තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ දවාන් ලකුණු 119ක් රැසිකිරීමට සමත්විය. © AFP

තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ දවාන් ලකුණු 119ක් රැසිකිරීමට සමත්විය. © AFP

“මම කියෙන් ඔබ රජෙකු මෙන් පිතිකරණයේ යෙදෙයි නම්,රජෙකු මෙන් දැවී යන්න. සෙබෙළෙකු මෙන් දැවී යන්න එපා.”

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේදි අද (12දා) ආරම්භවූ ටෙස්ට් තරගයේ පළමු දිනයෙන් පසුව දවාන් හින්දි භාෂාවෙන් කළ ප්‍රකාශයේ තේරුම එය විය. පළමු දිනය නිමා වන වට ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 329ක් රැස්කිරීමට සමත්විය. ඒ ආරම්භක පිතිකරුවන් ලකුණු 188ක සබඳතාවක් පවත්වා තිබියදීය.

මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය රැස්කළ දවාන් අද රැස්කළේ තම 6 වැනි ටෙස්ට් ශතකයයි. ඔහු හා සාර්ථක පිතිකරණයක යෙදුණ ලෝකේෂ් රාහුල් වමත් දග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරගෙන් පන්දුවක් හමුවේ දැවී ගියේය. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ක්‍රිඩා විලාසයේ වෙනසක් දැකිය හැකිවිය. ඒ පුෂ්පකුමාර හා ලක්ෂාන් ඉන්දියාවට පීඩනයක් එල්ල කිරීමට සමත්වීමත් සමගිනි.

“ ඔබ ආවේගයෙන් ලකුණු රැස්කරයි නම් ඔබ දැවී යා යුත්තේත් ඒ අයුරින්මයි. ” යනුවෙන් පවසන්නේ පන්දු 123කදී ලකුණු 119ක් රැස්කළ දවාන්ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 17ක්ද ඇතුළත්විය. “  මම දන්නවා මම ආවේගකාරී පිතිකරුවෙක්. මට ආරක්ෂාකාරී ලෙස පහරක් එල්ල කර දැවී යන්න අවශ්‍ය නෑ. මොකද ඒ මගේ ස්වාභාවික තරග රටාව නෙමෙයි. මම හදන්නේ ලකුණු රැස්කරන්නයි. ඒ වගේම එය ඉක්මනින් කිරීමටයි.”

“  අපි දෙදෙනාම ලකුණු 75-80 සීමාවේ සිටින විට ශතකයට යන ආකාරය ගැන කතා කරන්නේ නෑ. අපි දෙන්නා බලන්නේ ශතකයට යන්නයි. ඕනෑම අයෙක්ට ශතකයට ළගාවෙන ක්‍රම තිබෙනවා. කෙනක් ලකුණින් ලකුණ යනවා. ඒ අවම අවධානමකින්. මම දන්නවා මොන පන්දු යවන්නටද පහරදිය හැකි කියලා. මම එහෙමයි වැඩ කරන්නේ. රාහුල් මම වගේම ක්‍රීඩකයෙක්. ඔහු පන්දු යවන්නට පීඩනයක් ඇති කරන්න උත්සාහ කරනවා. ඒක මටත් අදාළයි. නමුත් සමහර අවස්ථාවේදී එය එසේ සිදු නොවෙන්නත් පුළුවන්.”

තරගයේදී ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව අත්දෙකේ ඇඟිලි දෙකක් එක් කරමින් ‘V’ ලකුණක් ඔහු පෙන්වීය. එය ඔහුගේ සාමාන්‍ය සැමරීම නොවෙයි. “ ඒක කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග තිබුණ විනෝද කරුණක් එයින් මා කීවේ මගේ දෙවැනි ශතකය නෙමෙයි. ඔවුන් මට අලුත් නමක් දුන්නා. මම එයයි සැමරුවේ. නමුත් මේ අවස්ථාවේදි මට නම කියන්න බෑ.”

දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කළ බව දවාන් සඳහන් කරයි. “ ඔවුන් දක්ෂ ලෙස ආපසු ආවා. ඔවුගේ ශරීර භාෂාව හොඳ වුණා. ඔවුන් හොඳ ස්ථානයන්ට පන්දුව යොමුකළා. ඒ වගේම හිතපු තරම් විකට්ටුව ඉපිළුණේත් නෑ.  ”

“ ඒ වගේ දේවල් සිදුවෙනවා (කිසිවෙකු නොදැවී ලකුණු 188ක් රැස්කළ ඉන්දීය කණ්ඩායම 329/6ක් ලෙස දිනය නිමා කිරීම)  අපි හොඳ ආරම්භයක් ලබාගත්තා වගේම දිනය අවසන්වූ විටත් අපි එය එසේ යැයි සිතනවා. ලකුණු 329ක් කියන්නේ හොඳ තත්ත්වයක්. දැන් පිටියේ සිටින පාණ්ඩ්‍යාට හා සහාට ඉහළ ලකුණු සංඛ්‍යාවකට යෑමට අවස්ථාව තිබෙනවා. එය දඟ කැවෙන විකට්ටුවක් නෙමෙයි.  ඒ වගේම පන්දුවේ ඉළිප්පීමකුත් නෑ. එවැනි පටියක ලකුණු රැස්කිරීම අපහසු කරුණක්. මම හා රාහුල් හොඳින් ක්‍රීඩා කළා.  අපි දැවී ගියේ විකට්ටුව නිසාවත් වෙන දෙයක් නිසාවත් නොමෙයි ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ නිසයි. ඒ අනුව ඔවුන් තරගය ඔවුන් දෙසට හරවා ගත්තා වගේම ලකුණු 400කට යෑම තරමක් දුරකට අත්හිටෙව්වා.”

තණතීරුව මේ වන විට තරමක වියළි ස්වරූපයක් ගන්නා බව දවාන් පවසයි. “ ඒක වියළියි. එය ගැන වැඩි විස්තරයක් මට කියන්න බෑ. අපි බලමු විකට්ටුවේ තෙවැනි දිනයේ හැසිරීම. ”