ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක ළහිරු ගමගේ කැඳවා ඇති අතර ඔහුට අමතරව දුෂ්මන්ත චමීරද සංචිතයට ඇතුළත්ය. © Getty Images

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක ළහිරු ගමගේ කැඳවා ඇති අතර ඔහුට අමතරව දුෂ්මන්ත චමීරද සංචිතයට ඇතුළත්ය. © Getty Images

 

ණුවන් ප්‍රදීප් හා රංගන හේරත් ආබාධ හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකිරීම නිසා ටෙස්ට් කඩුලු 456ක් දවානෙ ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙදෙනෙකු නොමැතිව පල්ලෙකැලේ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. තරගය 12 දා ආරම්භවීමට නියමිතය.

එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රදීප් කළවයේ ආබාධයකට ගොදුරු වූයේය. ඒ අගෝස්තු 03දාය. හේරත් පසුගිය ටෙස්ට් තරග තුනේදී අධික ලෙස  පන්දු යැවීම හේතුවෙන් ඔහුගේ  කොන්දේ ආබාධය උත්සන්න වීම හේතුවෙන් තෙවැනි තරගයෙන් ඔහුව විවේක ගන්නාව ඇත.

ඒ අනුව තෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම යොමුවෙන්නේ අත්දැකීම්වලින් අවම කණ්ඩයමක් සමගය. 29 හැවැරිදි නවක ක්‍රීඩක ළහිරු ගමගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළිහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්

එසේම තරුණ ක්‍රීඩක දුෂ්මන්ත චමීරද සංචිතයට ඇතුළත්ව ඇත. එසේම පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කළ ළහිරු කුමාරද සංචිතයට නම්කර ඇත. පළමු හා දෙවැනි ටෙස්ට් තරග දෙකේදී අවස්ථාවක් නොලද විශ්ව ප්‍රනාන්දුද සංචිතයට ඇතුළත්ව ඇත.

දෙවැනි ටෙසට් තරගයට නම්කර සිටි ධනුෂ්ක ගුණතිලක තෙවැනි තරගයේ සංචිතයෙන් ඉවත්කර ඇත. ඔහු ගාල්ලේදී ක්‍රීඩා කළේ සිය මංගල ටෙස්ට් තරගයටයි. නමුත් දෙවැනි තරගයට නායක දිනේෂ් චන්දිමාල් පැමිණිම හේතුවෙන් ඔහුට බංකුවට වී සිටීමට සිදුවිය. තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක හා ලකුණු 53ක පරාජයක් ලැබූ අතර ඒ හේතුවෙන් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙසද ඉන්දියාව ජයගත්තේය.

සංචිතයේ දඟ පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා හා මලින්ද පුෂ්පකුමාර කම් කර ඇත. පල්ලෙකැලේ විකට්ටුව තරමක තණකොල සහිතය. තරගයේදී හේරත් නොමැතීමී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වෙනු ඇත.