© Getty Images

ඉ අවසන් කාලසීමාවේදී ඉන්දීය කණ්ඩායමේ අවසන් 11 දෙනා හොඳින් දක්ෂතා දක්වමින් සිටියි. ඔවුන් සැමවිම ප්‍රතිඵලයක් අපෙක්ෂාවෙන් තරග කරයි. © Getty Images

ඉන්දියාව සිකුරාදා (11දා) දිනයේදී පල්ලෙකැලේ පිටියේදී සිය පුහුණු සැසිය සඳහා එක්වුවත් වර්ශාවෙන් ඊට බාධා ඇතිවිය. වර්ශාව හේතුවෙන් පුහුණුසැසිය නිල වශයෙන් අත්හිටුවීමට ඉන්දීය කණ්ඩායම කටයුතු කළත් මොහොතකින් සූර්යය පෑයුවේය. ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තෙවැනි තරගය පැවැත්වෙන පල්ලෙකැලේ පිටියේ ස්වාභාවයයි.

ඉර හා සූර්යය අතර පවතින තරගය පසුගිය දින තුන පුරාම දැකගත හැකිවිය. ඒ කණ්ඩායම් දෙකම විවිධ මානසිකත්වයකින් පල්ලෙකැලේට පැමිණි විටය. කෝලිගේ කණ්ඩායම පල්ලෙකැලේ පිටියට පැමිණෙන්නේ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට විදේශයකදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට වැඩි තරගාවලියකදී සියලුම තරග ජය ගැනීමේ අදිටනනි . නමුත් ආබාධ හේතුවෙන් ආබාධයකට ලක්ව ඇති දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්න්නේ ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දැමීමේ අපේක්ෂාවෙනි.

පල්ලෙකැලේ පිටියේදී මේ දක්වා පවත්වා ඇත්තේ ටෙස්ට් තරග පහක් වන අතර එයින් තරග තුනක්ම ජය පරාජයෙන් තොරව අවසන්විය. ශ්‍රී ලංකාව පල්ලෙකැලේ පිටියේදී පාකිස්තානයට ලබාදුන් ලකුණු 377ක ඉලක්කය හඹාගොස් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම 2015 වසරේදී  සමත්විය. නමුත් මෑත කාලයේදී ශ්‍රී ලංකාව පල්ලෙකැලේ පිටියේදි සාර්ථකව ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පසුගිය ජුලි මාසයේදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භකරමින් පැවැති  තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 117කට දැවී ගියේය. නැවතත් ලකුණු  86ක හිඟයක් සමගින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. නමුත් එහිදී කුසල් මෙන්ඩිස් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 176ක් රැස්කළ අතර එහි ප්‍රතිඵලය වූයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 106ක ජයක් ලැබීමය. එයින් ලබාගත් ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කළේ එකල ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සිටි ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 3-0ක් ජයක් ලබාගනිමිනි.

පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතව තිබූ පුහුණු සැසිය ඉන්දියාවට අවසන් වුවත් එය ඔවුන්ට ගැටලුවක් නොවෙයි. මන්ද යත් පසුගිය කාලයේදී ඉන්දියාව බොහෝ ක්‍රිකට් තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති හෙයිනි. නමුත් ඔවුන්ට ශාරීරික සුවතා මධ්‍යස්ථානයේ මෙන්ම පිහිනුම් තටාකයේ කාලය ගත කිරීමට අවස්ථාව තිබුණි.

පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දීය කණ්ඩායම හොඳින් දක්ෂතා දක්වමින් සිටියි. ඔවුන්ගේ ජයග්‍රාහී මානසකිත්වයත් ඒ සඳහා වන කැපවීමත් හේතුවෙන් ඉන්දීය කණ්ඩායම මේ වන විට ශූරයන්ගේ කණ්ඩායමක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව ඉදිරි දින පහ තුළදී එය වෙනස් කිරිමට අපෙක්ෂා කරයි නම් එය ඔවුන්ට විශාල කම්පනයක් වෙනු ඇත.

පසුගිය වසර දෙක තුළදී ඉන්දීය කණ්ඩායම බොහේ විට එකම 11 දෙනා යොදාගනිමින් තරග කිරීමට පෙළඹුනි. ඒ හරහා ඔවුන් හොඳ ප්‍රතිභල ලබාගත්තේය. එසේම එය ඔවුන්ගේ ශක්තිය හේතුවෙන් සිදුවූවකි. ගෞරවය ඉන්දියාවටය. දැන් ඉන්දීය  කණ්ඩායම තුළ ආරම්භකර ඇති සංස්කෘතියත් සමග අලුතෙන් ක්‍රීඩකයෙකු පැමිණෙයි නම් ඔහුගෙන් කණ්ඩායමට විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනීමක් ඔහුට තිබේ. ඒ අනුව මෙම තරගයේදීද එවැනි අවස්ථාවක් දැකගත හැකිය. අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය බිද දැමීම හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජාට මෙම තරගය අහිමිවී ඇත.

