“මම ශාෆික් ගැන සතුටු වෙනවා. ඔහු ගොඩක් මහන්සියෙන් වැඩ කළා” මිකී ආතර් © Getty Images

“මම ශාෆික් ගැන සතුටු වෙනවා. ඔහු ගොඩක් මහන්සියෙන් වැඩ කළා” මිකී ආතර් © Getty Images

පාකිස්තාන ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන අසාඩ් ශාෆික් හා සර්ෆාස් අහමඩ් ලබාගත් සාර්ථක ආරම්භය පස්වැනි දිනයටත් අඛණ්ඩව ඉදිරියට රැගෙන යන ලෙස පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර සඳුදා (ඔක්තෝබර් 09 දා) පැවැසීය. ඒ අනුව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පවතින ටෙස්ට් තරගාවලිය සමකර ගැනීමටත් පාකිස්තානය අවධානය යොමුකර තිබේ.

ලකුණු 317ක ඉලක්කයක හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 52කට දැවී ගියත් අසාඩ් සාෆික් 86* හා සර්ෆාස් අහමඩ් 57* නොදැවී පිටියේ රැඳී සිටිමින් ලකුණු 198ක් දක්වා පාකිස්තාන ඉනිම ඉහළට ගෙන ගියේ පස්වැනි කඩුල්ලට ලකුණු 146ක සබඳතාවක් පවත්වමිනි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට තවත් ලකුණු 119ක් අවශ්‍ය වෙයි
.
“ විශ්මයජනකයි, එය හොඳ සැසියක් වේවි.” යැයි පස්වැනි දිනය පිළිබඳව අදහස් දක්වමින් ආතර් පවසයි. “ මේ ක්‍රීඩකයන් දෙදෙනා ඔවුනගේ සබඳතාව දෙගුණ කළොත් අපි තරගය ජයගන්නවා. නව පන්දුවට පෙරාතුව පැවැත්වෙන පන්දුවාර 7 ඉතාමත් වැදගත් ඒ පන්දුවාර හතෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒ හරහා අපිට ශ්‍රී ලංකාවට පීඩනයක් දෙන්න පුළුවන් වුණොත් එය හොඳ අවසානයක් වේවි ”

දිවාරාත්‍රී ටෙස්ට් තරගය පාකිස්තානය ජයගත හොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔවුනගේ අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට පවත්වාගෙ යෑමට හැකි වෙනු ඇත. එහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරගාවලි 9ක් පහක් පාකිස්තානය ජයගෙන ඇති අතර හතරක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ අතර ඔවුන් ලකුණු 21කින් පරාජයට පත්විය. නමුත් මෙහිදී අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ශාෆික්- සර්ෆාස් සාර්ථක සබඳතාවක් පැවැත්වීය.

“අපි සබඳතාවක් බලාගෙන සිටියේ. ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. අපි තේ විවේකයේදී කතා කළේ එය ගැබා ටෙස්ට් තරගය වගේ එකක්. අපි හඹා යමින් සිටින විට ශාෆික් ලකණු 137ක් රැස්කළ තරගය” යැයි පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති දිවාරාත්‍රී ටෙස්ට් තරගය පිළිබඳව අදහස් දක්වමින් ආතර් පැවැසීය. එහිදී පාකිස්තානය ලකුණු 490ක ඉලක්කයක් හඹා යමින් සිටි අතර ඔවුන් ලකුණු 39කින් පරාජයට පත්විය.

“ඒ හැගීමමයි තිබුණේ. මම ශාෆික් ගැන සතුටු වෙනවා. ඔහු ගොඩක් මහන්සියෙන් වැඩ කළා. අපි දැනගෙන සිටියා ඔහු හොඳ ක්‍රීඩකයෙක් බව. ඔහු සිය දක්ෂතාව ප්‍රදර්ශනය කළා. මම හිතනවා ඔහු ක්‍රීඩා කළ අකාරය ඉදිරියටත් පවත්වා ගනීවි කියා.”

තරගාවලියෙදී මේ දක්වා අසාර්ථක වී සිටින බාබර් අසාම් ආරක්ෂා කර ගැනීමටත් ආතර් අමතක නොකළේය. ඔහු ටෙස්ට් තරග දෙකේදී 28,3,8 හා 0 ලෙස දැවී ගියේය. “ ඒ ගැන කනගාටුවක් තිබෙනවා තමයි. මම බාබර් ගැන විශ්වාසය තබනවා. ඔහු හොඳ ක්‍රීඩකයෙක්.නමුත් සුදු පන්දුවේ රිද්මය ඔහු ටෙස්ට් තරගවලටත් ගෙන ආ යුතුයි.”

