වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වූ අසේල ගුණරත්න තවමත් එම ආබාධයෙන් සුවය ලබන අතර ඔහුට ඉන්දිීය තරගාවලියද අහිමිවිය. © AFP

වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වූ අසේල ගුණරත්න තවමත් එම ආබාධයෙන් සුවය ලබන අතර ඔහුට ඉන්දිීය තරගාවලියද අහිමිවිය. © AFP

පාකිස්තානයත් සමග එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අසේල ගුණරත්න නොමැතිව සංචාරය කරනු ඇත.

“ මම හිතන්නේ නෑ ඔහුට පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකි වේවා කියා. ඔහු එක්දින තරගාවලියට ක්‍රීඩා කරාවි” යැයි සීමිත පන්දුවාර නායක උපුල් තරංග පැවැසීය. ආර්. ප්‍රේමදාස පිටියේ සැප්තැම්බර් 03 දා පැවැත් පස්වැනි එක්දින තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී තරංග මේ බව පැවැසීය.

ඉන්දියාව හා පැවැත්වෙන විස්සයි20 තරගයෙන් පසුව දෙරට අතර සති හතක කාලයක් පුරා පැවැති දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන් වන අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග පහක්, ටෙස්ට් තරග දෙකක් හා විස්සයි20 තරග තුනක් සඳහා පාකිස්තානය සමග ක්‍රීඩා කරීමට නියමිතය.

ඉන්දියාව හා පැවැති පළමු ටෙස්ට් තරගයේ 14 වැනි පන්දුවාරයේදී ශිකර් දවාන්ගේ උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී අසේල ආබාධයකට ලක්විය. ඔහුට උඩපන්දුවද රැක ගැනීමට නොහැකිවිය.

අසේලගෙන් හිස්වන ස්ථානය කවුරුන් විසින් පුරවයිද යනුවෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් තරංග, “ කුසල් ජනිත් වෙන්න පුළුවන් නමුත් ඔහුටත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කර හැකි වේවා කියා මා සිතන්නේ නෑ.”

ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙරාතුව පටන් ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධවලින් පීඩාවට පත්විය. ඉන්දියාව පැමිණීමෙන් පසුව අසේල ගුණරත්න, ණුවන් ප්‍රදීප්, රංගන හේරත් යන ක්‍රීඩකයන් ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට පත්වූ අතර දිනේෂ් චන්දිමාල්ට පළමු තරගය අසනීප තත්ත්වයක් හේතුවෙන් අහිමිවිය.

කෙසේ වෙතත් ඉන්දියාව හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී විවේක ගැන්වූ රංගන හේරත් පාකිස්තාන තරගාවලය ක්‍රීඩා කරනු ඇත.

එංගලන්තයේදී උරහිසේ ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද්ද සංචිතයට එක්වෙනු ඇත. “  මම දැන් හොඳින්ම සූදානම්. මම නැවතත් පාකිස්තාන තරගාවලියෙන් ක්‍රීඩා පිටියට එනවා” යැයි ධම්මික ප්‍රසාද් කොළඹදී පැවැසීය.

ටෙස්ට් තරගාවලියෙන් පසුව පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධයක ලක්විය. එසේම නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් හිමිවිය. ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් හා චාමර කපුගෙදර ආබාධයකට ලක්වූ ක්‍රීඩකායෝ වූ අතර එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 5-0තක් ලෙස පරාජයට පත්විය.

මෙහිදී කණ්ඩායමට නියමිත වේලාවට පන්දුවාර 50 යොමුකිරීමට නොහැකිවීම පිළිබඳවද තරංග අදහස් දැක්වීය. “ පන්දු යවන්නන් පමණක් නෙමෙයි. කණ්ඩායමම වග කිය යුතුයි. පන්දු යවන්නන් ඉක්මන් විය යුතුවනවා සේම පන්දු රකින්නන් එයට සහාය දෙන්න ඕන. මම කියන්නේ නායකයා පමණක් නෙමෙයි සමස්ථ කණ්ඩායම ගැනම සළකා බලන්න ඕන.”