කුල්දීප් යාදව් පල්ලෙකැලේ පිටියේදී ඉන්දීය කණ්ඩායම් අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කිරීමට වැඩි අවස්තාක් පවතී. ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමටත් කුල්දීප් සමත්විය. © BCCI

ඒ අනුව ඔහු වෙනුවට 22 හැවැරිදි ක්‍රීඩක කුල්දීප් යාදව්ට කණ්ඩායමට පැමිණීමට වැඩි අවස්ථාත් තිබේ. එය එසේ වුවහෝත් කුල්දීප්ගේ දෙවැනි ටෙස්ට් තරගය මෙය වෙනු ඇත. පල්ලෙ කැලේ පිටිය සිකුරාදා දිනයේදී කොළ පැහැයෙන් දිස් වූ අතර ඒ අනුව රංගන හේරත් නොමැතිවිම හේතුවෙන් ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන බව පැහැදිලි වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පල්ලෙකැලේ පිටියේ තණතිළි භාරව කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේ සමග සාකච්ඡා කරන අයුරු   දැක ගත හැකිවූ අතර ඒ හරහා ඔහු තරගය වෙනුවෙන් උපරිම දේ සිදුකිරීමට කටයුතු කරනු ඇත.

ඉන්දියාව පසුගිය බදාදා දිනයේදී පල්ලෙකැලේ විකට්ටුව දැකීමෙන් පසුව ඔවුන් තරගයට ක්‍රීඩා කරන 12 දෙනා පිළිබඳව යම් දළ අදහසක් ලබාගන්නට ඇත. මෙම තරගයට ඉෂාන්ත් ශර්මා හෝ භුවනේෂ්වර් කුමාර් වැනි අයෙක් සීමිත පන්දුවාර තරගාවලියට අවශ්‍යදැයි ඔවුන් එහිදී තීරණය කරන්නට ඇත. තරගයේදී සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායම් වේග පන්දු බලඇණිය මොහොමඩ් සාමි, උමේෂ් යාදව් හා හර්දික් පාණ්ඩ්‍යාගෙන් සමන්විත වීම වැඩි ඉඩක් පවතී.

ශ්‍රී ලංකාවට මෙම තරගයේදී ප්‍රධාන වෙනස්කම් දෙකක් සමගින් ක්‍රීඩා කිරීමට සිදුවෙන ඇත. ඒ රංගන හේරත් හා ණුවන් ප්‍රදීප් මෙම තරගයට නොමැති හෙයිනි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කුමන පන්දු යවන්න්ගෙන් සමන්විත වේදැයි ඔවුන්ට ගැටලුවක් නොවේ. ඔවුන්ට විසඳා ගැනීමට තිබෙන්නේ එක් ගැටලුවක් පමණි. ඒ ඉන්දියාව ලකුණු 600 සීමාවට නොයවා සිටීමයි. ඉන්දියාව පල්ලෙකැලේ පිටියේදී මේ දක්වා ටෙස්ට් තරගයට ක්‍රීඩා කර නොමැත. නමුත් එය ඔවුන්ට ගැටලුවක් නොවෙන්නේ ඔවුන් සෑමවිටම සාර්ථක වීමට කටයුතු කරන බැවිනි.

හන්තාන කඳු පන්තියෙන් වටවී ඇති සොඳුරු පල්ලෙකැලේ පිටිය අනෙකුත් පිටි මෙන්ම උත්තේජනයක් ලබාදෙන පිටියකි. නමුත් හෙටින් ආරම්භවන තරගය ශ්‍රී ලංකාවට නම් එක් මාර්ගයක තරගයකි. මෙම තරගයට දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමට අවතීර්ණ වූ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම අවීතර්ණවිමෙන් යම් වෙනසක් සිදුකිරීමට අවස්ථාව තිබේ.

ඉන්දීය සංචිතය – විරාත් කෝලි (නායක), ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, චෙටෙස්වාර් පුජාරා, අජින්කේ රහානේ (උපනායක), රෝහිත් ශර්මා, ආර්. අශ්වින්, ආක්ෂාර් පටේල්, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා) ඉශාන්ත් ශර්මා, උමේෂ් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, භුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි, කුල්දීප් යාදව්, අභිනව් මුකන්ද්

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්