“ඔහු නායකයෙක්. ඔහු ඉදිරිපෙළ සිට කණ්ඩායම මෙහෙයවන අතරම කණ්ඩායමට අවශ්‍ය සෑම දේම දෙනවා” යැයි කුල්දීප් කෝලි පිළිබඳව අදහස් දක්වමින් පවසයි. © Getty Images

“ඔහු නායකයෙක්. ඔහු ඉදිරිපෙළ සිට කණ්ඩායම මෙහෙයවන අතරම කණ්ඩායමට අවශ්‍ය සෑම දේම දෙනවා” යැයි කුල්දීප් කෝලි පිළිබඳව අදහස් දක්වමින් පවසයි. © Getty Images

මැණික් කටුවෙන් දඟ පන්දු යොමුකරන ක්‍රීඩකයන්ට මේ වන විට ඉන්දීය කණ්ඩායම තුළ හොඳ තත්ත්වයක් උදාවී ඇත. ඒ ඉන්දීය නායකයා අවම වශවෙන් මැණික් කටුවෙන් පනදුව දඟ කවන එක් ක්‍රීඩකයෙකු හෝ යොදා ගැනීමට කැමැත්තක් දක්වන හෙයිනි.

චයිනමන් පන්දු යවන කුල්දීප් යාදව්, පා දග පන්දු යවන යුස්වේන්ද්‍ර චහාල් ඉන්දියාවට වර්තමානයේ සිටින මැණික් කටුවෙන් පන්දුව දඟ කවන දඟ පන්දු යවන්නෝ වෙති. ආක්ෂාර් පටේල් වමත් දග පන්දු යවන්වා ඔවුන් තිදෙනාගෙන් මුලික ක්‍රීඩකයා විය. ඒ ශ්‍රී ලංකා සංචාරයේදීය.

අශ්වින් හා ජඩේජා සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රීඩා නොකළ හෙයින් තරුණ ක්‍රඩකයන් සමගින් ඉන්දීය කණ්ඩායම මෙම තරගයට පිවිසියේය. කෙසේ වෙතත්  තරුණ කණ්ඩායම හොඳින් කඩුලු ලබාගත්තේය. කෙසේ වෙතත් ඔවුන් භුම්රා හෝ භුවනේෂ්වර් තරම් සාර්ථක නොවුණි. නමුත් ඔවුන්ගේ පන්දුවාරයට ලබාදුන් අඩු ලකුණු හේතුවෙන් ශ්‍රී ලංකාව දණ ගැස්සවීමට ඉන්දියාවට හැකිවිය.

“ ක්‍රීඩකයෙකු ලෙස ඔබ සෑම තරගයකම දක්ෂතා දක්වන්න ඕන. ” විස්සයි20 තරගයෙන් පසුව කුල්දීප් පැවැසීය. “ ඒක පීඩනයක් තිබුණ තරගයක්. සෑම දෙනෙකුටම දායකත්වය  ලබාදිය යුතුව තිබුණා. විශේෂයෙන්ම නායකයා හා පුහුණුකරුවා ක්‍රීඩකයන් මාරු කරන විටදී”

කොලිගේ අත්හදා බැලීම් තුළ ඉදිරියට පැමිණි ක්‍රීඩකයෙකු ලෙස කුල්දීප් හැදින්විය හැකිය. කෝලි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීමට කඉටයුතු කරයි. ඇතැම් අත්හදා බැලීම් සාර්ථක නොවීය. කෙසේ වෙතත් 2019 ලෝක කුසාලන තරගාවලිය සඳහා හොඳම කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් අත්හදා බැලීම් සිදුකිරිමට මෙම තරගාවලිය ඉන්දියාවට අවස්ථාවක් විය.

“මම ප්‍රතිපත්තියත් සමග සතුටුයි. මෙහි සම්පූර්ණ ගෞරවය  නායකයාට හා පුහුණුකරුට දිය යුතුයි. ලෝක කුසලානය එනවා. ඉතින් ඔවුන් සෑම දෙනෙකුම පරීක්ෂා කළ  යුතුයි.”

බදාදා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 170ක් තුළ රඳවා ගැනීමට ඉන්දීය  පන්දු යවන්නන් හොඳ කාර්යයක් ඉටු කළේය. කෝලි තවත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 54කදී ලකුණු 82ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට  පදනම දැමීය. ඉන්දීය නායකයා සිය ඉනිමේදී හතරේ පහර හතක් හා එක් හයේ පහරක් එල්ල කළේය.

“ඔහු නායකයෙක්. ඔහු ඉදිරිපෙළ සිට කණ්ඩායම මෙහෙයවන අතරම කණ්ඩායමට අවශ්‍ය සෑම දේම දෙනවා” යැයි කුල්දීප් පවසයි.

“මම පන්දු යවන විට ඔහු ඇවිත් අහනවා පන්දු රැකීම කොහොමද අවශ්‍ය කියලා. ඒක තමයි පන්දු යවන්නෙකුට නායකයාගෙන් අවශ්‍ය. ඔහු පන්දු යවන්නනට නිදහස දෙන අතරම කෝලි මට විශාල සහායක් දෙනවා. ටෙස්ට් තරගාවලිය, එක්දින තරගාවලිය හා විස්සයි20 තරගයේදීත් ඒ සහාය ලැබුණා. මේ වගේ කණ්ඩායම් එකමුතුවට හා නායකයා ගැන මම සතුටුයි”

“ පන්දු රැකීමේදී ඔහු සිය කලාවෙන් කරන දේ ගැන දැකීමට ආසයි. ඔහු වගේ කෙනෙක් මහන්සි වෙන විට අපිට එය අභිප්‍රේරණය වීමට කරුණක්”

තරගාවලිය ආරම්භයේ පටන්ම කෝලි මිශ්‍ර කරමින් තරග කළේය. පස්වැනි එක්දින තරගයේදී කෝලි ආක්ෂාර් විවේක ගන්වා කුල්දීප් හා චහාල් සමගින් ක්‍රීඩා කළ අතර එහිදී ඔවුන් දෙදෙනාම සිය පන්දුවාර 10 යොමුකර අවසන් කළේය. විස්සයි20 තරගයේදී ඉන්දීය කණ්ඩායම දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කළේය. එහිදී කුල්දිප්  20/2ක් හා චහාල් 43/2ක් ලෙස ශ්‍රී ලංකා ඉනිම කඩා දැමීය.

චහාල් සමග ඇති සබඳතාව පිළිබඳව අදහස් දක්වන කුල්දීප් පවසන්නේ, “ ඔහුත් සමග පන්දු යැවීම ලැබීම හොඳ දෙයක්. පා දග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරනවා නම් කඩුලු දවා ගන්න හොඳ අවස්ථාවක් තිබෙනවා.” යනුවෙනි.