ඩිල්රුවන් පෙරේරා ලකුණු 98ට කඩුලු පහක් දවා ගත් අතර ජයග්‍රාහී කඩුල්ල රංගන හේරත් ලබා ගත්තේය. © AFP

ඩිල්රුවන් පෙරේරා ලකුණු 98ට කඩුලු පහක් දවා ගත් අතර ජයග්‍රාහී කඩුල්ල රංගන හේරත් ලබා ගත්තේය. © AFP

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙස්ට් තරගාවලියන්හි පාකිස්තානය හිමිකරගෙන තිබූ අපරාජිත බව බිඳ දැමීමට නායකත්වය ඩිල්රුවන් පෙරේරා ගත්තේය. ඒ දෙරට අතර ඩුබායිහි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 68ක ජයක් අඟහරුවාදා (ඔක්තෝබර් 10දා) ලබාගනිමින් තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනිමිනි.

පස්වැනි දිනය ආරම්භ වූයේ පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 119ක් අවශ්‍යව තිබියදීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ හයවැනි කඩුල්ල සඳහා අශාඩ් සාෆික් සර්ෆාස් අහමඩ් පවත්වාගෙන යමින් සිටි සබඳතාව බිඳ දැමීමටය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ ඉටුවූ අතර ලකුණු 317ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය ලකුණු 248කට දැවී ගියේය.

පස්වැනි දිනයේ මූලික පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකාව ආසන්නයට ආවත් කඩුලු බිඳ දැමීම ආරම්භ කළේ දිලරුවන් පෙරේරාය. ඒ ඔහු සර්ෆාස් අහමඩ් දවාගනිමිනි. අහමඩ් එල්ල කළ ස්වීප් පහර උඩපන්දුවක් ලෙස ණුවන් ප්‍රදීප් වෙත ගිය අතර ඒ අනුව ඔහුගේ ඉනිම ලකුණු 68දී අවසන් විය.

සිය  11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අසාඩ් ශාෆික් සමත්විය. කෙසේ වෙතත් සිය සඟයාගේ නික්ම යෑම ඔහුට බලපෑමක් එල්ල කළේය.

ශාෆික්ගේ ඉනිම ලකුණු 112න් අවසන්විය. ශාෆික් සටන් කාමී ඉනිමක් නැවත වරක් ක්‍රීඩා කළත් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහුට හැකියාවක් නොලැබුණි. එම ඉනිම බිස්බෙන් පිටියේදී දෙසැම්බර් මාසයේදී ඔහු ක්‍රීඩා කළ ඉනිම මෙන් විය. පාකිස්තානය ලකුණු 490 ක ඉලක්කයක් හඹා යමින් සිටින විට ශාෆික් ලකුණු 137ක් රැස්කළත් එම තරගය ලකුණු 39කින් පාකිස්තානය පරාජයට පත්විය.

පෙරේරා ලකුණු 98ට කඩුලු පහක් දවාගත්තේ ඔහුගේ වටිනාකම නැවත වරක් කණ්ඩායමට පෙන්වමිනි. වහබ් රියාස් ලබාදුන් උඩපන්දුව රැකගනිමින් දිනේෂ් චන්දිමාල් තරගය ජයගත් අතර අවසන් කඩුල්ලේ හිමිකරුවා වූයේ රංගන හේරත්ය.

ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව සැහැල්ලුවට ගත් බවට සාමාන්‍ය මතයක් පවතී. ඔවුන් ටෙස්ට් තරගාවලියේදී ශාමි අස්ලාම් හා ශාන් මසූඩ් යන නව සුසංයෝගයෙන් ක්‍රීඩා කළේය. ඔවුන් දෙදෙනාම අසාර්ථක වූහ. පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියට ඔවුන් එක්වූයේ එක් දඟ පන්දු යවන්නෙක් සමගිනි.

මේ හැමදෙයකින්ම සිදුවූයේ පාකිස්තානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සිය පළමු ටෙස්ට් තරගාවලි පරාජයට මුහුණදීමටය. ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී 2009 වසරේදි ප්‍රහාර එල්ලීවීමත් සමග පාකිස්තාන සත්කාරකත්වය දැරූ තරග පැවැත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළදීය.

