ස්වාභාවික විපත්වලින් ගැටලුවට පත්ව සිටින ළමුන් වෙනුවෙන් ආධාර රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට නියමිතය. © AFP

ස්වාභාවික විපත්වලින් ගැටලුවට පත්ව සිටින ළමුන් වෙනුවෙන් ආධාර රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට නියමිතය. © AFP

නියඟය හා ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ළමුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට ආධාර ලබාදීමේ අරමුණනින් අරමුදල් රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. තරගය සැප්තැම්බර් 08 දා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි දි සිල්වා මහතා ඉරිදා (13දා) මේ බව තහවුරු කර අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේන්ම ලෝක කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම එම කණ්ඩායම් නියෝජනය කර ඇති ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් එයිඩ් වැඩසහටන යටතේ පවත්වන තරගය අයි.සී.සී. අවසරය ලැබී තිබේ. ක්‍රිකට් එඩ් වැඩසටහන 2004 වසරේදී ආරම්භ කළ අතර පසුගිය නිලවරණයෙන් පසුව එම වැඩසටහන නැවතත් සක්‍රීයව ක්‍රියාත්මක වෙයි.

“ තරගයට එක්වෙන ක්‍රීඩකයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට අපට හැකියාවක් නෑ. මේ පිළිබඳව අයි.සී.සී.විධායක කමිටු රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කටයුතු කළා. නියඟයෙන් හා ගංවතුරින් විටපත් පත් ළමුන් වෙනුවෙන් ආධාර එක්කිරීමට මෙම තරගය පැවැත්වෙනේ. ඒ සඳහා අයි.සී.සී. යේ සහාය අපට ලැබුණා. ඉන්දියාවත් ඇතුළුව ලෝක කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් රටවල් හතේ ක්‍රීඩකයන් තරගාවලියට එක්වෙතැයි අපි අපෙක්ෂා කරනවා.”

“අපි තවමත් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ අනෙක් රටවල් සමග කතා කිරීමෙන් පසුවයි. අවාසනාවකට කුමාර් සංගක්කාරට මේ තරගයට එක්වෙන්න බෑ. මොකද ඔහු විදෙස් කණ්ඩායම් කිහිපයක් සමග ක්‍රීඩා කරනවා. මේ පිළිබඳව අපි මහේලටත් කතා කළා. ඔහුටත් යොදාගත් වැඩ තිබෙනවා. ඔහු පැවැසුවෙන් තරගයට එන්න උපරිම ලෙස උත්සාහ කරන බවයි . හැකියාවක් තිබුණොත් ඔහු තරගයට එයි.”

කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම සනත් ජයසූරිය මෙම තරගයට ක්‍රිඩා කිරීමට නියමිතය. තරගය හරහා උපයා ගැනීමට අපෙක්ෂා කරන ආධාර මුදල රුපියල් මිලියන 35-40ක් පමණ බව ඈෂ්ලිද සිල්වා මහතා පැවැසීය.

“ අපි මේ තරගාවලිය ගැන මාස කිහිපයක් තිස්සේ කතා කරනවා. අපි අද මේ තරගාවලිය ඉදිරියට යන බව නිල වශයෙන් දැනුම් දෙනවා. ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න මහතා පැවැසීය.