“ඔවුන් පිටියට ගිය විට අනුක්ම්පාවකින් තොරව සිය කාර්යය කරනවා. ගොඩක් කණ්ඩායම් ඔවුන්ගෙන් අභිප්‍රේරණ වෙනවා.” යැයි නික් පෝතාස් ඉන්දීය කණ්ඩායම ගැන පවසයි. © AFP

“ඔවුන් පිටියට ගිය විට අනුක්ම්පාවකින් තොරව සිය කාර්යය කරනවා. ගොඩක් කණ්ඩායම් ඔවුන්ගෙන් අභිප්‍රේරණ වෙනවා.” යැයි නික් පෝතාස් ඉන්දීය කණ්ඩායම ගැන පවසයි. © AFP

ශ්‍රී ලංකාව හා පැවැති ක්‍රිකට් තරගාවලිය 9-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව වත්මන් ඉන්දීය කණ්ඩායම නවසීලන්ත රග්බි කණ්ඩායමට සමාන බව ශ්‍රී ලංකා අතුරුපහුණුකරු නික් පෝතාස් පවසයි.

ලෝකයේ සිටින දක්ෂම රග්බි කණ්ඩායමක් ඉන්දියාවට සමකිරීමට තීරණය කිරීම දකුණු අප්‍රිකානු ජතික පුහුණුකරුවාගෙන් පුදුම තීරණය් වෙයි. නමුත් ඇතැමෙක් ඉන්දීය කණ්ඩායම නවසීලන්ත රග්බි කණ්ඩායමට සමාන කරයි නම් එයස විශේෂයකි.

“ ඔබ ඔවුන්ගේ කණ්ඩායම බලන්න. ඔවුන් ඕල් බ්ලැක්ස් කණ්ඩායම වගෙයි. ඔවුන් ප්‍රතිවාදීන්ට ගොඩක් ගරු කරනවා. ඔවුන් පිටියට ගිය විට අනුක්ම්පාවකින් තොරව සිය කාර්යය කරනවා. ගොඩක් කණ්ඩායම් ඔවුන්ගෙන් අභිප්‍රේරණ වෙනවා. වැදගත්ම දේ ඔවුන් අතපසුවීම් තුළින් ඉගෙන ගැනීමයි.” යැයි පෝතාස්  පවසයි.

සැප්තැම්බර් 06 දා කෝළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති විස්සයි20 තරගයෙන් ලකුණු 170ක ඉලක්කයක් හඹාගොස් එය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය. ලකුණු හඹායෑමේදී ඉන්දිය කණ්ඩායම  මෙහෙයවූ කෝලි පන්දු 54කදී ලකුණු 82ක්  රැස්කළ අතර එය ඔවුන් තරගාවලියේ අඛණ්ඩව ලබාගත් ජයග්‍රහණය වෙයි.

විස්සයි20 තරගයට අමතරව ටෙස්ට් තරගාවලිය 3-0ක්, එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය කිරීමට ඉන්දියාව සමත්විය.

“මිලකළ නොහැකි ගුණාංගයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි ඔවුන්. ඒ වගේ කණ්ඩායමකට එරෙහිව අවසන් කිරීම අපහසුයි. ඔවුන් ගොඩක් දේවල් හොඳින් කරනවා”

මෙහිදී ඉන්දීය නායකයා ලෙස කෝලිගේ දායකත්වය ගැනද පෝතාස් කතා කළේය. “ ඔබ බලන්න නායකයෙක් ලෙස ගෞරවයෙන් ඔහු පිටියේදී දෙන නායකත්වය. ඔහු ආදර්ශයක්. කණ්ඩායම තුළ ඉන්දීය කණ්ඩායමේ දැන් ඇති සංස්කෘතිය කෝලි නිර්මාණය කර තිබෙන්නේ.”

“ඔබ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් නම් ප්‍රතිවාදී කණ්ඩායම ඔබව ඉලක්ක කරනවා” ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව පෝතාස් පවසයි. © Getty Images

“ඔබ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් නම් ප්‍රතිවාදී කණ්ඩායම ඔබව ඉලක්ක කරනවා” ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව පෝතාස් පවසයි. © Getty Images

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු එක් ධනාත්මක ලකුණක් වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් රිද්මයට පැමිණිමයි. මේ තරගාවලිය ආරම්භයට පෙරාතුව මැතිව්ස් නායකත්වයට සමු දුන්නේය. තරමක් දුරට ලකුණු අතර නොසිටි මැතිව්ස් නැවතත් හොඳ ඉනිම් දෙක තුනකින් ලකුණු අතරට පැමිණියේය. නමුත් ඔහුගේ දක්ෂතාව ක්‍රමයෙන් වයස විසින් අතික්‍රමණය කරමින් තිබෙන බව නම් පැහැදිලිය.

“ඒක ඇන්ජට ගොඩක් ආමාරුයි. ඔබ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ප්‍රතිවාදී කණ්ඩායම ඔබව ඉලක්ක කරන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දැක්වීම ඔබට පීඩනයක් ගෙන දෙනවා. ඇන්ජි ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. නමුත් ඇන්ජිගේ දක්ෂතාව ඔහුගේ රිද්මය අනුම රැඳී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු කතා කර තීරණ ගන්නවා. මට ඔහුත් සමග ගැටලුවක් නෑ”

කෙසේ වෙතත් පෝතාස්ට තරංග සමග ගැටලුවක් ඇති බව පෙනුනත් එය නොපෙන්නුවේය. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකයා මාස 6ක  කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. එය ඔහු සඳුදා දිනයේදී ප්‍රකාශයට පත් කළේය.

“ මම දන්නේ නෑ. ඔහු මාත් සමග ඒ ගැන කතා කළේ නෑ” යැයි පෝතාස් තරංගගේ තීරණය පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය. “ඔබ ඒ ගැන ඔහුගෙන් අහන්න යැයි ” යැයි කීවේය.

පළමු එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කරමින් පෝතාස් පැවැසුවේ කණ්ඩායමේ දක්ෂතා අඩුවීමට ප්‍රභල හේතුවක් වි ඇත්තේ “ගොඩක් කෝකියන්” සිටින බව පවසමිනි.

“ අපිට ගොඩක් හොඳ ක්‍රීඩකයන් කණ්ඩායම තුළ සිටිනවා. ඔවුන්ට විශ්වාසයක් දීම මෙන්ම ඔවුන්ව විශ්වාස කිරීම වැදගත්. එසේ වුවහොත් ඔවුන් ලෝක මට්ටමේ ක්‍රීඩකයන් වේවි ” යැයි පෝතාස් පවසයි.

තරගයේ පරාජය පිළිබඳව අදහස් දක්වන පෝතාස් පවසන්නේ, “ ඔබ අපි ක්‍රීඩා කළ ආකාරය ගැන බලන්න. අපිට ලකුණු 15ක පමණ අඩුවක් තිබුණේ. අපි හොඳ ඉනිම් තිබුණා. නමුත් එය දීර්ඝ කර ගන්න බැරිවුණා. ලකුණු 170ක් ආරක්ෂා කර ගන්න නම් ඔබ හොඳින් පිටය තුළ ක්‍රඩා කරන්න වෙනවා” යැයි පැවැසුවේය.