ශාෆික්ගේ ලකුණු 112 පාකිස්තානයට පරාජයෙන් බේරීම සඳහා ප්‍රමාණවත් නොවුණි. © AFP

ශාෆික්ගේ ලකුණු 112 පාකිස්තානයට පරාජයෙන් බේරීම සඳහා ප්‍රමාණවත් නොවුණි. © AFP

එමෙන්ම 2007 වසරෙන් පසුව පාකිස්තානය සත්කාරකත්වය දරූ ටෙස්ට් තරගාවලියක් ඔවුන් පරාජයට පත්වූ පළමු අවස්ථාවද මෙය වෙයි. 2007 වසරේදී දකුණු අප්‍රිකාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පාකිස්තානය පරායට පත්විය. පාකිස්තානය කිසියම් රටක් සමගින් පැවැති ටෙස්ට් තරගාවලියක සියලු තරග පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙසත් මෙම තරගාවලිය ඉතිහාසයට එක්වෙන අතර පාකිස්තානය 2002 වසරේදී ඔස්ටේලියාවට තරග 3-0ක් ලෙස පරාජයට පත්විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවැසුවේ ඉන්දීය තරගාවලියෙන් ශ්‍රී ලංකාව හොඳ පැමිණීමක් පෙන්නුම් කළ බවයි. “අපි හඳටත් ඉහළින් ඉන්නේ. මෙය පූර්ණ වශයෙන් කණ්ඩායමේ සාමූහික ප්‍රතිඵලයක්. හැම කෙනෙක්ම හදවතින් සිය උපරිම ලබාදුන්නා. පුහුණු සැසියෙදී වූ මහන්සියේ ප්‍රතිඵල සඳහා මෙම ප්‍රතිඵලය සාක්ෂියක්”

“  අපි ඉන්දියාවට එරෙහි තරගාවලිය පරාජයට පත්වුවත් එයින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම තේරීම් කමිටුව ක්‍රීඩකයන් ගැන විශ්වාසය තිබ්බා. කොල්ලන් තරග සැලැස්ම හොඳින්ම ක්‍රියාවට නැංවූවා. අපි දැනගෙන හිටියා අපි ශාෆික් හා සර්ෆාස්ගෙන් එක් අයෙකුයි දවාගැනීමට අවශ්‍ය වන්නේ කියා. අපි එක් කඩුල්ලක් දවා ගත්තට පද්දේ ඩිල්රුවන් හා හේරත් කාර්යය අවසන් කරන බවට විශ්වාසයක් තිබුණා.”

පස්වැනි දිනය ධනාත්මක හා වාසනාවක් සහිතව පාකිස්තානය ආරම්භ කළේය.

පළමු පන්දුවාර දෙකේදී පාකිස්තානය ලකුණු 15ක් රැස්කළාත් සිවුවැනි පන්දුවාරයේදි ස්ටම්ප් කිරීමකින් ඔහු ආරක්ෂා විය. පෙරේරාට ස්වීප් පහරක් එල්ල කරමින් ශාෆික් සිය ශතකය සම්පූර්ණ කළේය. නමුත් දිල්රුවන්ගේ ඊළඟ පන්දුවාරයට ශාෆික් ලබාදුන් උඩපන්දුවක් රැක ගැනීමට දිමුත් කරුණාරත්නට නොමැකි විය.

පාකිස්තානයේ වාසනාව අවසන් වූයේ සර්ෆාස් එල්ල කළ ස්වීප් පහර උඩපන්දුවක් ලෙද ණුවන් ප්‍රදීප් රැක ගැනිමත් සමගිනි.  ශාෆික් හා සර්ෆාස් ලකුණු 173ක සබඳතාවක් පැවැත්විය. තරගයේ ජයග්‍රහණය සඳහ ලකුණු 92ක් අවශ්‍ය තබියදී සෆ්රාස් දැවී ගියේය. ඒ තරගයේ යොමුකළ 79 වැනි පන්දුවාරය තුළදීය. පාකිස්තානයේ අවසන් කඩුලු පහ ලකුණු 23ක් තුළ පන්දුවාර 12කදී අවසන් විය.

ලකුණු 317ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 52ක් තුළ දැවී ගියේ සඳුදා (ඔක්තෝබර් 09දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විටය. එම කඩුල් පහෙන් කඩුල් තුනක්ම දවාගත්තේ දිල්රුවන් පෙරේරාය.

පාකිස්තා ටෙස්ට් නායකයා ලෙසින් පළමු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ සර්ෆාස් තරගයේ පරාජයෙන් කනගාටුවට පත්ව ඇති අයුරු දිස්විය. “ අපි තරග දෙකේම ආසන්නයට අවා. නමුත් අවසන් කරන්න බැරිවුණා. අපිට දිග ඉනිම් හා දිගු සබඳතා අහිමි වුණා. තරගාවලියේ ජය වෙනුවෙන් ඔවුන්ට ගෞරව කරන අතරම ශ්‍රී ලංකාවට සුවිශේසී සේවයක් කළ දඟ ප්න්දු යවන්න් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම රංගන හේරත් ”