Ravindra Jadeja, Virat Kohli

ක්‍රීඩකයන් ඉදිරියට යාමේදී මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මාර්ගෝපදේශණයත් මේ වගේම ඉදිරිය යාවි කියා –  ජඩේජාගේ තහනම පිළබඳව කෝලිගේ අදහස. © AFP

දැනටමත් ප්‍රතිඵලය තීරණය වී ඇති තරගයකදී පවා තමන්ට සිටින බලපෑම් කළ හැකිම ක්‍රීඩකයා අහිමිවීම ගැටලුවකි. ක්‍රීඩකයෙකුගේ පවතින් ස්වාභාවික ගැටලුක් හේතුවෙන් ඔහුව අහිමිවෙනවාට වඩා අයි.සී.සී. තහනමක් හේතුවෙන් ක්‍රීඩකයෙක් තරගයකට අහිමිවීම තිත්ත කරුණකි.

එස්.එස්.සී. පිටියේදී දිමුත් කරුණාරත්නට අනතුරක් වෙන හේතුවෙන් පන්දුව යොමු කිරීමේ වරදට වැරදිකරුවීම හේතුවෙන් තරග තීරක රිචි රිචඩ්සන් ඉන්දීය කණ්ඩායම් සුපිරි පන්දු යවන්නෙකු මෙන්ම දැනට ලෝකයේ සිටින අංක 1 ටෙස්ට් පන්දු යවන්නා වන රවීන්ද්‍ර ජඩේජාට සෘණාත්මක ලකුණු තුනක් ලබාදී ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද පැනවීය. මීට අමතරව ඔහු නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් එකතු වූ සෘණාත්මක ලකුණුත් හේතුවෙන් ඔහුට පල්ලෙකැල් ටෙස්ට් තරගය තහනම් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදි හඳුන්වාදුන් නව නීති සමග මෙය ක්‍රියාවට නැංවෙයි. ඉන් මාස 11 කට පසුව එහි ක්‍රියාකාරිත්වයන් හි ප්‍රතඵල දැන් පෙනෙන්ට තිබෙන අතර මේත සමග කණ්ඩායම් කළමනාකාරිත්වයට අවදිව සිටිමින් ක්‍රීඩකයන්ව වැරදි සඳහා යොමු නොකිරීමට කටයුතු සම්පාදනය කිරීමට සිදුව ඇත.

ජඩේජාට ලබාදුන් තරග තහනම පිළිබඳව කෝලිට ගැටලුවක් නොමත. නමුත් එවැනි අකාරයකට දඩුවම් පැනවීමේදී යම් ස්ථායිතාවයක් අවශ්‍ය බව කෝලි 11දා පැවැසීය.

“පළමුවෙන්ම මෙයට ඇතුළත් දේ පිළිබඳව අප දැනගත යුතු වෙනවා. දෙවැනුව ක්‍රීඩකයන් පිටියද යද්දී මේ ගැන දැනැවුත් විය යුතු වෙනවා. පිටිය තුළදී ගොඩක් දේවල් සිදුවෙනවා. නමුත් එයින් ඔබට සිදුවන පාඩුව ගැන ඔබ නොදැනුවත්නම් ඔබගේ ලකුණු දෙක තුනක් අඩුවෙනවා”

“ මේ ගණනය කිරීම් ගැන ක්‍රීඩකයන් සිය මනසේ තබාගත යතු වෙනවා. ඒක පොඩි දෙයක් වුවත් අවසන් ප්‍රතිඵලය නරක වෙන්න පුළුවන්. මොකද නිසැකවම එය ක්‍රීඩකයාට විරුද්ධව ගණනය වෙන දෙයක් නිසා”

“ නමුත් තත්ත්වයක් පිළිබඳව කොහොමද බලන්නේ කියලා මෙහිදී ගැටලුවක් පවතිනවා. ඒක ස්ථාවර නම් ගැටලුවක් නෑ. මොකද ක්‍රීඩකයන් ඒ ගැන දන්නවා. ඒ හරහා ඔවුන් ආරක්ෂා වෙන්න බලනවා. එහිදී  ක්‍රීඩකයන් පිටිය තුළදී හොඳින් හැසිරෙනවා මෙන්ම තරගය හොඳින් ඉදිරියට පවත්වාගෙන යෑමටත් ආධාරයක් බවට පත්වෙනවා.”