ශ්‍රී ලංකා පන්දු යවන්නන් විනාශ කළ කෝලි පන්දු 54කදී ලකුණු 82ක් වාර්තා කරමින් හඹායෑම පහසු කළේය. © Getty Images

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විනාශ කළ කෝලි පන්දු 54කදී ලකුණු 82ක් වාර්තා කරමින් හඹායෑම පහසු කළේය. © Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ෂකයන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සටනකි. එය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදුවිය. ප්‍රේක්ෂයකන්ට ජයග්‍රහණයක් අවශ්‍ය විය නමුත් විරාත් කෝලි සිටින විට එය නම් සිදු නොවේ.

කෝලි හා පාණ්ඩේ තෙවැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් පවත්වා ආර්. ප්‍රේමදාස පිටියේ  පැවැති එකම විස්සයි20 තරගයෙන්ද කඩුලු හතක ජයක් බදාදා (සැප්තැම්බර් 06දා) ලබාගත්තේය. තරගයට වර්ෂාවෙන්ද බාධා ඇතිවිය.

නායකයා පන්දු 54කදී ලකුනු 82ක් රැස්කළ අතර පාණ්ඩේ පන්දු 36කදී ලකුණු 51ක් නොදැවී රැස්කළේය. පන්දුවාර 19.2කදී කඩුලු තුනකට ලකුණු 174ක් රැස්කළ සංචාරක ඉන්දීය කණ්ඩායම සත්කාරකයන්ගෙන් පන්දුවාර 20 දී කඩුලු 7ට රැස්කළ ලකුණු 170ට පිළිතුරු දුන්නේය. ඒ අනුව ඉන්දියාව සමස්ත තරගාවිය පුරාම තරග 9-0ක ජයක් ලබාගත්තේය.

ක්‍රිකට් ඉතිහාසයේදී තරගාවලියක සියලුම තරග පරාජය වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. මීට ඉහතදී පාකිස්තාන කණ්ඩායම 2009/10 කාලසීමාවේදී ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරගයක් පරාජයට පතවව තිබුණි.

ටෙස්ට් තරග තුනක් හා එක්දින තරග පහක් ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම මෙම තරගයට පිවිසියේය. කෙසේ වෙතත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ වාර්තාව අභිභවා යා හැකියැයි සිතීමට නොහැකිවිය.  වර්ශාව විනාඩි 40ක් පමණ තගරය ප්‍රමාද කළ අතර කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඩිල්ෂාන් මුණවීර පන්දු 29කදී ලකුණු 53ක්,  අසාන් ප්‍රියන්ජන් පන්දු 40කදී ලකුණු 40ක් හා ඉසුරු උදාන පන්දු 10කදී නොදැවී ලකුණු 19ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට පිත්තෙන් දක්ෂතා දැක්වීය. චහාල් ලකුණු 43ට කඩුලු 2ක් හා කුල්දීප් යාදව් ලකුණු 20ට කඩුලු 2ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ආක්‍රමණශීලීව තරගයට පිවිසියත් ඔවුන්ට සැලැස්මක් නොතිබුණි. බාල පහරක් එල්ල කිරීමට ගොස් දික්වැල්ල දැවී ගියේය. නායක තරංගද එම වරදම කළේය. භුම්රාගේ පන්දුවකට නිසි ආකාරයෙන් පාද හැසිරවීමෙන් තොරව නායකයා මිඩ්විකට් දෙසට පන්දුව යොමු කිරීමට උත්සාහ කිරීම ඔහුගේ ඉනිම අවසන් කළේය.

ඒ අනුව මුණවීර පිටියට පිවිසියේය. භුවනේෂ්වර් කුමාර්ට එරෙහිව එල්ල කළ සුපිරි පහරකින් ඔහු සිය ඉනිම ආරම්භ කළේය. එතැන් පටන් දිස්වූයේ ඔහුගේ ශක්තියයි.

ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමෙන් පසුව පවා ප්‍රෙක්ෂකයන් වෙනුවෙන් යමක් දුන් මුණවීර සිය ප්‍රහාරාත්මක ඉනිම ක්‍රියාත්මක කළේය. චහාල්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළ මුණවීර ජාත්‍යන්තර පිටියේ සිය මංගල අර්ධ ශතකය රැස්කළේය.

අවාසනාවකට තරගයේ 12වැනි පන්දුවාරය යොමුකළ කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ මුණවීර දැවී යාමෙන් පසුව ඉන්දීය දඟ පන්දු යවන්නෝ තරගය සිය අතට ලබාගත්තේය.