ටෙස්ට් තරග දෙකේදී 28,3,8 හා 0 ලෙස දැවී ගිය බාබර් අසාම් වෙනුවෙන් මිකී ආතර් සහාය දක්වයි. © AFP

ටෙස්ට් තරග දෙකේදී 28,3,8 හා 0 ලෙස දැවී ගිය බාබර් අසාම් වෙනුවෙන් මිකී ආතර් සහාය දක්වයි. © AFP

“ ඔහුට ටෙස්ට් ජිවිතයේ තිබෙන්නේ මන්දගාමී ආරම්භයක්. මට තවමත් විශ්වාසයි ඔහු ඉදිරියට පැමිණ පාකිස්තානය ඉදිරියට ගෙන යාවි. අපි තවමත් අපිට හැකි අයුරින් ඔහුට මග පෙන්වනවා.”
මිස්බා හා යුනිස් ඛාන් විශ්‍රාම ගැනීමෙන් පසුව පාකිස්තානයේ පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කිරීම තමන්ට ගැටලුවක් වූ බව ආතර් මෙහිදී පැවැසීය. “ ඇත්තම කිව්වොත් එය මාව රාත්‍රියක් ඇහැරවලා තැබුවා. මම සීමිත පුද්ගලයන් සංඛ්‍යාවක් සමග ඒ ගැන සාකච්ඡා කළා.මට දැන් ඔබට ඇත්තම කියන්න පුළුවන්. අපිට ඉන්නවා හොඳම සංයෝගයක්”

“ අපිට හැකි තරම් වමත් හා දකුණත් සබඳතාවක් තිබෙනවා.මම හිතුවා අපිට ඉන්න හොඳම පිතිකරු ඉදිරියට ඒවි කියා. නමුත් දැන් මට 100%ක් ඒ ගැන විශ්වාසයක් නෑ”

“ අපිට ඉදිරියේදී තරමක විවේක කාලයක් එනවා. එහිදී එකට හිදගෙන අපේ හොඳම 6 දෙනා ගැන තීරණයක් ගෙන ඉදිරියට යනවා”

ශාෆික් අංක පහ හෝ අංක හය පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරිමට යොග්‍යදැයි මිකී ආතර්ගෙන් විමසූ විට ඔහු පැවැසුවේ “ ඒක කියන්න කල් වැඩියි. මම කැමතියි අසාඩ් අංක 4 ක්‍රීඩා කරනවානම්. මොකද ඔහු අපි වෙනුවෙන් ප්‍රශ්නය විසඳාවි. ඔහු අංක පහට ගියේ අපි හිතුවා සොහායිල් හොඳින් ක්‍රීඩා කරනවා කියා.ඔහු තවත් වමත් පිතිකරුවෙක්. අපි හිතුවා ඔහු අංක හතරට යොමු කිරීමට බාධාවක් නෑ කියලා.” යනුවෙනි.

“ඔහු අංක පහ ක්‍රීඩා කරන විට අපිට තවත් ගැටලුවක් ආවා. මොකද ඔහු අංක පහේ හොඳින් ක්‍රිඩා කරනවා. එය ඔහුට හොඳ ස්ථානයදැයි අපි තවමත් සිතනවා. මම නැවතතත් කියන්නේ අපි අපගේ හොඳම හය දෙනා තෝරා ගැනීමට අවධානය යොමුකර තිබෙන්නේ”

ආරම්භක පිතිකරු ශාන් මසූඩ්ද මෙම තරගාවලියේ තවමත් දක්ෂතා දැක්වීමට අපොහොසත්ව ඇත. නමුත් ආතර් පවසන්නේ ඔහුට තවත් අවස්ථාව දිය යුතු බවයි. “ පාකිස්තාන ක්‍රිකට් ක්‍රිඩාවට එල්ල වී තිබූ චෝදනාවක් වූයේ අඛණ්ඩව අවස්ථා නොදෙන බවයි. අපි උත්සාහ කරනවා අඛණ්ඩව අවස්ථා දෙන්න. එය හොද හෝ නරක තීරණක් වෙන්න පුළුවන්.”

“ පාකිස්තානය ක්‍රීඩකයන් හළනවා. නැවතත් ඔවුන්ව ගෙනෙනවා. නැවතත් ඔවුන්ව හළනවා. අපි හිතුවේ ඔවුන්ට ඇති තරම් අවස්ථාව දෙන්නයි. ඒ හරහා අපිට හොඳ තිරණයක් ගන්න පුළුවන්. නමුත් කණ්ඩායම හිතනවානම් යම් ක්‍රීඩකයෙක් ලකුණු රැස්කරාවි කියා ඔහුට ඉදිරියට යන්න අවස්ථාව දෙන්න ඕන.”

“ අපේ ආරම්භක සබඳතාව අපිට හොඳ සහායක් දැක්වූයේ නෑ. නමුත් ඒ ගැන අපි සාකච්ඡා කරනවා. තවදුරටත් සාකච්ඡා කර අපි හොඳම විකල්පයට යනවා. පහසුම දේ තමයි අසාර් අලී ඉදිරියට ගෙන යෑම. ඒ හරහා අංක තුන විවෘත වෙනවා. මේ වන විට අපි අවස්ථා සොයමින් ඉන්නේ”

එසේම මෙම තරගයටද වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් දග පන්දු යවන්නෙකු සමග පැමිණීමට ගත් තීරණය ආතර් ආරක්ෂා කළේය. “ ඒ සඳහා හේතුව වුණේ මේ තරගය දිනන්න අපිට සිටින හොඳම සංයෝගය එයයි. ඒක හොඳ වුණත් නරක වුණත් මට වුණේ ඒ දේ කරන්නයි.මම ආවේ තරග දිනපු තැන්වල සිටයි. මට වෙනස්ව සිතන්න වෙනවා. මොකද මේ ගොඩක් වෙනස් තත්ත්වයන්”
“ අපි කැමති වුණත් අකමැති වුණත් අපි වැඩේ කර තිබෙනවා. අපිට අබුඩාබියේ ලකුණු 136 හඹා යන්න තිබුණා. සැකයක් නෑ අපි වැඩේ කර තිබෙනවා.”