පස්වැනි එක්දින තරගයේදි ලකුණු 63ක් වාර්තා කළත් හර්දික් පාණ්ඩ්‍යා වෙනුවෙන් ස්ථානය ලබාදීමට කේඩාර් ජාඩෙව්ට සිදුවෙනු ඇත. © Getty Images

පස්වැනි එක්දින තරගයේදි ලකුණු 63ක් වාර්තා කළත් හර්දික් පාණ්ඩ්‍යා වෙනුවෙන් ස්ථානය ලබාදීමට කේඩාර් ජාඩෙව්ට සිදුවෙනු ඇත. © Getty Images

ඉන්දීය කණ්ඩායමේ අවසන් අදියර වැස්ස විසින් තීරණය කිරීමට ඉඩ තිබෙන අවස්ථාවක කණ්ඩායම් දෙකම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නොමැත.

ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා එක් විස්සයි20 තරගයකින් සමන්විත දීර්ඝ ඉන්දීය තරගාවලිය නිමාකරමින් විස්සයි20 තරගය බදාදා (සැප්තැම්බර් 06දා) ආර් ප්‍රේමදාස පිටියේදී  පැවැත්වීමට නියමිතය.

නමුත් අඟහරුවාදා දිනය පුරාම කොළඹ වර්ෂාවෙන් බැට කෑවේය. ඒ අනුව කණ්ඩායම් දෙකම සිය පුහුණු සැසි අත්හළේය. ඒ අනුව තරගාවලිය නිමා කරමින් පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකම පිටියට පැමිණීමකින් තොරව අවසන් වන හැඩක් පෙනෙන්ටන තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ තරගය පැවැත්වෙන දිනයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

යම් හෙයකින් තරගය පැවැත්වුවහොත් විරාත් කෝලිගේ කණ්ඩායම මෙම තරගයේදී අනුකම්පා විරහිත අයුරින් ක්‍රීඩා කරනු ඇත.

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමෙන් පසුව පැවැති එක්දින තරගාවලියද 5-0ක් ලෙස ජයගත්තේය. ඉන්දියාවට තරගාවලියේදි ප්‍රතිඵලයක් නොලැබුණු එකම තරගය වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා පැවැති පුහුණු තරගයයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අඛණ්ඩව පවත්වාගෙන එන පරාජයේ ගමන මෙම තරගයේදීත් ඒ ආකාරයෙන්ම ඉදිරියට යනු ඇත. සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති සිවුවැනි එක්දින තරගයේ පටන් ශ්‍රී ලංකාව පරාජය වෙමින් තිබෙන අතර එම තරගාවලියද 3-0ක් ලෙස පරාජයට පත්විය.

විස්සයි20 තරගයට අලුත් මුහුණු හයක් ගෛනවිත් තිබේ. එය සත්කාරකයන්ගේ පරාජයේ ගමන අවසන් කිරීම සඳහා ගන්නා අවසන් උත්සාහයයි. ඒ හරහා කණ්ඩායමේ මේන්ම සමස්ත ජාතියේම ධෛර්ය වර්ධනය කිරිමට අපේක්ෂා කරයි.

තරගාවලිය ආරම්භවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අවස්ථා හතකදී වෙනස් වූ අතර ක්‍රීඩකයන් 10කට අධික සංඛ්‍යාවක් මාරු කළේය. පල්ලෙකැලේ තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලහකාර ලෙස හැසිරීමෙන් පසුව සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම්  කමිටුව පවා සිය ඉල්ලා අස්වීම මේ වන විට යොමුකර තිබේ.

යම් හෙයකින් තරගය පැවැත්වුවහොත් විරාත් කෝලිගේ කණ්ඩායම මෙම තරගයේදී අනුකම්පා විරහිත අයුරින් ක්‍රීඩා කරනු ඇත. © AFP

යම් හෙයකින් තරගය පැවැත්වුවහොත් විරාත් කෝලිගේ කණ්ඩායම මෙම තරගයේදී අනුකම්පා විරහිත අයුරින් ක්‍රීඩා කරනු ඇත. © AFP

ඉන්දියාවට මෙවැනි ගැටලු නොතිබුණි. සෑම තරගයක් සඳහාම ඔවුන් පිටියට පිවිසෙන්නේ සැලසුමක් යටතේය. වාසනාවකට එම සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාවට සම්පත්ද ඇත. එකම විස්සයි20 තරගයේදීත් එයම සිදුවෙනු ඇත.

තරගයේ තත්ත්වය අනුව ඉන්දීය කණ්ඩායම තුළ වෙනස්කම් එකක් දෙකක්  සිදුවෙනු ඇත. බොහෝ විට පස්වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට සමාන කණ්ඩායමක් මෙම තරගයටත් ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබේ.

පස්වැනි එක්දින තරගයේදි ලකුණු 63ක් වාර්තා කළත් හර්දික් පාණ්ඩ්‍යා වෙනුවෙන් ස්ථානය  ලබාදීමට කේඩාර් ජාඩෙව්ට සිදුවෙනු ඇත. කෙසේ වෙතත් යම් හෙයකින් කේඩාර් ජාඩෙව් මෙම තරගයට ක්‍රීඩා කළොත් ස්ථානය අහිවීමට ඉඩ ඇත්තේ  පස්වැනි එක්දින තරගයේදී සාර්ථක නොවුණු අජින්කේ රාහානේ විය හැකිය.

එය එසේ වුවහොත් කෝලි රෝහිත් සමගින් ඉනිම ආරම්භ කරනු ඇත. පන්දු යැවීමේදී ආක්ෂාර් පටේල් වෙනුවට දදහාල් කණ්ඩායමට පැමිණෙනු ඇත. චහාල් පස්වැනි එක්දින තරගයට ක්‍රීඩා නොකළේය.

මේ දක්වාම ඉනිදීය කණ්ඩායමට දක්ෂ කණ්ඩායමක් සිටියි. නමුත් කෙටි තරග රටාවක ඕනෑම දෙයක් සිදුවිය හැක. ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන්නේ පරාජය අවසන් කිරීමටය. එය එසේ වන්නේ වර්ෂාවෙන් බාධාවක් සිදු නොවුණ හොත් පමණි.

ඉන්දීය කණ්ඩායම – විරාත් කෝලි(නායක), රෝහිත් ශර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, මනීෂ් පාණ්ඩේ, අජින්කේ රහානේ, කේඩාර් ජාඩෙව්, එම්.එස්. දෝනි (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ආක්ෂාර් පටේල්, කුල්දීප් යාදව්, යුෂ්වෙන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් භුම්රා, භුවනේස්වර් කුමාර්, ශර්දුල් ඨාකූර්

ශ්‍රී ලංකා කණ්ඩායම – උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය