විරාත් කෝලිගේ නමට ඉදරියෙන් මේ වන විට ශතක 30ක් තිබේ. රිකී පොන්ටින්නුත් එම ගණනම රැස්කර තිබේ. දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කළ සචින්ට පමණි. © Getty Images

විරාත් කෝලිගේ නමට ඉදරියෙන් මේ වන විට ශතක 30ක් තිබේ. රිකී පොන්ටින්නුත් එම ගණනම රැස්කර තිබේ. දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කළ සචින්ට පමණි. © Getty Images

විනාඩි කිහිපයක පෙරාතුව ශ්‍රී ලංකාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු හයක ජයක්  ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීය. ඒ ඔහුගේ අතිවිශිෂ්ඨ ශතකයත් සමගිනි. ඒ අනුව තරගාවලියෙන් ඉන්දියාව 5-0ක ජයක් ලැබූ අතර කෝලි වාර්තා කලේ සිය 30 වැනි එක්දින ශතකයයි.

ඔහුලේ නොදැවුණ ලකුණු 110 පන්දු 116කදී වාර්තා වූ අතර ඊට පෙරාතුව පැවැති තරගයේදීද පන්දු 96කදී ලකුණු 131ක් රැස්කළේය. ඒ අනුව ඔහු එක්දින තරග වලදී ශතක රැස්කිරීම අතින් ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්ට සමවූයේ වැඩිම එක්දින ශතක ප්‍රමාණයක්  රැස්කළ ලොව දෙවැනි ක්‍රීඩකයා  බවට පත්වෙමිනි. පොන්ටින් ඒ සඳහා ඉනිම 365ක් වැය කළ අතර කෝලි වැය කළේ ඉනිමන 194කි. ශතක සටහනේ ඉදිරියෙන්ම පසුවන සචින්ගේ නමට ශතක 49ත් පවතී.

“ඔබ වෘත්තීමය දිවියේ ඉදිරියට යන විට මෙ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබ මේ වගේ දේවල් ඉලක්ක කරන්නේ නෑ. මේ වාර්තා ඔබ ලබාගැනීමෙන් පසුව ලෝකයේ කොහෝ හෝ ස්ථානයක ඒවා බිඳ වැටෙනවා” යැයි කෝලි පැවැසීය.

“පොන්ටින් වගේ ක්‍රීඩකයෙක්ව සම කිරීමට ලැබීම මට ගෞරවයක්. ඔහු හොඳ පිතිකරවෙක් වගේම හොඳ ක්‍රීඩකයෙක්. අපි හැම කෙනෙක්ම ඒ ශ්‍රේෂ්ඨ ක්‍රිඩකයන් කර ඇති දේට ගරු කරනවා”

“ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකුට සමවමී ගැන මම සතුටුවෙනවා. නමුත් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්. මේවා නැතිවෙන්න පුළුවන්. මම ඒ ගැන හිත්නේනේ නෑ” යැයි කෝලි පවසයි.

කණ්ඩායම මේ වන විට හොඳින් දක්ෂතා දැක්වීම ගැන නායකයාට සතුටක් තිබේ.

“ අපි ටෙස්ට් තරගවලදීත් හොඳන් කළා. එක්දින තරගාවලියට පෙරාතුව අපි ටෙස්ට් තරග තුනක් අඛණ්ඩව ජයග්‍රහණය කළා. කොදෙව් තරගාවලියේ අවසන් තරගයේ සිට මේ දක්වාව අපි එක්දින තරග හයක් ජයගෙන තිබෙනවා. ඒ තමයි අපිට අවශ්‍ය දේ”

“අපිට කණ්ඩායම තුළ හොඳ පුරුදු ඇති කිරීමට අවශ්‍යයි. අපි හැමවෙලාවෙම අපිට අභියෝග කර ගන්නනවද කියා සිතිය යුතුයි. හොඳ පුරුදු නිර්මාණය කිරීම අපහසුයි. ඒවා නිර්මාණය කිරීමෙන් පසුව පහසුවෙන් ක්‍රීඩාව ගමන් කරනවා. අපිට කිසිම අවස්ථාවක තෘප්තිමත් වෙන්න අවශ්‍ය නෑ”

තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසුව කිහිප දෙනෙකු ඉන්දියාව තෘප්තිමත් වීම ගැන විවේචන එල්ල කළේය. ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්විය.

එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව 238ක් විය. එය පස්වැනි එක්දින තරයේදී පන්දුවාර 49.4කදී වාර්තා විය. ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු දෙක ඉක්මනින් දැවී ගියත් කෝලි එය කළමනාකරණය කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ කඩුලු 4ක් වැයකරමිනි. ලකුණු 239 පන්දුවාර 46.3කින් නිමාවට පත්විය.

“අවසන් තරගයේ තණ තීරුව හා බැලීමේදී කලින් පැවැති තරගයට වඩා ගොඩක් වෙනස්. එය දින දෙකක් පමණ වසා තිබුණා. දඟ පන්දු යවන්නන්ට විකට්ටුව හොඳයි. පන්දුව පිත්තට ආවේ නෑ”

“ මගේ ශතකයේදී මට වාර්තා කිරීමට හැකිවූයේ හතරේ පහර 9ක් පමණයි. ගොඩක් උණුසුම් කාලගුණක් යටතේ මම දිගු ඉනිම් දෙකක් ක්‍රීඩා කළා. මෙවැනි තත්ත්වයක එක ලකුණකට ලකුණු දෙකකට යනවා කියන එක අභියෝගයක්. අපි දෝනිත් සමග මේ තරගයට ක්‍රීඩා කළේ පිතිකරුවන් 6ක් සමගයි. ඉතින් මට පිටියේ රැඳී සිටීම වැදගත් වුණා. ඒ වගේම වැඩි අවධානම් පහරවල්වලින් වැළකීමත් අවශ්‍ය වුණා.”

“ඔබේ වෘත්තීයම දිවියේ මේ වැගේ අවස්ථාවක් ගැන දැන සිටීමත් කණ්ඩායමට අවශ්‍ය මොනවද කියා දැන සිටීමත් වැගත්. අවසන් තරගයේදී මට ඕන වුණේ මගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නයි. අපි ලකුණු 29-2ක් දැවී සිටින විට මේ තරගයේදී මට වගකීමක් තිබුණා. එය ඔබ කලින් සැලසුම් කරන්නේ නෑ. ඔබ තත්ත්වයට අනුගත විය යුතුයි. ” යනුවෙන්ද ඔහු පැවැසීය.