව ඔහු හොඳකාරවම දනී. “  ලෝකයේ අංක එකේ හා අංක දෙකේ දඟ පන්දු යවනන් දෙදෙනා ඉන්න කණ්ඩායමක අවස්ථාවක් ලැබීමට ඔබට බාලාගෙන සිටීමට සිදුවෙනවා. ඔබට පහසුවෙන්ම කණ්ඩායමට ඇතුළත් වෙන්න බෑ. නමුත් මට ඔවුන් සමග වැඩ කිරීමට ලැබීමත් පසුගිය මාස යහ හතේදී ඔවුන් සමග සිටීමට ලැබීමත් හොඳ දෙයක්.මට ඔවුන්ගෙන් ගෙඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී. මම ඔවුන් සමග ඉදිමින් ඔවුන්ට කතා කරමින් ඉන්න තමයි උත්හා කරන්නේ.”

මෙය කුල්දීප් පළමු වරට සහභාගිව විදේස් සංචාරය වන අතර නමුත් එයින් ඔහුගේ සූදානමේ කිසිඳු වෙනසක් සිදුව නොමැත. “ ඔබ විදේශයකදී පන්දු යවන විට ඔබගේ මනස ටිකක් හදා ගන්න ඕන. ලංකාවේ විකට්ටු ඉන්දියාවේ විකට්ටු වලට සමීපයි. ඉතින් ඔබට කොහොමද පන්දු යවන්නේ කියලා අදහසක් තිබෙනවා. පිතිකරුවන් විතරයි තමන්ගේ පැමිණීම වෙනස් කරන්නේ. මම තරමක් සැලසුම් කළා. මට ඒක පිටියේදී කරන්න පුළුවන් වුණොත් හොඳ දෙයක්. ”

“ මම ක්‍රීඩා කරන විට විකට්ටුව ගැන හිතන්නේ නෑ. මම බොහෝ අවස්ථාවලදී විකට්ටුව දැක් නෑ. මම සිමෙන්ති ඇතිරූ විකට්ටුවක පන්දු යවනවා. එයට වඩා වෙනස් විකට්ටුවක් තවත් නෑ. ගෙඩක් පන්දුව ඉපිළෙන තණකොල සහිත විකට්ටුවක ක්‍රීඩා කිරීම අපහසුයි. නමුත් පන්දුව දඟ කැවෙන්නේ නැති අවස්ථාවලදී පවා එයින් වාසියක් ලබාගත හැකි අවස්ථා දඟ පන්දු යවන්නනට තිබෙනවා.”

එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ස්වීප් පහර එල්ල කිරීම පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.“ කුසල් හා දිමුත් හොඳින් පිතිකරණයේ යෙදුණා. ඔවුන් ස්වීප් පහර හොඳින් කළා. පිතිකරුවන් හොඳින් ස්වීප් පහර එල්ල කරයි නම් එය දඟ පන්දු යවන්නනට අමාරු දෙයක්. මගේ සැලැස්ම මෙය පාලනය කිරීමයි. මම සැලසුම් කර තිබෙන්නේ ඔවුන්ව වැඩි ලෙස ස්වීප් පහරට යොමු නොකරන්නට. අනෙක් අතින් ස්වීප් පහර එල්ල කරනවා කියන්නේ විශාල අවස්ථා ලැබෙනවා. ඒ ගැන ඔබ සැලසුම් කළොත් එය වැදගත් වේවි.”

කුල්දීප් පවසන්නේ පහසුවෙන්ම සාර්ථක විය නොහැකි බවයි. “ ඔබ වමත් දඟ පන්දු යවන්නෙක්ද දකුණත් දඟ පන්දු යවන්නෙක්ද කියලා වැදගත් නෑ. එය රැඳී තිබෙන්නේ ඔබ පන්දු යවන ස්ථානය අනුවයි. ඒක තමයි වැදගත්. ඔබ හොඳින් පන්දු යවනවානම් පිතිකරුවන් ගැටලුවකට පත්වෙනවා. ඒ හරහා ඔබට කඩුලු දවා ගැනීමට වැඩි අවස්ථාක් තිබෙනවා. ”

“ දැන්නම් චයිනමන් පන්දු යවන්නන් ගෙඩාක් ඉන්නවා. ඔබ ඕනෑම ක්‍රිකට් පුහුණු ඇකඩමියකට ගියොත් චයිනමන් පන්දු යවන්නන් 8-10ක් පුහුණුවෙනවා. ඒක තමයි මම ආවට පස්සේ සිදුවුණ වෙනස. අපිට අනාගතයේදී ගොඩක් දග පන්දු යවන්නන් දැක ගන්න පුළුවන් රංජි කුසලාන තරගාවලියේදී. මෙය ඉදිරියේදී ජාත්‍යන්තර පිටියටත් සිදුවේවි. ”

තම පළමු ටෙස්ට් තරගයෙන් පසුව සිය ජීවිතය වෙනස් වූ බව කුල්දීප් සඳහන් කරයි.“ ඔබ ඉන්දියාව වෙනුවෙන්, ටෙස්ට් ක්‍රීඩා කරනවා කියන්නේ ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. ඔබගේ පවුලට වඩා ගෙන දිය හැකි එයට වඩා ගෞරවණීය දෙයක් තවත් නෑ. මට ඉන්දියාව නියෝජනයට ලැබීම  සතුටක්. මේ මගේ මහන්සියේ ප්‍රතිඵලයි. ”

“  මම ක්‍රීඩා කරන විට විකට්ටුව ගැන හිතන්නේ නෑ. මම බොහෝ අවස්ථාවලදී විකට්ටුව දැක් නෑ. මම සිමෙන්ති ඇතිරූ විකට්ටුවක පන්දු යවනවා. එයට වඩා වෙනස් විකට්ටුවක් තවත් නෑ. ගෙඩක් පන්දුව ඉපිළෙන තණකොල සහිත විකට්ටුවක ක්‍රීඩා කිරීම අපහසුයි. නමුත් පන්දුව දඟ කැවෙන්නේ නැති අවස්ථාවලදී පවා එයින් වාසියක් ලබාගත හැකි අවස්ථා දඟ පන්දු යවන්නනට තිබෙනවා. ”