“අපි පසුගිය දේ ගැන හිතන්නේ නෑ. ඉදිරිය ගැනයි සිතන්නේ. අපිට නව පන්දුවට තිබෙන්නේ තවත් පන්දුවාර 7ක් පමණයි.” © Getty Images

“අපි පසුගිය දේ ගැන හිතන්නේ නෑ. ඉදිරිය ගැනයි සිතන්නේ. අපිට නව පන්දුවට තිබෙන්නේ තවත් පන්දුවාර 7ක් පමණයි.” © Getty Images

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී පස්වැනි දිනය වන අඟහරුවාදා (ඔක්තෝබර් 10දා) පන්දුවාර හතක් යොමුකිරීමෙන් අනතුරුව නව පන්දුව ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වෙනු ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් විශ්වාස කරයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සමකර ගැනීමේ අපේකෂාවෙන් ලකුණු 317ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානයේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 52කට දැවි ගිය අතර ඔවුන් එහි පාඩුව පුරවා ගත්තේ පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 198ක් දක්වා කිසිඳු කඩුල්ලක් වැය කිරීමකින් තොරව ඔසවා තබා ගනිමිනි. අසාඩ් ශාෆික් 86* හා සර්ෆාස් අහමඩ් 57* හයවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 146ක සබඳතාවක් පවත්වමින් ඔවුන්ගේ ඉලක්කය ලකුණු 119ක් දක්වා අඩුකර ගත්තේය.

දෙවැනි ඉනිමේදී ශ්‍රි ලංකා කණඩායම ලකුණු 96කට දවා ගැනීමට පාකිස්තානය හොඳින්ම පන්දු යැවූ බව පෝතාස් පවසයි. “මම සිතනවා අපි විසින් අපව පහතට දමා ගත්තා කියලා. අපි පසුගිය දේ ගැන හිතන්නේ නෑ. ඉදිරිය ගැනයි සිතන්නේ. අපිට නව පන්දුවට තිබෙන්නේ තවත් පන්දුවාර 7ක් පමණයි. අපිට කඩුලු ඉක්මනින් දවා ගන්න පුළුවන් වුණොත් එය වෙනස් වේවි. මිනිස්සු කියන්නේ ටෙස්ට් ක්‍රිකට් මැරිලා කියලයි. නමුත් පස්වැනි දිනය තරගකාරී දිනයක් වේවි.”

ශාෆික් හා සර්ෆාස්ගේ සබඳතාව ගැන ධනාත්මක කතා කිරීමටත් පෝතාස් අමතක නොකළේය. “ මම ආරම්භයේදීම කිව්වේ අපි හොඳ කණ්ඩායමක් සමග ක්‍රීඩා කරනවා කියලයි. සබඳතා යනවා. ඔබට එයට අනුගත වෙන්න වෙනවා. එවැනි ගුණාංගවලින් යුත් කණ්ඩායමකින් ගුණාංග මගහැරේවි කියා ඔබ සිතන්න එපා.”

“ඔවුන් හොඳින්ම ක්‍රීඩා කළා. ඔබට අවස්ථා ලැබුණ විට ඔබ ඒවා ලබාගත යුතුයි. නමුත් පස්වැනි දිනයේදී අපට තරගය පැමිණේවි”

ශ්‍රී ලංකා නායක චන්දිමාල් පිටියේදී යොදාගත් උපක්‍රම පිළිබඳව පුහුණුකරු සතුටුවෙයි. “ චන්දි හොඳ දෙයක් කළා. ඒ වගේම පන්දු යවන්නන් හොඳින් සිය වගකීම ඉටුකළා. පන්දුව දෘඩ වෙන විට කඩුලු ලබා ගන්න පහසුයි. නමුත් එය මෘදු වෙන විට කඩුලු ලබා ගැනීම අපහසුයි. නමුත් මම හිතනවා චන්දි හොඳට වැඩ කළා.”

“ඔවුන් අවධානම අරගෙන හොඳින් ක්‍රීඩා කළා. ක්‍රිකට් විනෝද ක්‍රීඩාවක්. ඔබ නිවරදි තිරණයක් ගන්න විට ඇතැමි අවස්ථාව වල එය වරදින්නත් ඔබ වැරදි තීරණයක් ගන්න විට ඇතැම් අවස්ථාවල එය නිවැරදි වෙන්නන් අවස්ථාව තිබෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.”

දිවා රාත්‍රි ටෙස්ට් තරග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අගයක් එකතු කළ බව පෝතාස් පවසයි. “ මම හිතනේ නෑ ගොඩක් සෘණ කරුණු තිබෙනවා කියා. මේ හරහා අපිට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ශනය කර ගන්න අස්ථාව තිබෙනවා. ඒ නිසා තමයි දිවා රාත්‍රී ටෙස්ට් තරග ආර්ම්භ වුණේ.”

“මෙය ඉදිරියට යන ආකාරය ගැන ඔබ මගෙන් විමසුවහොත්, රෝස පන්දුව ඉතාමත් හොඳයි. ලෝකය ඉදිරියට යන විට මිනිස්සුන්ට විනෝදයක් අවශ්‍ය වෙනවා”