මුණවීරගේ මංගල අර්ධ ශතකය ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවකට රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවුණි. © AFP

මුණවීරගේ මංගල අර්ධ ශතකය ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවකට රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවුණි. © AFP

එක් අන්තයකින් ආක්ෂාර් පීඩනය ගෙන එද්දී අනෙක් අන්තයෙන් කුල්දීප් හා චහාල් පීඩනය නොවෙය්. මේ වසර මුලදී එංගලන්තයට එරෙහිව ලකුණු 25ට කඩුලු 6ක් දවාගත් චහාල් එහිදී වේගයෙන්ම තරගය පාලනය කළ ක්‍රීඩකයා විය.

ඔහු සිය කඩුලු දඩයම තිසරගෙන් ආරම්භ කළේය. පසුව ගුග්ලි පන්දුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දවාගත්තේය. පන්දු 7ක් තුළ දැවී ගිය ඊළග ක්‍රිඩකයා බවට පත්වීමට සීක්කුගේ ප්‍රසන්න තිබුණත් ඔහුට වාසනාව තිබුණි. නමුත් මෙම වාසනාව ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යොමුකර ගැනීමට ඔහුට නොහැකිවිය. කෝලි රැකගත් උඩ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 11ට දැවී ගියේය.

ආබාධයකට ලක්වූ මිලින්ද සිරිවර්ධනට ආදේශකයක් ලෙස කණ්ඩායමට පැමිණි අෂාන් ප්‍රියන්ජන් තරගයේ අවසන් අදියරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ශක්තිය ගෙන ආවේය. 28 හැවරිදි ප්‍රියන්ජන් විස්සයි20 වරම් අද හිමිකරගත් අතර ඔහු ඉසුරු උදානනත් සමග එක්ව අටවැනි කඩුල්ලට නොබිඳුණු ලකුනු 36ක සබඳතාවක් පැවැත්වීය.

පන්දු 40 තුළදී ප්‍රියන්ජන් ගුණාත්මක පහරවල් එල්ල කළේය. එයින් ඔහු භුවනේෂ්වර් කුමාර්ට එල්ල කළ රිවර් ස්වීප් පහර ගැන කතා කළ හැකිය. එහිදී ඔහුට නිසි පාලනයක් නොමැතිවුවත් ප්‍රේක්ෂකයන්ට එය ගණනක් නොවීය.

ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණුය. පිතිකරුවන් එය ලබාදුන්නේය. දැන් තිබුණේ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයයි.

රොහිත් ශර්මා මාලිංගගේ කෙටි පන්දුවක් හමුවේ දැවී ගිය අතර රාහුල් (24) දසුන් ශානක ලබාගත් උඩපන්දුවත් සමගින් ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ප්‍රේක්ෂකයන් දැනගෙන සිටියේ කෝලි තරගයේ තීරණාත්මක කරුණ බවයි. සීක්කුගේ පන්දුවක් හමුවේ කෝලි එල්ල කළ හයේ පහරත් සමගින් සිදුවන්නට යන දේ ගැන ප්‍රේක්ෂකයන්ට හොඳින්ම අවබෝධ විය. මේ ක්‍රීඩාංගණයේදීම තරගයට පෙරාතුව කෝලි ලකුණු 131ක් හා 110ක් රැස්කළ අයුරු ප්‍රේක්ෂකයන් දැක තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීමට අවස්ථාව නොදුන් කෝලි ඉන්දීය ලකුණු හඹා යෑම පහසු කළේය. පාණ්ඩේද සිය කාර්යය මැනවින් ඉටු කළේය. කෝලි ලකුණු හඹායෑමේදී තරමක කලබලයක් පෙන්වන අතර තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 10ක් අවශ්‍ය තිබියදී උදානගේ පන්දුවක් හමුවේ ශානක වෙත උඩපන්දුවක් ලබාදෙමින් කෝලි පිටියෙන් ඉවත්විය.

ඉන් අනතුරුව දොනි පිටියට පිවිසි අතර ඔහු පිටියෙන් ඉවත්වූයේ අඛණ්ඩව පස්වැනි වතාවටත් නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසිනි. එක්ට්‍රා කවර් ප්‍රදේශයෙන් පාණ්ඩේ ලබාගත් ලකුණු 4ත් සමගින් තරගය අවසන් විය.